දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අගමැතිධූරයේ වෙනසක් අවශ්‍ය නෑ - දුමින්ද දිසානායක
Homeප්‍රවෘත්ති

අගමැතිධූරයේ වෙනසක් අවශ්‍ය නෑ - දුමින්ද දිසානායක

PropellerAds

  ඒ පිළිබදව කිසිදු සාකච්ඡාවක් හෝ පවත්වා නොමැති බව අද ( අගෝස්තු 18) මහනුවර ගන්නෝරුවේදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ මහ ලේකම්වරය...

විමල්ටත් ඇමැති ධූරයක්
තෙවරප්පෙරුම පහර දුන්නැයි ප්‍රා.මන්ත්‍රීවරයකුගෙන් චෝදනා
නාමල් කුමාරගෙන් විශේෂ හෙළිදරව්වක්
අගමැතිධූරයේ වෙනසක් අවශ්‍ය නෑ - දුමින්ද දිසානායක

 

ඒ පිළිබදව කිසිදු සාකච්ඡාවක් හෝ පවත්වා නොමැති බව අද ( අගෝස්තු 18) මහනුවර ගන්නෝරුවේදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ මහ ලේකම්වරයා මේ බව කීවේය.

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා පක්ෂයට බහුතර මන්ත්‍රීන් 113ක බලයක් නොමැතිවූ නමුත් විරුද්ධ පක්ෂයෙන් මන්ත්‍රීවරු ලබා ගෙන ආණ්ඩුවක් පිහිටුව හැකි වූ නමුත් එවැනි ක්‍රියාමාර්ගයක් නොගෙන අවබෝධයෙන් යුතුව මෙම ආණ්ඩුව පිහිටවූ බව ඒ මහතා කීවේය. ප්‍රධාන පක්ෂ දෙක අවබෝධයෙන් යුතුව පිහිටවූ මෙම ආණ්ඩුවේ අග්‍රමාත්‍යවරයා ඉවත් කොට වෙනත් අයෙකු පත් කිරීමට කිසිදු උත්සහයක් මේ වන තුරු දරා නොමැති බව කී මහ ලේකම්වරයා මෙසේ කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සරය සැප්තැම්බර් මස 02 වන දින සැමරීමට නියමිත වුවත් උසස් පෙළ විභාගයේ අවසන් දිනය එදිනට යෙදී ඇති බැවින් සංවත්සරය සැප්තැම්බර් 03 දින සැමරීමට අප කටයුතු කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සහිත පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම තීන්දුව ගත්තේ උසස් පෙළ දරු දැරියන්ගේ සුභ සිද්ධිය සදහායි. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සර උළෙල සැප්තැම්බර් 03 වන දින කොළඹ කැම්බල් පිටියේදී පැවැත්වීමට නියමිතයි.

මේ සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු සාමාජිකයන්ට, පාක්ෂිකයන් හා නිලධාරීන්ට ආරාධනා කොට තිබෙනවා. සෙසු පක්ෂ සදහා ආරාධනා කරන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා දැනුවත් කළා. මෙවර අප පවත්වන්නේ සැබෑ සංවත්සර සැමරුමක් මිස ඔළුගෙඩි ප්‍රමාණයෙන් පවත්වන සැමරුමක් නොවන බව කී මහ ලේකම්වරයා මෙසේ ප්‍රකාශ කළේය.

ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජය ගැනීමට අවශ්‍යයි. මේ සදහා සුදුසු අපේක්ෂකයන් සම්මුඛ පරීක්ෂණ මගින් තෝරා ගැනීම සිදුකළා. දූෂණ අපචාරවලට සම්බන්ධ නොවුනු අවම වශයෙන් පොලිස් පැමිණිල්ලක් හෝ ඇත් දැයි පරීක්ෂා කිරීම සම්මුඛ පරීක්ෂණයේදී සිදුකළා. මෙවර අප අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කරන්නේ ඉතාමත්ම සුදුසු පුද්ගලයන් පමණයි.

පළාත් සභා හා පළාත් පාලන මැතිවරණවලදී මෙන්ම ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කොට එහි ජනාධිපතිවරයෙකු පත්කිරීමට අප කටයුතු කරනවා. ඒ සදහා උචිතම අපේක්ෂකයා වන්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දෙවරක් ජනපතිධූර හොබවා ඇති බැවින් ඔවුන්ට ඒ සදහා ඉදිරිපත්වීමට හැකියාවක් නැහැ. ඒ නිසා උචිතම පුද්ගලයා වන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් ඉදිරියේදී පිහිටුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

නුවර නදීක දයා බණ්ඩාර

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අගමැතිධූරයේ වෙනසක් අවශ්‍ය නෑ - දුමින්ද දිසානායක
අගමැතිධූරයේ වෙනසක් අවශ්‍ය නෑ - දුමින්ද දිසානායක
http://ift.tt/2uXMrVX
https://i.ytimg.com/vi/e8ydXvFxuBk/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_173.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_173.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy