ශ්‍රී ලංකාවේ යුද වැන්දඹුවන් වහලුන් ලෙස ගල්ෆ් කලාපයට යවන මිනිස් ජාවාරමක් සිදුකෙරෙන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ශ්‍රී ලංකා විදේශ සේ...
ශ්‍රී ලංකාවේ යුද වැන්දඹුවන් වහලුන් ලෙස ගල්ෆ් කලාපයට යවන මිනිස් ජාවාරමක් සිදුකෙරෙන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්ත අනුව 2015 හා 2016 වසර වල ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයෙන් කාන්තාවන් 1,000කට වැඩි පිරිසක් ගල්ෆ් කලාපයේ ගෘහසේවිකාවන් ලෙස රැකියා සොයා ඇති අතර ඔවුන්ගෙන් වැඩිපිරිසක් ගෘහමූලික කාන්තාවන් ඇති නිවෙස් වලිනි. කෙසේවෙතත්, මහබැංකු දත්ත වලට අනුව 2011දී මෙලෙස රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව 300ක් පමණි.
රොයිටර් පුවත් සේවය විසින් වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මෙසේය :
ගෘහසේවිකාවන් ලෙස ගල්ෆ් කලාපයට වාර්ෂිකව පිටත්ව යන කාන්තාවන් සංඛ්‍යාව 100,000කට අධික වන අතර, මේ සංඛ්‍යාව හා සැසඳීමේදී උතුරෙන් මෙවැනි රැකියා සඳහා යොමුවන සංඛ්‍යාව අඩුවුවත්, එම සංඛ්‍යාව වැදගත් වන්නේ මීට කිහිප වසරකට පෙර එම ප්‍රදේශයෙන් ගෘහසේවිකාවන් ලෙස පිටත්ව ගිය සංඛ්‍යාව ඉතා අල්ප වීම හේතුවෙන් බව යාපනයේ පුණ්‍යායතනයක් වන Social Organizations Networking for Development හි විධායක අධ්‍යක්ෂක - එස්. සෙන්තුරාජා මහතා පවසයි.
පවුලක සාමාජිකයන් සිවුදෙනෙක් දක්වා බලාගන්නා මෙම කාන්තාවන්, සිය ආර්ථික අපහසුතා හේතුවෙන් මුදල් ණයට ලබාගැනීමට පෙළඹෙන අතර, මිනිස් ජාවාරම් ජාල මගින් සූරාකෑම් වලට අනාවරණය වේ.
Association for Friendship and Love පුණ්‍යාතනයේ ප්‍රධානී රවින්ද්‍ර ද සිල්වා මහතා පවසන්නේ මෙවැනි අවස්ථා සඳහා පොළඹවාගැනීමට පහසුම පුද්ගලයන් වන්නේ මෙවැන්නන් බවයි.
ආර්ථික අපහසුතාවලින් හා ණයබරින් පීඩිතව සිටින මෙවැනි කාන්තාවන් සොයාගැනීම සඳහා බඳවාගැනීමේ ඒජන්සි විසින් ග්‍රාමීය සමාජ තුළ විශ්වාසය දිනාගෙන සිටින ගැමියන් යොදාගනියි. මෙම ගැමියන් විසින් මුදල්හදල්, සැප සම්පත් ඇති සිහින මවන අතර, ඔවුන් ගේ දැලට අසුවන කාන්තාවන් ට කිරීමට ඇත්තේ ගිවිසුමකට අත්සන් තැබීම ඇතුළු ලිපිලේඛන කිහිපයක් පිරවීමයි. කෙසේවෙතත්, ඔවුන් ට අදාල වන කොන්දේසි පිළිබඳ ඔවුන්ට දැනුමක් නැත.
රජය විසින් උතුරේ සංවර්ධනය සඳහා ඩොලර් බිලියන ගණනක් වැය කළ ද එම ප්‍රදේශ වල සිටින බවට ඇස්තමේනතු කර ඇති 90,000ක් පමණ යුද වැන්දඹුවන් වෙනුවෙන් වැඩියමක් සිදුකර නැත.
(රොයිටර් පුවත් සේවය ඇසුරෙනි)
COMMENTS