දිනය-2009.ජනවාරි 08 වේලාව-උදෑසන 10.20 ට පමණ. ස්ථානය-අත්තිඩිය. සිදුවිම-ජෙශ්ඨ මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග ඝාතනය. ඔහුගේ මරණයට අදින් හරිය...
දිනය-2009.ජනවාරි 08
වේලාව-උදෑසන 10.20 ට පමණ.
ස්ථානය-අත්තිඩිය.
සිදුවිම-ජෙශ්ඨ මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග ඝාතනය.
ඔහුගේ මරණයට අදින් හරියටම අවුරුදු 6යි මාස 6යි දින 23ක් ගෙවුනද ඔහුගේ මතකයෙන් මිදිමට කිසිවෙකුට නොහැකි වනු ඇත්තේ ඔහුගේ නිර්වයාජත්ව සිනහව හා ඍජු අදහස් දැක්වීම හැකියාව බව නම් අව්වාදිතය.
රාජපක්ෂවරුන්ගේ මජර පාලනය පිලිබද ඔහුගේ දැක්ම අදටත් අවිවාදිතය.අදටත් වලංගුය.
උපුටා ගැනිම........
(2009.ජනවාරි.11.අනතුරුව ඔවුන් මා සොයා පැමිනෙන්නාහ ලිපිය අසුරෙන්)
"ඇත්තෙන්ම ඔබගෙ හැසිරීම,සෙල්ලම් බඩු කඩයකට හදිසියේ අත හැර දැමු කුඩා දරුවෙකු වැනිය.
ඒ උපහැරනය එතරම් නිවරිදි නොවන්නේ,මෙතරම් ලේ කන්දරාවක් ගලා හරින්නට කිසිදා දරුවෙකු ඔබ මෙන් ක්‍රියා නොකරනු ඇති හෙයිනි.
එ වගේම ,මේ රටේ පුරවැසියන් ගෙ අයිතිවසිකම් ඔබ මෙන් පගා නොදමනු ඇති හෙයිනි.
බලයෙන් මුසපත්ව ඔබ ඉන්නා හෙයින් දැනට නොපෙනුනත් ,ඔබගේ පුතුන්ට මෙවැනි ලේ කන්දාරාවක් උරුම කර ගැනීමට සිදු විම ගැන,දිනක ඔබ කම්පා වනු ඇත.එය ගෙනෙනු ඇත්තේ ඛේදවාචකයක් පමනි.
ඔබට තේරීමක් නැත.ඔබ ගැන මම කණගාටු වෙමි.ඊලග වාරයේ පවු සමා කර ගැනිමට ගිය විට,ශිරන්තිට බෝහෝ වේලා දනින් වැටි සිට්න්නට සිදුවන්නීය.
ඇයට ඇයගේ පව් පමනක් නොව,ඔබව බලයේ තබා ගන්නා, ඇයගේ චාති සනුහරයේ පව්ද සමා කර ගැනීමට සිදු වන හෙයිනි.
එහෙත් මගේ පැත්තෙන් මා මගේ මැවුම් කරු හමු වන්නට යන්නෙ පිරිසුදු හර්ධය සාක්ශියක් ඇතිවය.ඔබට ඔබගෙ දිනය පැමිනි විට,එසේ යාමට හැකි වේවා යැයි මම ප්‍රාර්ථනා කරමි,මම එසේ පතමි.
උපුටා ගැනිම අවසන්.................
ඇත්තටම මේ ලිපිය සන්ඩේ ලිඩර් පුවත් පතේ පල වුනේ 2009.01.11 වන විටය.එ වන විටත් ලසන්ත අප හැර ගොස් දින දෙකකි.මිය යන්න දිනකට පෙර ලියු මෙම ලිපිය ශිරන්ති ප්‍රමුක රාජපක්ශ පවුලට අදටත් වලංගුය.
තජුඩින්ගෙ මරනය සම්භන්දයෙන් ශිරන්ති හා යෝශිතට අපරාදා පරික්ශන දේපාර්තමෙන්තුව මග හැරිමට සිදු වි අත්තේ ලසන්ත එදා සදහන් කල ශිරන්තගෙ මර බිය නිසාවෙන්ද?
සටහන-Nilanga R Madugoda.
COMMENTS