බැලුම් හෙලනා කෙනෙහි හිතට නැඟුනේ නැද්ද මිනිසුනේ; තවත් එක ගැහැණියකම නොවේ මවක, සොයුරියක, දියණියක, බිරිඳක කියා මම? රාගයේ ගිනි කන්ද...
බැලුම් හෙලනා කෙනෙහි
හිතට නැඟුනේ නැද්ද මිනිසුනේ;
තවත් එක ගැහැණියකම නොවේ
මවක, සොයුරියක, දියණියක, බිරිඳක කියා මම?
රාගයේ ගිනි කන්ද පුපුරුවා ලන පිණිස
නිවී යන හීන් ගිනි පුළිගුවක් වී මෙලෙස
ඔට්ටූ අල්ලන්නෙ නැති සල්පිලේ
තුට්ටු දෙකකට විකුට මගේ ගත උණු රුහිරු
අසරණව ඉකි බිඳී ගැහැණුකම මා අසල
COMMENTS