පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය රජය විසින් ඔක්‌තෝබර් හෝ නොවැම්බර් මස ප්‍රකාශයට පත් කරන බව ධීවර හා ජලජ සම්පත් ඇමැති සහ ...
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය රජය විසින් ඔක්‌තෝබර් හෝ නොවැම්බර් මස ප්‍රකාශයට පත් කරන බව ධීවර හා ජලජ සම්පත් ඇමැති සහ මහවැලි සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.
ඒ සඳහා යෝජිත පළාත් පාලන පනත සැප්තැම්බර් මස වන විට පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට රජය බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා සඳහන් කළේය.
මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ පසු මැතිවරණ කොමසාරිස්‌වරයාට පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කළ හැකි බවත් බොහෝ දුරට එය දෙසැම්බර් හෝ 2018 වසරේ ජනවාරි මස අතර දිනයක් වනු ඇති බවත් තමා විශ්වාස කරන බවද මහින්ද අමරවීර ඇමැතිවරයා සඳහන් කළේය.
COMMENTS