ඉ දිරි ජනාධිපතිවරණයේ දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස පක්ෂයට හෝ පාක්ෂිකයින්ට කිසිදු අසාධාරණයක් සිදු නොවන සහ කිසිවෙකු අසීරුතාවයට පත් නොවන ගෞරව...
ඉදිරි ජනාධිපතිවරණයේ දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස පක්ෂයට හෝ පාක්ෂිකයින්ට කිසිදු අසාධාරණයක් සිදු නොවන සහ කිසිවෙකු අසීරුතාවයට පත් නොවන ගෞරවනීය තීන්දුවකට එළැඹෙන බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන මන්ත්‍රීවරියන් සමඟ(19) කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති හමුවක දී ය.
දිවයිනම නියෝජනය කරමින් මන්ත්‍රීවරියන් හමුවට එක්ව සිටි අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළේ දී කාන්තා පෙරමුණ වඩා ශක්තිමත් කරමින් එහි සක්‍රීය දායකත්වය පක්ෂය වෙනුවෙන් ලබා ගැනීම පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ලෙස සියලුදෙනාට සතුටුවිය හැකි ශක්තිමත් දේශපාලන වැඩපිළිවෙළක් ඔස්සේ පක්ෂයේ කටයුතු ඉදිරියට මෙහෙයවන බවයි.
මේ රටේ පොදු ජනතාවගේ මෙන්ම මව්වරුන්ගේ පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමේ දී කාන්තා නියෝජිතවරියන්ට සුවිශේෂී වගකීමක් පැවරෙන අතර වත්මන් සමාජමය තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් යහපත් සමාජයක් සහ රටක් ගොඩනැගීමට සිය සක්‍රීය දායකත්වය ලබාදීම එම සියලුදෙනාගේ වගකීම බව ද කියා සිටියේ ය.

COMMENTS