සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වූ බව කියන පිරිසක් එම වෙබ් අඩවිය හැක් කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව එම වෙබ් අඩවියට පිවිසිය නො...
සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වූ බව කියන පිරිසක් එම වෙබ් අඩවිය හැක් කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව එම වෙබ් අඩවියට පිවිසිය නොහැකි වන අයුරින් බැනරයක් ප්‍රදර්ශනය වීමට සලස්වා ඇත. එම්.සී.ඒ නමින් හඳුන්වාගත් ලාංඡනයක් එහි පළ කර තිබේ.
හැක් කරනු ලැබුවේ ඉසෙඩ් විසින් බව එහි සඳහන් වේ. ‘උතුම් ජීවිත පරිත්‍යාගය‘ යනුවෙන් ඉන්දුනීසියා බසින් එහි සටහන් කර තිබේ.
එම් සී ඒ යනු ඉන්දුනීසියා සංවිධානයක් බව පවසති.
මීට පෙර ජනාධිපතිවරයාගේ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළුවීයැයි පාසල් සිසුවෙක් ද අත්අඩංගුවට පත් විය.
COMMENTS