අද (25) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබු නව දේශීය ආදායම් පනත ලබන මස 07 දාට කල් දැමීමට ආණ්ඩුව තීරණය කර ඇත. පළාත් පාලන ආයතන ඡන්ද...
අද (25) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබු නව දේශීය ආදායම් පනත ලබන මස 07 දාට කල් දැමීමට ආණ්ඩුව තීරණය කර ඇත.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධිත) පනත් කෙටුම්පත අද (25) පාර්ලිමේන්තුවේදී විවාද ගැනීමට තීරණය කිරිම ඊට හේතුවයි.
මේ අතර නව දේශීය ආදායම් පනතට අනුව තමන්ට හිමි බදු සහන ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කර ඇත.
නව දේශීය ආදායම් පනත සම්බන්ධයෙන් මතු වූ ගැටළු නිරාකරණය කර ශ්‍රීලනිපයේ සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ශ්‍රීලනිප අමාත්‍යවරුන් පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක්ද ඉකුත්දා පත් කළේය.
එම කමිටුව ගනු ලැබූ තීන්දු තීරණ සම්බන්ධයෙන් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා අදහස් දැක්වමින් පෙන්වා දුන්නේ ජනතාවට යම් යම් ක්ෂේත්‍රයන් කෙරෙහි බලපාන කරුණු රාශියක් පිළිබඳව මෙම පනතෙන් වෙනස්කම් සිදු කර ඇති බවයි.
සංශෝධන 110 කට ආසන්න ප්‍රමාණයක් මේ සඳහා ඉදිරිපත් කර තිබූ බවත් ඔහු පැවසිය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බදු සහනද සාමාන්‍ය ජනතාවගේ ප්‍රමාණයටම ගෙන ඒමට මෙහිදී ජනාධිපතිවරයා නියෝග කර තිබූ බවද ඔහු පැවසිය.
2006 වසරෙන් පසු දේශීය ආදායම් පනත සංශෝධනය කෙරෙන පළමු අවස්ථාව මෙය බවද ඔහු සඳහන් කළේය.
නව දේශීය ආදායම් පනත මගින් කිසිඳු ආගමික ස්ථානයකින් බදු අය කිරීමක් සිදු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන වික්‍රමරත්න මහතා ඊයේ ප්‍රකාශ කළේය.
COMMENTS