පකිස්ථානයේ සියල්කොට්හිදී ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතා අමානුෂික ලෙස පහර දී ඝාතනය කිරීමෙන් පසුව පකිස්ථානයේ කර්මාන්ත ශාලාවල කටයුතුවලට බාධා එ...
පකිස්ථානයේ සියල්කොට්හිදී ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතා අමානුෂික ලෙස පහර දී ඝාතනය කිරීමෙන් පසුව පකිස්ථානයේ කර්මාන්ත ශාලාවල කටයුතුවලට බාධා එල්ල වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
එම වාර්තාවල දැක්වෙන්නේ, විදෙස් රටවල් සමග පවත්වන වෙළෙඳ සබඳතාවලට මෙම සිද්ධිය බලපෑමක් ඇති කර ඇති බව ය.
විදෙස් රටවල සිට පැමිණීමට නියමිතව සිටි විගණන නිලධාරීන්, විදෙස් ශ්‍රමිකයින් ඇතුළු පිරිස් පකිස්ථානයට පැමිණීම කල් දමා ඇතැයි මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
නිසාම් සන්ස් ප්‍රයිවට් ලිමිටඩ් නමැති ජාත්‍යන්තර කර්මාන්ත ශාලාවේ ප්‍රධාන විධායක නිලධාරී අලි අන්වර් පවසා ඇත්තේ, සිය ආයතනය ජාත්‍යන්තර මට්ටමේ ආයතනයක් වන හෙයින් විගණන කටයුතු ද ජාත්‍යන්තර විගණන ආයතන මගින් සිදුකෙරෙන බව ය.
අදාළ විගණන නිලධාරීන් ප්‍රියන්ත කුමාරගේ ඝාතනය සැලකිල්ලට ගනිමින් පකිස්ථානයට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇතැයි ඔහු පැවසීය.
මෙම තත්ත්වය හමුවේ සියල්කොට්හි අපනයන කර්මාන්තය යම් පසුබෑමකට ලක්ව ඇතැයි සියල්කොට් වාණිජ මණ්ඩලය පවසයි.
පකිස්ථාන ජාතික අපනයන ආදායමෙන් පකිස්ථාන රුපියල් බිලියන 2.2ක දායකත්වයක් ලබා දෙන්නේ, සියල්කොට් අපනයන කර්මාන්ත ක්ෂේත්‍රය යි.
කෙසේ වෙතත්, සියල්කොට් වාණිජ මණ්ඩලයේ පර්යේෂණ සහ සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී සල්මාන් මිර් ප්‍රකාශ කළේ, මෙය තාවකාලික තත්ත්වයක් විය හැකි බව ත්, එය ඉක්මනින් යථාතත්ත්වයට පත්වනු ඇති බව ත් ය.
COMMENTS