කොලිවුඩ් සිනමාව යනුවෙන් හැඳින්වෙන්නේ කල්කටාව හෙවත් කොල්කොටාව කේන්ද්‍රකරගෙන ක්‍රියාත්මක වන දමිල සිනමා කර්මාන්තයයි. චිත්‍රපටයක වැදගත්ම ලක...
කොලිවුඩ් සිනමාව යනුවෙන් හැඳින්වෙන්නේ කල්කටාව හෙවත් කොල්කොටාව කේන්ද්‍රකරගෙන ක්‍රියාත්මක වන දමිල සිනමා කර්මාන්තයයි.
චිත්‍රපටයක වැදගත්ම ලක්ෂණයක් වන්නේ කතාවේ අනවරත ගලායාමයි. මීට පෙර තිරගත වූ “වේලයිඉල්ලා පට්ටධාරී’ (වීඅයිපී) චිත්‍රපටයේ මීළඟ දිගහැරුමයි. මෙහිදී පළමු චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට එක්වූ ධනුෂ්, අමාලා පෝල් සහ විවේක් හරහා එකී කතාංගයම ප්‍රබල ලෙස ඉදිරියට ගලා යාම සිදුවේ. පිටපත ලියා තිබෙන්නේ ද ධනුෂ් විසින් වීම, ඔහු රංගධරයෙකු වශයෙන් සිනමාවේ සියලු පැතිකඩ ආක්‍රමණය කරමින් සිටින බවට සාක්ෂියකි. අධ්‍යක්ෂණය, දමිල සිනමාවේ පතාකයෙකු වන රජිනිකාන්ත්ගේ දියණිය වන සෞන්දර්යා රජිනිකාන්ත් විසිනි. සෞන්දර්යා, ධනුෂ්ගේ ආදරණීය බිරිඳ ද වේ.
ධනුෂ් මෙහිදී රඟපාන්නේ සුපුරුදු පරිදි, රඝුවරන් නමැති රැකියා විරහිත තරුණයාගේ චරිතයයි. නව සමාගමේ රැකියාවකට යන රඝුවරන්, එහි සිටින ඉහළ නිලයක් දරන, එයටම නොදෙවෙනි උද්ධච්ඡ කමකින් යුත් වසුන්දරා (කාජල්) සමග ඇතිකරගන්නා සම්බන්ධතාවය සහ ගැටීම මෙහි කතා තේමාව වේ. හීන්දෑරි කෙසඟ සිරුර නොතකා, එතෙක් දමිල සිනමාවේ පැවති කඩවසම්-පුෂ්ටිමත් නළු ප්‍රතිරූපය බිම හෙළමින් ධනුෂ් මෙහිදී ද සුපුරුදු පරිදි සිය අවංක සහ අති දක්ෂ රංගනය ඔස්සේ රසික සිත් ඇද බැඳ තබා ගනියි. තෙළිඟු බසට අමතරව හින්දි බසින් ද ඉදිරියේදී VIP 2 තිරගත වීමට නියමිත ය.
ප්‍රධාන චරිත:- ධනුෂ්, කාජල්, අමාලා පෝල්, විවේක්
තිර පිටපත-: ධනුෂ්
අධ්‍යක්ෂණය:- සෞන්දර්යා රජිනිකාන්ත්
සංගීතය:- ෂෝන් රෝල්ඩන්
- අමාලි ජයවීර
VIP-2 පූර්ව ප්‍රචාරක පටයක් මෙතැනින්
https://youtu.be/Bok4iUyTOm0
COMMENTS