දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

සාකච්ජා අසාර්ථකයි. ඇමති දුමින්දට විරෝධය පා ගොවීහු පිටව යති! (ජායාරූප)

රුපියල් 40,000ක එම වන්දි මුදලෙන් ලබා දීමට ඉතිරිව ඇති රුපියල් 30000ක ඉතිරි මුදල ලබා දෙන ලෙස අවස්ථා කිහිපයකදීම බලධාරීන් දැනුවත් කළද ඉල්ලීම ...

සාකච්ජා අසාර්ථකයි. ඇමති දුමින්දට විරෝධය පා ගොවීහු පිටව යති! (ජායාරූප)

රුපියල් 40,000ක එම වන්දි මුදලෙන් ලබා දීමට ඉතිරිව ඇති රුපියල් 30000ක ඉතිරි මුදල ලබා දෙන ලෙස අවස්ථා කිහිපයකදීම බලධාරීන් දැනුවත් කළද ඉල්ලීම ඉටු නොවීම හේතුවෙන් උද්ඝෝෂණයක් සංවිධානය කළ බවයි සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය සඳහන් කළේ. අද උදෑසන සිට සන්ධ්‍යාව වනතුරුම උද්ඝෝෂණයේ නිරත ගොවි නියෝජිතයන් පාර්ලිමේන්තු වට රවුමේ රැඳී සිටි අතර පස්වරු 12.30 පමණ අමාත්‍යංශ ලේකම්වරයා සමඟ සාකච්ජාවකට සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඇතුළු ගොවි නියෝජිතයන් දස දෙනෙකුට දැනුම් දී තිබුණ නමුත් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එහි නොසිටි බැවින් අමාත්‍යංශ ලේකම්වරයා සමඟ සාකච්ජාව ප්‍රතික්ෂේප කෙරිණි.

පස්වරු 2.45ට පමණ අමාත්‍යවරයා අමාත්‍යංශයට පැමිණීමෙන් පසුව සාකච්ජාව ආරම්භ විය. සාකච්ජාව පැවැත්වෙන අතරතුරත් සෙසු ගොවි නියෝජිතයන් අමාත්‍යාංශයට ප්‍රවේශ වන මාර්ගයේ විරෝධතාවේ නිරත විය.

සාකච්ජාවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මේ මොහොතේ රටේ මුදල් ප්‍රශ්නයක් ඇති බවත් එහෙත් ගොවි ජනතාවගේ ප්‍රශ්න දෙස සානුකම්පිතව බලන බවත්ය. ඒ අනුව ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ජා කර වන්දි ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මේ අතර ගොවි නියෝජිතයන් ප්‍රශ්න කර සිටියේ ඉතිරි වන්දි මුදල ලබා දීමට තව කෙතරම් කාලයක් ගතවේද යන්නයි. ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ දින වකවානු පිළිබඳ නිශ්චිතව කීමට නොහැකි බවයි. කෙසේ වෙතත් නියං සහනාධාර ලෙස මාස දෙකක් සඳහා රු.පන්දහසක් ලබා දෙන බවත් එය මසකට රු. දෙදහස් පන්සියය බැගින් වාරික දෙකකදී ලබා දෙන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. මුදල් අර්බුදයක් පවතින මොහොතක රු.පන්දහසක් හෝ ලැබීම විශාල දෙයක් බව දුමින්ද දිසානායක මහතා පැවසිය.

දෙපාර්ශවය අතර සාකච්ජාව එකඟතාවකින් තොරව අවසන් වූ අතර සාකච්ජාවෙන අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සංවිධායක නාමල් කරුණාරත්න මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඉතිරි වන්දි මුදල් ලබා දීම පිළිබඳව අමාත්‍යවරයාට පිළිතුරු නොමැති බවයි. මහකන්නයට අදාළව මෙම වන්දි මුදල ලබා දෙන බවට ආණ්ඩුව පොරොන්දු වූ අතර එය මාස හතරක කාලයක් තුළ ලබා දෙන බව ආණ්ඩුව ප්‍රකාශ කළ බව නාමල් කරුණාරත්න මහතා සිහිපත් කළේය. මේ වන විටත් මුල් කොටස හෝ නොලැබුණ ගොවීන් සිටින බවයි ඔහු පැවසුවේ. පවතින නියගය නිසා විලච්චිය ප්‍රදේශයේ කන්න හතරක් වගා කිරීමට නොහැකි වූ බව කියා සිටි කරුණාරත්න මහතා අවධාරණය කළේ අද දවස වන විට ගොවියන්ට බොන්න කැඳ උගුරක්වත් නොමැති බවයි.

ආණ්ඩුව,වන්දි මුදල් ලබා දීම වෙනුවට රු. පන්දහසේ බඩු මලු දෙකක් දී ප්‍රශ්නය මඟ හැරීමට සුදානම් වන බව වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් කරුණාරත්න මහතා කියා සිටියේය.

නිශාන්ත ප්‍රියදර්ශන

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28609,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සාකච්ජා අසාර්ථකයි. ඇමති දුමින්දට විරෝධය පා ගොවීහු පිටව යති! (ජායාරූප)
සාකච්ජා අසාර්ථකයි. ඇමති දුමින්දට විරෝධය පා ගොවීහු පිටව යති! (ජායාරූප)
http://ift.tt/2uISk8U
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_144.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_144.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy