‘ජනබලය කොළඹට‘ විරෝධතා රැළිය සඳහා මීට සුළු වේලාවකට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිටකොටුව බෝධිය අසළින් එක්ව තිබෙන බව වාර්තා වේ. ම...
‘ජනබලය කොළඹට‘ විරෝධතා රැළිය සඳහා මීට සුළු වේලාවකට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිටකොටුව බෝධිය අසළින් එක්ව තිබෙන බව වාර්තා වේ.
මේ අතර හිටපු ජනාධිපතිවරයා පැමිණීමට පෙර එම විරෝධතා රැළිය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද කොටුව, බෝගහ ආසන්නයේ දී එක් විය.
කොළඹ නගරයේ ස්ථාන කිහිපයකින් ආරම්භ වූ ඒකාබද්ධ විපක්ෂයේ එම විරෝධතාව මේ වනවිට ලේක්හවුස් වටරවුම සහ කොළඹ - කොටුව බෝධිය යන ස්ථානවලට ළඟාවී තිබේ.
කොළඹ - පුරහල, මරදාන - ටෙක්නිකල් හන්දිය සහ ඩී.ආර්. විජේවර්ධන මාවත ඔස්සේ ගමන් ආරම්භ කළ විරෝධතාකරුවන් කොළඹ ලේක් හවුස් වටරවුම ආසන්නයට පැමිණෙමින් තිබේ.
මේ හේතුවෙන් කොටුව සහ පිටකොටුවේ මාර්ග සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.
විරෝධතාව හේතුවෙන් ගාලු මුවදොරට පිවිසෙන ලෝටස් මාර්ගය වසා දමා ඇති බවත් එමෙන්ම විරෝධතා පා ගමන් හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග රැසක දැඩි රථ වාහන තදබදයක් පවතින බවත් වාර්තා වේ.
COMMENTS