ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද (09) පෙරවරුවේ රැස්වීමට නියමිත අතර එහිදී අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද (09) පෙරවරුවේ රැස්වීමට නියමිත අතර එහිදී අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරෙණු ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි පවසයි.
එහිදී අමාත්‍ය රවී කරුණානායක මහතා කැබිනට් සගයින් අමතමින් සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.
විදේශ කටයුතු ඇමති රවි කරුණානායක මහතාට එරෙහිව භාරදී තිබෙන විශ්වාසභංග යෝජනාව පිළිබඳ නීතිපති මතය විමසා එය විවාදයට ගන්නවාද නැද්ද යන්න පිළිබඳ තීන්දුව කතානායකවරයා විසින් හෙට (10 දා) පාර්ලිමේන්තුවට දැනුම්දීමට නියමිත අතර ඊට පෙර අමාත්‍ය ධුරයෙන් ඉවත්වන ලෙස රවී කරුණානායක මහතාට මේ වනවිට විශාල බලපෑමක් එල්ලවී තිබේ.
ජනාධිපතිවරයා විසින් ඊයේ (08) රාත්‍රී ආණ්ඩුවේ ශ්‍රීලනිප ඇමතිවරුන් කැඳවා විශේෂ සාකච්ජාවක් පවත්වා තිබු අතර එහිදීද රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාස භංගය සම්බන්ධයෙන් කතාබහට ලක්ව ඇත.
ඊට සහභාගිවූ ඇමතිවරයකු පැවසුයේ, රවී කරුණානායක මහතා ඉදිරි දින දෙක තුලදී ඉල්ලා අස්වීමට සුදානමින් සිටින බව අගමැතිවරයා විසින් ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවයි.
COMMENTS