දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අප්‍රේල් 10න් පසු විදුලි කප්පාදුව ඉවරයි
Homeප්‍රවෘත්ති

අප්‍රේල් 10න් පසු විදුලි කප්පාදුව ඉවරයි

PropellerAds

දැනට පවතින විදුලිබල අර්බුදයට කෙටි, මධ්‍ය සහ දිගු කාලීන වශයෙන් අදියර 03 ක් යටතේ නිසි විසදුම් සපයන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ...

රවීට එරෙහිව එජාප ජේෂ්ඨයන් පෙරට - උප නායකකමටත් තට්ටු?
1 ශ්‍රේණිය චක්‍රලේඛයේ විදුහල්පතිවරු හිර වෙති.
2018 වසර අවසන් වනවිට රුධිර කාන්දුපෙරණ යන්ත්‍ර 2000 ක්
අප්‍රේල් 10න් පසු විදුලි කප්පාදුව ඉවරයි

දැනට පවතින විදුලිබල අර්බුදයට කෙටි, මධ්‍ය සහ දිගු කාලීන වශයෙන් අදියර 03 ක් යටතේ නිසි විසදුම් සපයන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ ඊයේ (05) පෙරවරුවේ කැළණිතිස්ස විදුලි බලාගාරයේ පැවති නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමිනි.    

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව පැවසීය.

"ලංකා විදුලිබල මණ්ඩලයත්, අමාත්‍යාංශයත් මමත් ජනතාවට විදුලිය විසන්ධි කිරීමෙන් මේ ඇතිවී තිබෙන අපහසුතාව පිළිබදව ඉතාමත් කණගාටුවට පත්වෙනවා. ඒ වගේම අප්‍රේල්  මාසේ  10 දා ඉදලා මෙම අපහසුතාව නැතත් ජනතාවට විදින්න වෙන්නේ නැහැ කියලා මම වගකීමෙන් ප්‍රකාශ කරනවා. 

අපි මාස 03 ක් 04 ක් ඉතාම අරපිරිමැස්මෙන්  ප්‍රවේශමෙන් විදුලිය පාවිච්චි කළ යුතුයි. ඉන් පස්සේ අපි තව මාස 03කින් 04 කින් ජනතාවගේ ඉල්ලීම පරිදි හිඟයකින් තොරව විදුලිය සැපයුම ලබාදෙන්න අපි මේ වනවිට සැලසුම් සකස් කරමින් පවතිනවා. 

කර්මාන්ත අංශයේ විදුලි ඉල්ලුමක් සති 02 ක් වැනි කාලයක් තුලදීත්, ගෘහස්ත විදුලි ඉල්ලුමක් පැය 24 ක් තුලදීත් ලබාදිය හැකි තත්ත්වයක් අපි සලසනවා. අද මේ රටේ ඇතිවී තිබෙන තත්ත්වය, රටවැසියන් වශයෙන් අපි සියළු දෙනාටම තදින් දැනෙන ප්‍රශ්නයක්. නමුත් අපේ සමහර කොටස් වලට මේ උග්‍ර තත්ත්වය ගැන කිසිම හැගීමක් නැහැ. 

රජයේ වත්කම් බොහෝ තැන්වල නාස්ති වෙනවා. විදුලියත් එහෙමයි. අනවශ්‍ය ආකාරයෙන්  වීදි ලාම්පු දැල්වෙන්නට නොදී නිවා දමන ලෙස අපි ඉල්ලීම් කරලා තිබෙනවා. නමුත් මේ උග්‍ර ජාතික ගැටළුව ගැන කැක්කුමක් නැති පිරිස් මේ පිළිබදව තැකීමක් කරන්නේ නැහැ. 

අපි නැවතත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මේ මාසේ 10 දා වෙද්දි මේ ගැටළුව විසදුනත්, දිගුකාලීන වශයෙන් මේ සදහා සාර්ථක විසදුම් ලබාගන්නා තෙක් ජාතික හැගීමක් ඇතිව අරපිරිමැස්මෙන් විදුලිය පරිහරණය කරන්න කියලා

කැලණිතිස්ස විදුලි බලාගාරයේ වැඩකටයුතු සාර්ථකව පවත්වාගෙන යනවාද, මෙහි පවතින අඩුපාඩු, වර්ධනය කල යුතු දේ මොනවාද ආදි දේවල් පිළිබදව සොයා බැලිමටයි අද අපි මෙම චාරිකාව සංවිධානය කළේ. 

දැනට පවතින විදුලිබල අර්බුදයට අදියර 03 ක් යටතේ නිසි විසදුම් සපයන්න අපි සැලසුම් කරනවා. ඒ අනුව කෙටි, මධ්‍ය සහ දිගු කාලීන වශයෙන් අපි විදුලි අර්බුදය විසදීමට පිළියම් ඉදිරිපත් කරනවා. 

දිගුකාලීන වැඩසටහන ගිය සතියේ අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ලබන සතියේ එය කැබිනට් අනුමැතියට ඉදිරිපත් වෙනවා. ඒ තුළින් අපි මෙගාවොට් 3000ක් 3500 ක් ජාතික පද්ධතියට එකතු කරන්නේ කොහොමද කියලා තමයි සොයා බලන්නේ.  

මධ්‍යමකාලීනව අපි දැනට අළුත්වැඩියා තත්ත්වයේ පවතින විදුලි බලාගාර නිසි පරිදි ක්‍රියාත්මක කරන්නේ කොහොමද ඉදිරියට ගෙනයන්නේ කියලා විමසා බලනවා. 

කෙටි කාලීනව අපි සොයා බලන්නේ කොහොමද මෙගාවෙට් 500 ක් 600 ක් ජාතික පද්ධතියට එකතු කරන්නේ කියලා සොයා බලනවා. ඒ වගේම සැම වසරකම ඌනතාවයක් පවතින මෙගාවොට් 300 ක පමණ ප්‍රමාණය  කොහොමද සපුරා ගන්නේ කියලා තමයි සොයා බලන්නේ. ඒකට  අංගසම්පූර්ණ උත්තරයක් අපිට ලැබිලා තිබෙනවා. ජල විදුලියෙන් මේ සදහා නිසා දායකත්වයක් නොලැබුණත්, කොහොමද අපි මේ අවශ්‍යතා  සපුරා ගන්නේ කියලා සැලසුම් කළ යුතුයි.“

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අප්‍රේල් 10න් පසු විදුලි කප්පාදුව ඉවරයි
අප්‍රේල් 10න් පසු විදුලි කප්පාදුව ඉවරයි
http://am.lk/media/k2/items/cache/8cd5c6c38478d9df2dad65325e186a69_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/10_6.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/10_6.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy