දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ටියුෂන් ගුරාට රසායන විද්‍යා ප්‍රශ්න යැව් චීන තාක්ෂණය මෙන්න.
Homeප්‍රවෘත්ති

ටියුෂන් ගුරාට රසායන විද්‍යා ප්‍රශ්න යැව් චීන තාක්ෂණය මෙන්න.

PropellerAds

අමතර පංති ගුරුවරයකුගේ සහාය ලබාගෙන උසස්‌ පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලබාදීම සඳහා කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ල...

රිෂාඩ් මොකක්ද අපි මධුමාධව දවස් 35ක් හංගගෙන හිටියේ - ඇමති ගම්මන්පිල CID ට මඟපෙන්වයි (VIDEO)
ඉන්දියාවෙන් පැමිණි බ්‍රැන්ඩික්ස් සේවකයන් නිරෝධායනයේ අක්‍රමිකතා… බ්‍රැන්ඩික්ස් ආයතනයට දඩුවම් දිය යුතුයි! – වියත්මග ලේකම් අනුර ප්‍රනාන්දු
ජෝන්ට දැන් වයසයි – රනිල්, එජාප මන්ත්‍රී ධුරය අකිලට දෙන්න සුදානම් වෙයි.

අමතර පංති ගුරුවරයකුගේ සහාය ලබාගෙන උසස්‌ පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලබාදීම සඳහා කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලබමින් සිටි සැකකාර ශිෂ්‍යයා අධි තාක්‌ෂණික උපකරණයක්‌ භාවිත කර ඇති බව අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව හෙළි කරගෙන ඇත.

මෙම අධි තාක්‌ෂණික උපකරණය අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර ශිෂ්‍යයා තම පියාගේ ක්‍රෙඩිට්‌ කාඩ්පත උපයෝගී කරගෙන අන්තර්ජාලය හරහා අදාළ අධි තාක්‌ෂණ උපකරණය චීනයෙන් ගෙන්වාගෙන ඇති බවද හෙළි වී ඇත.

සැකකාර ශිෂ්‍යයා මෙම අධි තාක්‌ෂණික උපකරණය භාවිත කර ඉතාම සුක්‌ෂම ලෙස රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය ස්‌කෑන් කර එය අමතර පංති ගුරුවරයාගේ ලැප්ටොප් පරිගණකය වෙත අන්තර්ජාලය හරහා යවා ඇත.

කනේ රඳවාගෙන සිටි මයික්‌ එකක්‌:

එම ප්‍රශ්න පත්‍රයට අදාළ පිළිතුරු අමතර පංති ගුරුවරයා විසින් විභාග මධ්‍යස්‌ථානයේ සිටි සැකකාර ශිෂ්‍යයාට ලබා දී ඇත්තේ ඔහු ඉතාම සූක්‌ෂම ලෙස කනේ රඳවාගෙන සිටි මයික්‌ එකක්‌ මාර්ගයෙන් බවද අනාවරණය වී ඇත.

රුපියල් එක්‌ ලක්‌ෂ විසිඑක්‌ දහසක්‌ වටිනා මෙම අධි තාක්‌ෂණ උපකරණය කිසිවකුවත් සැක නොසිතෙන ආකාරයට ශරීරයේ සඟවාගෙන සිටිය හැකි බවද පොලිසිය පවසයි.

රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට අමතර පංති ගුරුවරයකුගේ සහාය තම පුත්‍රයාට ලබාදීම සඳහා කටයුතු කළ ඔහුගේ පියා පොලිස්‌ රෝහලේ රාජකාරි කරන වෛද්‍යවරයෙකි. ඔහු සහකාර පොලිස්‌ අධිකාරි තනතුරක්‌ද හොබවයි.

මේ වන විට සැකකාර ශිෂ්‍යයා සහ ඔහුගේ පියා වන වෛද්‍යවරයා රක්‌ෂිත බන්ධනාගාරගත කර සිටිති.

මෙම සිද්ධියට සම්බන්ධව අමතර පංති ගුරුවරයා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක්‌ පවත්වාගෙන යයි.

අපොස උසස්‌ පෙළ විභාගයේ රසායන විද්‍යාව 2 ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක්‌ අත් පත්‍රිකාවක මුද්‍රණය කර විභාගය අවසන් වීමට පෙර එය ගම්පහ නගරයේ ප්‍රධාන පෙළේ පාසල් සහ අමතර පංති කීපයක්‌ අවට බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී මෙම සිද්ධියේ සුලමුල හෙළි විය.

අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‌ෂණ පවත්වාගෙන යයි.

(දිවයින)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ටියුෂන් ගුරාට රසායන විද්‍යා ප්‍රශ්න යැව් චීන තාක්ෂණය මෙන්න.
ටියුෂන් ගුරාට රසායන විද්‍යා ප්‍රශ්න යැව් චීන තාක්ෂණය මෙන්න.
http://ift.tt/2wG4VyX
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_416.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_416.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy