මේ දවස වනවිට සිය භූමියට යා බදින් ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට දින 101 වන අතර මෙතෙක් කාලයක් බලධාරීන් ඔවුන්ගේ ඉල්ලීම් නොසලකා හැරීම නිසා කොළඹට...
මේ දවස වනවිට සිය භූමියට යා බදින් ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට දින 101 වන අතර මෙතෙක් කාලයක් බලධාරීන් ඔවුන්ගේ ඉල්ලීම් නොසලකා හැරීම නිසා කොළඹට පැමිණ සිය ඉල්ලීම් ප්‍රකාශ කිරීමට තීරණය කළ බවයි ඔවුන් කියා සිටියේ.
මේ වන විට යුද්ධය අවසන් වී ඇති නිසා සිය පාරම්පරික ඉඩම් වන ඉරණතිව් දූපතේ ජීවිකාව ආරම්භ කිරීමට ඉඩ ලබා දෙන ලෙසයි එම ජනතාව ඉල්ලා සිටින්නේ. නාවික හමුදාව සම්පුර්ණයෙන්ම ඉවත් විය යුතු නැති බවත් ආරක්ෂාව වෙනුවෙන් කඳවුර පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවක් ඇති බවත් ඉරණතිව් ජනතාව පෙන්වා දෙයි. ඒ අනුව සිය වස භූමි නිදහස් කර හමුදා කඳවුරද පවත්වා ගෙන යා හැකි බවද ඔවුන් ප්‍රකාශ කළේය.
ඔවුන්ගේ පාරම්පරික ඉඩම් ලබා ගැනීම වෙනුවෙන් ආරම්භ කර ඇති අරගලයට අදාළව ඉල්ලීම් 09ක් ඉදිරිපත් කර තිබේ. ධීවර කර්මාන්තය වටා ගෙතුණු ඔවුන්ගේ ජීවිතය යළි ගොඩනගා ගැනීමට නම් සිය පාරම්පරික භූමිය ලබා දෙන ලෙස බලධාරීන්ට ඉරණතිව් වැසියෝ බලකළහ.
මෙම අරගලය සඳහා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය සහය දක්වන අතර එහි කැඳවුම්කරු හර්මන් කුමාර මහතා ප්‍රකාශ කරන්නේ ඉරණතිව් ජනතාවගේ අරගලය සාධාරණ අරගලයක් වන අතර ඔවුන්ගේ ජීවිතය ගොඩනගා ගැනීම සඳහා එම භූමිය නිදහස් කර දීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතු බවයි.
ආශිකා බ්‍රාහ්මණ
https://www.youtube.com/watch?v=yKlyNcg_vkc&feature=youtu.be
COMMENTS