ඇනී දිව්‍යා සේවය කරන්නේ ‘එයා ඉන්ඩියා’ හෙවත් ඉන්දීය ගුවන් සේවයේ ය. ගුවන් සේවයට එක්වී අහසේ පියාසර කිරීම කුඩා කල පටන්ම ඇය දුටු සිහිනයකි. “මට...
ඇනී දිව්‍යා සේවය කරන්නේ ‘එයා ඉන්ඩියා’ හෙවත් ඉන්දීය ගුවන් සේවයේ ය. ගුවන් සේවයට එක්වී අහසේ පියාසර කිරීම කුඩා කල පටන්ම ඇය දුටු සිහිනයකි. “මට පාසල් කාලයෙ ඉඳන්ම උවමනා වුණේ ගුවන් නියමුවරියක බවට පත්වන්නටයි.” යැයි ඇය පවසයි. “මම දන්න කිසිම කෙනෙක් මේ ක්ෂේත්‍රයේ හිටියෙ නෑ. මට උපදෙසක් ගන්නවත් කෙනෙක් හිටියෙ නෑ. නමුත් මම මගේ සිහිනය අත්හැරියෙ නෑ..” යැයි ඇය පවසන්නීය. අවසානයේ වයස අවුරුදු 17 දී ඇය ගුවන් පාසලකට බැඳුණා ය. ඒද, මිතුරියක් විසින් ලබාදුන් අයදුම්පතක් ඉදිරිපත් කිරීම මගිනි. ඉන්දියාවේ ඊහානදිග කුඩා නගරයක සිට ඉන්දියාවේ ජනාකීර්ණම ප්‍රාන්තය වූ උත්තර් ප්‍රදේශ් වෙත ආ ඇය, එහිදී විවිධ අභියෝගවලට මුහුණ දුන්නාය. “භාෂාව” සංස්කෘතිය.. මේ හැම දෙයක්ම මට අභියෝගයක් වුණා. මාත් එක්ක පාඨමාලාවට තේරී සිටි සියලුම දෙනා ගුවන් ක්ෂේත්‍රය සමග කිසියම් සම්බන්ධයක් තිබූ අයයි. නමුත් මම එවැනි කෙනෙක් නොවෙයි. කොහොම වුණත් මම අධෛර්යයට පත්වුණේ නැහැ..”
ඇගේ සිහිනයට වැඩි වශයෙන්ම උදව් කළේ ඇගේ දෙමාපියන් ය. ගුවන් නියමු පාසලකට මුදල් ගෙවීම, සාමාන්‍ය මධ්‍යම පන්තික පවුලකට සරල නොවේ. නමුත් ඔවුහු කෙසේ හෝ එම අභියෝගය ජයගත්හ.
පුහුණු පාඨමාලාව අවසානයේ ඇයට රැකියාව ලැබිණි. පුහුණුවක් සඳහා ඇයව ස්පාඤ්ඤයට ද යැවුණේය. එයින් පසු පුරා වසර 10 ක් ඇය අන්තර්ජාතික ගුවන් තලයේ පුහුණු අත්දැකීම් ලැබුවාය. ඒ අතරතුර කාලයේ ඇගෙන් මෙසේ ඇසූ අය බහුල ය. “ඔයා පයිලට් කෙනෙක්ද? ඔච්චර ලොකු ප්ලේන් එකක් තනියම අරන් යන්නෙ ඔයාද...?”
දිව්‍යා මෙසේ කියන්නීය. “මම මගෙ රැකියාවෙ හැම පුංචි අංශුවකටම ආදරෙයි. පියාසර කිරීමේ පටන් නිල ඇඳුමේ පටන් පියාසර කිරීම දක්වා හැම දෙයකටම..”
අද මේ පුංචි කෙල්ල භුක්ති විඳිමින් සිටින්නේ තමන්ගේ ‘පැෂන් එක’ එසේත් නැතිනම් 'ලැදියාව' අත්නොහැර ඒ වෙනුවෙන් ජීවත්වීමේ සුබ ප්‍රතිඵලයයි.
-අමාලි ජයවීර
COMMENTS