තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා පැමිණෙන ලෙස මීට පෙර ද ශිරන්ති රාජපක්ෂට සහ යෝෂිත රාජපක්ෂට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වි...
තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා පැමිණෙන ලෙස මීට පෙර ද ශිරන්ති රාජපක්ෂට සහ යෝෂිත රාජපක්ෂට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබුණ ද ඔවුන් විවිධ හේතු දක්වමින් එය මඟ හැර තිබිණි. මෙසේ මඟ හැරීම දිගින් දිගට ම කළ නොහැකි නිසා මෙවර ඒකාබද්ධ විපක්ෂයේ අනුගාමිකයින් යොදවා අරුත්සුන් විරෝධතාවක් රාජපක්ෂ පවුල විසින් සූදානම් කර ඇත.
මහින්දගෙන් පොලිස් ලොක්කෙකුට බැණුම්
2012 මැයි 17 දින තාජුඩීන් ඝාතනය කෙරුණු මොහොතේ පටන් එවකට පැවති රාජපක්ෂ පවුලේ ආණ්ඩුව උත්සාහ කළේ මෙය ඝාතනයක් නොව හදිසි අනතුරක් ලෙස හුවා දැක්වීමටය. එහෙත් පසුව පරීක්ෂණ කටයුතු කෙරෙද්දී මෙය පැහැදිලිව ම ඝාතනයක් බව හෙළිදරව් විය. එසේම මෙම ඝාතනයෙහි සාක්ෂි වසන් කිරීමට බොහෝ උත්සාහ ගැණිනි. ඒවා ද පසුව හෙළිදරව් විය. රාජපක්ෂ පාලනය මෙම මිනීමැරුම වසන් කිරීමට මෙතරම්ම අඩව් ඇල්ලුවේ මිනීමරුවන් සිටින්නේ පවුල ඇතුළේම බව හොඳින් ම දන්නා නිසාය. තාජුඩීන් ඝාතනයෙන් දින කිහිපයකට පසුව එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඉහළ පොලිස් නිලධාරියකු කැඳවා බැණ වැදී ඇති ආකාරයෙන් ම මෙය තහවුරු වෙයි.
විහිළුවක් සහ තක්කඩි වැඩක්
වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් තවමත් කෙරෙන්නේ විමර්ශනයක් ය. මෙම ඝාතනය සම්බන්ධයෙන් අපරාධ නඩුව සම්පූර්ණයෙන් ම ගොඩ නැඟෙන්නේ පරිවේශනීය සාක්ෂි මතය. මෙහිදී රහස් පොලිස් විමර්ශකයින්ගේ කාර්ය භාරය පුරා විද්‍යා ගවේශකයින්ගේ කැණීම් ඉටු කරන ආකාරය මෙන් ඉතා සියුම් එකකි. මෙහි දී සිදු කෙරෙන්නේ දැනට සොයාගෙන ඇති සාක්ෂි වෙනත් ස්වාධීන මූලාශ්‍ර මඟින් තහවුරු කිරීමය. මෙම නඩුව ගොඩ නැඟීම සඳහා මෙතරම් කාලයක් ගතවන්නේ ද එබැවිනි. කෙසේ වෙතත් මිනීමැරුම් නඩුවක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට එරෙහිව මහපාරේ උද්ඝෝෂනය කිරීම එක් අතකින් විහිළුවකි. අනෙක් අතින් නින්දිත තක්කඩි වැඩකි.
ජනවහරේ එන කතා දෙකක් මීට අදාලව සිහිපත් වෙයි. එකක් නම් 'අබ කෑ එකාගේ නහය දනවා' යන්න ය. ඒකාබද්ධයේ බෙරකාරයින් නැට්ටුවන් ලවා CIDය ඉදිරිපිට හෝ ආසන්නයේ රාජපක්ෂලා පෙරහර කරවන්නට යන්නේ තාජුඩීන්ගේ මිනීමරුවන් කවුදැයි කවුරු නැතත් ඔවුන්ගේ හෘද සාක්ෂිය හොඳින් ම දන්නා නිසා ය. දෙවැන්න නම් 'හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නා වාගේ' යන්නයි. හෙට දිනයේ ඒකාබද්ධය නටන්නට හදනා නාඩගමට එය හොඳ උපහැරණයක් වනු ඇත.
COMMENTS