ක ලාපීය අභියෝගයන් හමුවේ නව ජාතික ආරක්ෂක හා බුද්ධි පනතකින් සවිමත් ජාතික ආරක්ෂක සැළැස්මක් ගොඩනැගිය යුතු බවත් එසේ නොමැති වුවහොත් අඳුරේ යන ජනා...
කලාපීය අභියෝගයන් හමුවේ නව ජාතික ආරක්ෂක හා බුද්ධි පනතකින් සවිමත් ජාතික ආරක්ෂක සැළැස්මක් ගොඩනැගිය යුතු බවත් එසේ නොමැති වුවහොත් අඳුරේ යන ජනාධිපතිගේ වැඩපිළිවෙල හරහා රටේ ආරක්ෂාව අනතුරට ලක්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම හමුවේ අදාල ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් අනාවරණය කර ගැනීමට අසමත් වී ඇති මොහොතක, නව වැඩපිළිවෙලක් හරහා බුද්ධි අංශ මෙහෙයවීමට කටයුතු නොකළහොත් නැවත එවැනි ප්‍රහාරයක් එල්ල විය හැකි බවත්, එවැනි අවස්ථාවක හිටපු ජනාධිපතිවරයා මෙන් අනාගතයේදී පත්වන නායකයන්ටද එහි වගකීම භාර නොගෙන කර ඇරීමේ අවස්ථාව හිමිවන බවත් ෆොන්සේකා මහතා පවසනවා.
සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සරත් ෆොන්සේකා මහතා මේ බව කියා සිටියි.
කලාපීය තත්වයන් හමුවේ නව ජාතික ආරක්ෂක හා බුද්ධි පනතකින් සවිමත්වන ජාතික ආරක්ෂක සැලැස්මකින් තොරව අඳුරේ යන ජනාධිපතිගේ වැඩපිළිවෙල රටට අනතුරුදායකයි !
පාස්කු ප්‍රහාරයේ ජනාධිපති කොමිෂන් වාර්තාව මගින් ප්‍රහාරය එල්ල කලේ කවුරුන්ද යන්න නිශ්චිතවම දක්වා නැති මොහොතක, යලිත් වෙනත් ස්වරූපයකින් එවැනිම ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවුවහොත් එය වලක්වා නොගැනීමේ වගකීමෙන් සිරිසේන ජනාධිපතිවරයා මෙන් කර ඇරීමට ඕනෑම ජනාධිපතිවරයෙකුට අවස්ථව උදා වනු ඇත.
ඒ නිසා කලාපීය වශයෙන් මතුවෙමින් ඇති තත්වයන් හා අන්තවාදී කණ්ඩායම්වල ප්‍රචණ්ඩකාරී හා ජාලගත ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සලකා බැලීමේදී, පවතින යල් පැනගිය බුද්ධි සම්බන්ධිකරණ හා හදිසි ආරක්ෂක සැලසුම් හා ක්‍රමවේද යාවත්කාලින නොකිරීම තුල රටේ හා ජනතාවගේ ආරක්ෂව ගැන පැහැදිලි තක්සේරුවක් නොමැති බව ජනාධිපතිගේ හා ආරක්ෂක ලේකම්ගේ ප්‍රකාශවලින්ද ගම්‍යවේ.
මේ අනුව ඉදිරියේදී රටේ ආරක්ෂාව සම්බන්දයෙන් වගකීම හා වගවීම පිලිබඳ කඹ ඇදිල්ල නවතා දැමීමට නම් අවශ්‍ය වන්නේ නව ජාතික ආරක්ෂක හා බුද්ධි පනතකින් සවිමත්වන ජාතික ආරක්ෂක සැලැස්මකින් යුතු වැඩපිළිවෙලකි.
ඒ සඳහා National Bureau of Strategic Intelligence හා National Intelligence Command Center වැනි අලුත් ආයතන පද්දතියකින් වගකීම් පැවරෙන නවීන බුද්ධි විශ්ලේෂණ ක්‍රමවේද මත ත්‍රිවිධ හමුදාවේ බුද්ධි ඒකක හා රාජ්‍ය බුද්ධි සේවය අන්තර්ග්‍රහණය කෙරෙන, එම නිලධාරීන්ට නවීන උපායමාර්ගික පුහුණු වැඩසටහන් මගින් නිවැරදි හා කාලනුරූපීව ශක්තිමත් ආරක්ෂක යාන්ත්‍රණයක් සකස් කිරීමයි
– ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

COMMENTS