ජස්ටින් ගැල්ටින් තත්පර 9.92 කින් ද ක්‍රිස්ටියන් කෝල්මන් තත්පර 9.94කින් ද තරගය නිමා කරන විට උසේන් බෝල්ට් තරගය නිමා කළේ තත්පර 9.95 කිනි. ක්...
ජස්ටින් ගැල්ටින් තත්පර 9.92 කින් ද ක්‍රිස්ටියන් කෝල්මන් තත්පර 9.94කින් ද තරගය නිමා කරන විට උසේන් බෝල්ට් තරගය නිමා කළේ තත්පර 9.95 කිනි. ක්‍රිස්ටියන් කෝල්මන් 21 හැවිරිදි අයෙක් වීම ද මෙහිදී කැපී පෙනෙයි. උසේන් බෝල්ට් 30 හැවිරිදි වන අතර ගැල්ටින් 35 හැවිරිදි ය. ගැල්ටින් තරග බිමට පිවිසෙන විට දස අතින් හූ හඬ ඇසුණේ” තහනම් උත්තේජක ගැනීම හේතුවෙන් තරග තහනමට ලක්වී සිටි ඔහුගේ කටුක අතීතය නැවත සිහිපත් කර දෙමිනි. කෙසේ නමුත් අවසානයේ 2012 වසරේ උසේන් බෝල්ට් හට ඔලිම්පික් රන් පදක්කම හිමිකරදුන් ලන්ඩන් ක්‍රීඩාංගනයේදීම උසේන් බෝල්ට් හට දරුණු පරාජයක් අත් කර දීමට ඔහු සමත් විය.
කෙසේ වෙතත් මීටර 100 සහ මීටර 200 තරග සඳහා ලෝක වාර්තා දෙකම උසුළන්නේ උසේන් බෝල්ට් විසිනි. අට වරක් ඔලිම්පික් රන් දිනූ උසේන් බෝල්ට් එදාමෙදාතුර මළල ක්‍රීඩා ඉතිහාසයේ බිහිවූ දක්ෂතම ධාවකයා වශයෙන් තවමත් අවිවාදයෙන් සැලකේ.
- අමාලි ජයවීර
COMMENTS