ශිරන්ති රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ දිගින් දිගටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගහැරීම නිසා මේ තත්ත්වය මතු වී තිබේ. ලබන 15 වැනිදා අපරාධ පරීක...
ශිරන්ති රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ දිගින් දිගටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගහැරීම නිසා මේ තත්ත්වය මතු වී තිබේ.
ලබන 15 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ඔවුන්ට අවසාන නිවේදනයක් නිකුත් කර ඇති අතර, එම නිවේදනයට අනුව ඔවුන් නොපැමිණියහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129/6 වගන්තියට අනුව ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට තීරණය කර තිබේ.
මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ ද චන්ද්‍රිකාවක් ගුවන්ගත කිරීමට අදාළ ව කළ වියදම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවීමට නියමිත ය.
සිතාරා කුලරත්න
COMMENTS