එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචි නිලමේ මහතාට ගොපල්ලෙකු විසින් කැත්තකින් පහර දීමට උත්සාහ දරා තිබේ. ඒ මන්ත්‍රීව...
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචි නිලමේ මහතාට ගොපල්ලෙකු විසින් කැත්තකින් පහර දීමට උත්සාහ දරා තිබේ.
ඒ මන්ත්‍රීවරයා රැගත් රථ පෙළ ත්‍රිකුණාමලය අග්බෝපුර ප්‍රදේශයේදී එම ගොපල්ලාගේ එළු රැල අතරින් ගමන් කිරීමට උත්සාහ දැරිමේදීය.
ඒ කෙසේවෙතත් අදාළ ගොපල්ලා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගොපල්ලා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති අතර පොලිසිය සඳහන් කළේ සිද්ධියට දේශපාලන සම්බන්ධයක්ද ඇති බවයි.
COMMENTS