දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොළඹ ඉඩම් විකුණුවාට හම්බන්තොට ඉඩම් විකිණීම සාධාරණ නෑ - මහින්ද
Homeප්‍රවෘත්ති

කොළඹ ඉඩම් විකුණුවාට හම්බන්තොට ඉඩම් විකිණීම සාධාරණ නෑ - මහින්ද

PropellerAds

  හිටපු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී. කොළම ඉඩම් මෙන්ම මුහුද ගොඩකර ඉදිකරණ වරාය නගරය ද උපායමාර්ගිකව වැදගත් නොවන බ...

බලතල අඩු නොකලා නම් අදටත් මට ජනාධිපති ධුරයේ ඉන්න තිබුණා.. 19 සංශෝධනයට මං විරුද්දයි - හිටපු ජනපති
සජිත් හිටපු තැනටම පත් කිරීමට රනිල්ගෙන් තීරණයක් !
පාර්ලිමේන්තුවට බාර දුන් හඬපට ආපසු ගත්තා.. ඒවා හෙලිවුනොත් මට තවත් අවාසියි - රන්ජන්
කොළඹ ඉඩම් විකුණුවාට හම්බන්තොට ඉඩම් විකිණීම සාධාරණ නෑ - මහින්ද

 

හිටපු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.

කොළම ඉඩම් මෙන්ම මුහුද ගොඩකර ඉදිකරණ වරාය නගරය ද උපායමාර්ගිකව වැදගත් නොවන බව පෙන්වා දෙන රාජපක්ෂ මහතා පවසන්නේ එහෙත් හම්බන්තොට වරාය යනු උපායමාර්ගික වශයෙන් අතිශය වැදගත් භූමියක් බවයි.

වත්මන් රජය කටයුතු කරන ආකාරය අනුව ආණ්ඩුවේ කාලසීමා අවසන් වනවිට කිසිදු ජාතික දේපලක් ඉතිරි නොවන බවත් සමස්ත රටම විදේශිකයන්ට විකිණීම සඳහා රජය උත්සාහර කරමින් සිටින බවත් ඔහු පවසයි.

අදාල නිවේදනය පහතින්.....

හම්බන්තොට වරාය පෞද්ගලීකරණය කරනු ලැබූ ආකාරය නිසා මුලු ජාතියම මහත් තිගැස්මකට ලක් වී ඇත. ලංකාව සතු වූ වැදගත්ම උපායමාර්ගික රාජ්‍ය දේපලක් පෞද්ගලීකරණය කිරීමේ ගිවිසුම අත්සන් කිරීමට පෙර එය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට ආණ්ඩුවට යුතුකමක් තිබුණත්, එවැනි කිසිදේකට ඔවුන් ඉඩ හැරියේ නැත. වරායේ වටිනාකම තක්සේරු කලේ කවුදැයි කියා කවුරුත් දන්නේ නැත. මේ සම්බන්ධයෙන් තාක්‍ෂණික ඇගයීම පිළිබද වාර්තාවක් කිසිවෙකුත් දැක නැත. හම්බන්තොට වරාය සඳහා ලන්සු ඉදිරිපත් කළ දෙපාර්ශවය අතරින් අදාල සමාගම තෝරාගනු ලැබුවේ කුමන නිර්නායක මතදැයි කියාවත් ආණ්ඩුව ජනතාවට පැහැදිලි කර නැත. අපට ලැබී ඇති සියලුම තොරතුරුවලින් පෙනෙන්නේ, ලංකාවට වඩාත්ම වාසිදායක වූයේ අනෙක් ලන්සුව බවයි.

රාජ්‍ය දේපල විකිණීමට මේ ඇති වී තිබෙන මහා උවමනාවට හේතුව වත්මන් ආණ්ඩුව මේ රටේ ඇතිකර තිබෙන ආර්ථික අර්බුදයයි. 2015 ජනවාරියේදී යහපාලකයෝ බොරු කියා ජනාධිපතිවරණය දිනාගත් පසු ඒ ක්‍රමයටම ඊළඟට එන පාර්ලිමේන්තු මැතිවරණයත් ජය ගැනීමට නොහැකි නිසා ඔවුන් කලේ වෙනත් ආකාරයට ජනතාව මුලා කිරීමට රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිකර, ඉන්ධන, ගෑස් හා තෝරාගත් ආහාර ද්‍රව්‍යවල මිල අඩු කිරීමයි. මේ නිසා ආණ්ඩුවේ වියදම් එක්වරම විශාල වශයෙන් ඉහළ ගිය අතර ඊට සමගාමීව ආණ්ඩුවේ ආදායම් එක් වරම අඩුවිය. විගණකාධිපතිවරයාගේ වාර්තාවට අනුව 2014 දී දළ දේශීය නිශ්පාදිතයෙන් 5.7% ක් වූ අය වැය පරතය, 2015 දී යහපාලන ආණ්ඩුව බලයට පත් වී එක් අවුරුද්දක් තුළ 10.5% දක්වා දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩි වී තිබුණි.
රජයේ සේවකයින්ගේ වැටුප් ඇතුළුව ආණ්ඩුවේ එදිනෙදා වියදම් පියවා ගැනීමට මුදල් නොමැති නිසා ඔවුන් මහා පරිමානයෙන් ණය ලබා ගැනීමට පටන්ගත්තේය. අවුරුදු දෙකහමාරක කෙටි කාලයක් තුළ අමෙරිකානු ඩොලර් බිලියන 13.7 කට වැඩියෙන් මේ ආණ්ඩුව විදෙස් විනිමය ණය පමණක් ලබාගෙන තියෙනවා යැයි කීවොත් බොහෝ දෙනා එය විශ්වාස කිරීමටත් මැලිවෙනු ඇත. මේ සියළුම මුදල් වැයකොට තිබෙන්නේ පරිභොජනය සඳහාය. අමෙරිකානු ඩොලර් බිලියන 13.7 කින් නොරොච්චෝලේ බලාගාර 10ක්, නැතිනම් හම්බන්තොට වරායවල් 10 ක්, නැතිනම් දක්‍ෂිණ අධිවේගී මාර්ග 20ක් තැනීමට හැකි වුවත් ආණ්ඩුව මේ ලබාගත් විදෙස් ණය කන්දරාවෙන් අලුතෙන් බෝක්කුවක්වත් ඉදිකර නැත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත මේ ණය ගෙවීම සඳහා 2016 දී වැට් බද්ද ඇතුළුව ආණ්ඩුවේ බදු ගනනාවක්ම වැඩි කරණ ලදී. මරණාසන්න රෝගීන් මත පවා බදු පැනවීමෙන් පසුව වත්, ඔවුන් ලබා ගත් ඩොලර් බිලියන 13.7 ක ණය ගෙවීමට ප්‍රමාණවත් මුදල් සොයා ගැනිමට නොහැකි වූ නිසා ‘බදු නොවන’ ආදායම් මාර්ග කොරෙහි ආණ්ඩුව අවධානය යොමුකර ඇත. රජය සතු දේපොල විකිණීමට පටන්ගෙන තිබෙන්නේ මේ සඳහාය. යහපාලන ආණ්ඩුවේ අයවැය යෝජනා වලින් පෙනෙන්නේ ඔවුන් කොළඹ හිල්ටන් හෝටලය වැනි විශේෂ උපායමාර්ගික වැදගත් කමක් නැති රජයට අයත් ආයනවල සිට උපායමාර්ගික වැදගත් කමක් ඇති නොරොච්චෝලේ බලාගාරය වැනි ආයතන දක්වා සියල්ල විකිණීමට සූදානම් වෙමින් සිටින බවය. හම්බන්තොට වරාය ආරම්භයක් පමණි. මීලඟට විකුණන්නේ මත්තල ගුවන් තොටුපල බව අගමැතිවරයා දැනටම පවසා ඇත. කොළඹ - කටුණායක අධිවේගී මාර්ගයත්, දක්‍ෂිණ අධිවේගී මාර්ගයත්, ජලාපවාහන මණ්ඩලයත්, විදුලිබල මණ්ඩලයත් පුද්ගලීකරණයට නැතිනම් විදේශීයකරණයට නියමිත ආයතන අතර වේ.

මේ අකාරයට රජයට අයත් දේපල විකිණීම සාධාරණීකරනය කරනු පිණිස සිතාමතාම ඒවා පාඩු ලබන තැනට මේ ආණ්ඩුව වැඩ සලස්වන බවද පෙනේ. හම්බන්තොට වරායේ නැව් වලට තෙල් සැපයීමේ ව්‍යාපාරය ඔවුන් නවතා දැමුවේ මේ සඳහාය. හම්බන්තොට වරාය ඉදිකිරීමට ගිය මුලු ණය පියවීම සඳහා 2036 වන විට ඇමරිකානු ඩොලර් මිලියන 1,761 ක් ගෙවිය යුතු වේ. ඒ, වරාය ඉදිකිරීමට ගිය ඩොලර් මිලියන 1,266 හා දශක තුනක් තිස්සේ එයට එකතුවන ඩොලර් මිලියන 495 ක පොළිය යන දෙකේම එකතුවයි. නමුත් එලෙස ගෙවීමට ඇති මුලු ඩොලර් මිලියන 1,761 න් ඩොලර් මිලියන 500ක්ම 2016 අවසාන වන විට ගෙවා තිබුණි. මේ ණය ගෙවනු ලැබුවේ වරාය අධිකාරියේ ලාභයෙන් වන නිසා එම ගෙවීම කිරීමේ අසීරුතාවයක් වත් බදු ගෙවන්නාට කිසිදු බරක්වත් තිබුණේ නැත. නමුත් මෙය පෞද්ගලීකරණය කිරීමෙන් පසු හම්බන්තොට වරාය ඉදිකිරීමට ගත් ණය, වරාය අධිකාරියෙන් මහා භාණ්ඩාගාරයට පැවරීම හේතුවෙන් මේ ණය ගෙවීමේ බර දැන් පැටවී ඇත්තේ ඍජුවම මහජනතාව මතය.

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය ඉදිකිරීම සඳහා ඉඩම මගේ ආණ්ඩුව විසින් ඍජුවම විකුණුවේ යැයි කීමෙන් හම්බන්තොට වරාය පුද්ගලීකරණය කිරීම සාධාරණීකරණය කිරිමට ආණ්ඩුව උත්සාහ කරන බවක් පෙනේ. හෝටලයක් ඉදිකිරීමට යන අක්කර කීපය කිසිසේත්ම පර්යන්ත 4ක් හා ජැටි 12ක් පමණක් නොව අක්කර 5,000 ක කර්මාන්ත කලාපයක්ද සහිත ප්‍රධාන වරායකට සමාන කල නොහැක. එමෙන්ම ෂැන්ග්‍රිලා ඉඩමට හම්බන්තොට වරාය මෙන් උපාමාර්ගික වැදගත් කමක්ද නැත. තවද, ෂැන්ග්‍රිලා ඉඩම ආණ්ඩුවේ සංවර්ධන සැලැස්මට අනුව හෝටලයක් සඳහා මිස වෙනත් ප්‍රයෝජනයකට ගත නොහැකි බවට කොන්දේසියක් ද විය. කොළඹ වරාය නගරයෙන්ද ඉඩමක් මගේ ආණ්ඩුවෙන් චීනයට ලබාදුන් බවද මේ ආණ්ඩුවෙන් කියයි.

වරාය නගරය යනු, ලංකාවේ දැනට තියෙන ඉඩමක් නොව මහ මුහුද ගොඩ කර තනණ අලුත් ඉඩමකි. මෙතන අලුතින් ඉඩමක් නිර්මාණය කර ඉන් ඉතාමත්ම සුළු කොටසක් ඉදිකිරීම් ගාස්තු වශයෙන් අදාල සමාගමට ලබාදී මේ ව්‍යාපෘතිය සදහා ලංකාවට සත පහක්වත් ගෙවීමට සිදු නොවෙන ආකාරයට මගේ ආණ්ඩුව ගිවිසුමකට එළඹ තිබුණි. චීන සමාගමට ලැබෙන ඉඩමද ඔවුන්ට සංවර්ධනය කිරීමට සිදුවන්නේ ලංකාවේ නීතියට යටත්වය. එපමණක්ද නොව, වරාය නගරයේ ඉඩම් උපායමාර්ගික වටිනාකමක් ඇති ඉඩම් නොව තනිකරම වානිජ ඉඩම්ය. මගේ ආණ්ඩුව විදේශිකයන් හා විදේශීය සමාගම් ලංකාවේ ඉඩම් මිලදී ගැනීම සීමා කරමින් 2014 අංක 38 දරණ ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) පනත සම්මත කළ බවද, වත්මන් ආණ්ඩුව ඒ පනවා තිබූ සීමා කිරීම් 2017 අංක 3 දරණ සංශෝධන පනතකින් ඉවත් කළ බවද කවුරුත් මතක තබා ගත යුතුය. මගේ ආණ්ඩුව කලේ අලුත් දේවල් ඉදිකිරීමය. වත්මන් ආණ්ඩුව කරන්නේ, මගේ ආණ්ඩුවෙන් නිර්මාණය කළ දේවල් විකුණා ජීවත්වීමයි.

හම්බන්තොට වරාය පෞද්ගලීකරණයෙන් ලැබෙන ඩොලර් බිලියන 1.12 ක මුදල එය ඉදිකිරීමට ගිය ණය ගෙවීමට භාවිතා නොකර ආණ්ඩුවේ එදිනෙදා වියදම් පියවා ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයට පවරා ඇත. වත්මන් ආණ්ඩුවට ඩොලර් බිලියන 1.12 ක් යනු සුළු මුදලක් වන අතර මීට කලින් ඔවුන් ලබාගත් ඩොලර් බිලියන 13.7 මෙන්ම එයද ඉතා ඉක්මණින්ම වාශ්ප වී යනු ඇත. හම්බන්තොට වරාය පුද්ගලීකරණය කළ ආකාරය ගැන මහජන විරෝධය නැගී එත්ම, මගේ ආණ්ඩුවද මුලු හම්බන්තොට වරායම මේ ආකාරයට චීනයට පැවරීමට ගිවිසුම්ගතව සිටියා යැයි කියමින් යහපාලන ඇමතිවරුන් තමන් කළ නොහොබිනා ක්‍රියාව සාධාරණීකරනය කිරීමට තැත් කරමින් සිටින බව අපට පෙනේ. මොවුන් මේ කියන්නේ මහා මුසාවකි. මගේ ආණ්ඩුව ප්‍රතිපත්තියක් හැටියට පුද්ගලීකරණයට හා විදේශියකරණයට විරුද්ධ වූවා පමණක් නොව, කළින් ආණ්ඩු වලින් පුද්ගලීකරණය කර තිබුණු ඇතැම් ආයතන ආපසු රජයට පවරා ගත් බවද කවුරුත් දනී.

වර්ථමානයේ සිදුවෙන ආකාරයට දිගටම වැඩකටයුතු කෙරුනොත්, මේ ආණ්ඩුව අවසන් වන විට ලංකාවේ කිසිදු ජාතික දේපලක් ඉතිරි වන්නේ නැත. මුලු ලංකාවම විදේශිය ගැනුම් කරුවන්ට විකුණා දැමීමට මේ ආණ්ඩුවට ඇති සැලසුමට එරෙහිව ජනතාව සෑම ගමකම, සෑම නගරයකම හා සෑම වැඩ පොලකම සංවිධානය විය යුතුය.

මහින්ද රාජපක්‍ෂ - ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොළඹ ඉඩම් විකුණුවාට හම්බන්තොට ඉඩම් විකිණීම සාධාරණ නෑ - මහින්ද
කොළඹ ඉඩම් විකුණුවාට හම්බන්තොට ඉඩම් විකිණීම සාධාරණ නෑ - මහින්ද
http://ift.tt/2ujjUcl
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_27.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_27.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy