ඉතිහාසය මෙම ස්වාධීනත්වය ප්‍රකාශ කිරීම සඳහා හේතු වුණේ මොහන්දාස් ගාන්ධි වෙතින් පැන නැගුණු අති දැවැන්ත මහජන ඉල්ලීම විසින් බවට කියැවේ. ඉන...
ඉතිහාසය
මෙම ස්වාධීනත්වය ප්‍රකාශ කිරීම සඳහා හේතු වුණේ මොහන්දාස් ගාන්ධි වෙතින් පැන නැගුණු අති දැවැන්ත මහජන ඉල්ලීම විසින් බවට කියැවේ. ඉන්දියාවට එයට හිමි නිදහස කිසිදා පිරිනොනමන බවට ගාන්ධි ද හොඳින් දැන සිටියේය. ඒ අනුව ඔහු සිවිල්-අසහනය ප්‍රකට කරවූ මහජන ව්‍යාපාරයට මුලපිරුවේය.
සිවිල් අයිතිවාසිකම් නායකයා සාමකාමී සහ ප්‍රචණ්ඩකාරී නොවන ප්‍රයත්නයන් බ්‍රිතාන්‍ය යටත් විජිතකරණයට එරෙහිව සටන් කිරීමට යොදාගත්තේය. තම ව්‍යාපාරය ට එරෙහිව ප්‍රචණ්ඩකාරීත්වයෙන් පලිගන්නා සහ එකට එක කරනා පුද්ගලයන් සිටි නමුත් ගාන්ධි ඒ උත්සාහයන් තුළ බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබාගැනීමේ සාමකාමී ව්‍යාපාරය රැක ගැනීමට සමත් විය.
1942 වසරේදී “Quit India” හෙවත් “ඉන්දියාව අත්හරිව්” ව්‍යාපාරයට මුල පිරුණේය. මේම කාලය තුළ බ්‍රිතාන්‍යය දෙවන ලෝක යුද්ධයේ සටන්කරුවෙක් විය. මිලියන 2.5 ක ඉන්දියානු හමුදාවක් බ්‍රිතාන්‍යය වෙනුවෙන් මිත්‍ර හමුදාව සමග එක්ව සිටියහ. මේ අනුව යුද්ධයෙන් අනතුරුව ඉන්දියාවට ස්වාධීනත්වය ප්‍රදානය කරන තත්වයක් උදා වෙමින් තිබිණි.
ඉන්දියාවේ නිදහස සලකුණු කිරීම සිදුවුණේ හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ක්ලෙමන්ට් ඇට්ලී විසින් රාජ් යුගය නිමා වේ යැයි 1947 වසරේ මුලදී ප්‍රකාශ කිරීම මගිනි.
බ්‍රිතාන්‍යය ද ඒ සමය වන විට රටක් වශයෙන් පශ්චාත් දෙවන ලෝක යුධ සමයේදී ගැටලු දෙකකින් පීඩා විඳිමින් සිටියේය. අධිරාජ්‍යයේ බැසීම ආරම්භ වී තිබූ අතර, ඉන්දියාවට නිදහස පිරිනැමීම හැර ඔවුන්ට වෙනත් විකල්පයක් තිබුණේ ද නැත.
මේ අනුව 1947 අගෝස්තු 14 වැනිදා ජවහර්ලාල් නේරු හෙවත් නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති, රටේ නැවුම් යුගය ගැන කථාවක් පැවැත්වීය.
මෙම බෙදී යාම මගින් සෞභාග්‍යමත් වෙනසක් සහ ස්ථාරවභාවයක් පිළිබඳ අපේක්ෂාවක් විය. නමුත් ඒ පූර්ව නිගමනය යථාර්ථයක් බවට පත්වන විට සිදුවූයේ එයට වඩා සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ සිද්ධි දාමයකි.
මුස්ලිම්වරු, හින්දුවරු සහ ෂික් ජාතිකයෝ මිලියන 15 ක් අති දැවැන්ත කාණ්ඩ වශයෙන් තමන් සිටි පළාත්වලින් පළා යන්නට පටන් ගත්තේ අනාගතයේ සිදුවන්නට නියමිතව තිබු වෙන්කොට සැලකීමෙන් හෙවත් වෙනස්කමෙන් පළා යාම සඳහා ය.
මෙකී මහා සංක්‍රමණයේ ප්‍රතිඵලය සංශුද්ධ මනුෂ්‍ය සංහාරයක් විය. මිලියන ගණනක් වූ අහිංසක ජීවිත අහිමි විය. ලේ වැකුණු මළ සිරුරු පිරවූ දුම්රිය, ලාහෝරය සහ අම්රිත්සාර් යා කළ රේල් පීලි දිගේ ඇදී ගියේය.
මේ අතර, මේ සංක්‍රමණයෙන් පසු දිවි බේරාගත් අය හෙළි කර සිටින්නේ භයානක අවි ආයුධ රැගෙන වීදි දිගේ ජනතාව දිවගිය ආකාරයයි. එපමණක් නොව, මේ සංහාරය තුළ නිවාස පුච්චා දමා ස්ත්‍රීන් ප්‍රසිද්ධියේ දූෂණය කළ බවට ද සාධක තිබේ.
උතුරු ඉන්දියාවේ කාශ්මීර ප්‍රාන්තයේ මුස්ලිම්වරුන් දස දහස් ගණනක් හින්දු මැර කල්ලි විසින් ගතවූ 30 වසර පුරා මරා දමා ඇති අතර තවත් බොහෝ ගණනක් පාකිස්ථානයේ පිහිටා තිබූ සිය නිවෙස්වලින් බලයෙන් එළවා දමනු ලැබීය. අද වන විට කාශ්මීරය ඉන්දියාව තුළ පිහිටා තිබෙන, තවමත් මුස්ලිම් බහුතරයක් ජීවත් වන පෙදෙසකි.
මේ සියලු ගැටුම් විසින් එහි යටි පෙළ තැන්පත් වී ඇති එක් ගැටලුවක් ඉදිරිපත් කරයි. එනම්, ඉන්දියාව සහ පාකිස්ථානය අතර අද දවසේ පවතින ආතතිය කෙබඳුද?
1947 වසරේ පටන් මේ දක්වා මේ දෙරට යුද්ධ 3කට මැදි වී ඇති බව සඳහන් ය. මේ දෙරට අතර සබඳතා අතර අදට ද තිබෙන්නේ ආතතිමය ස්වභාවයකි. විශේෂයෙන්ම කාශ්මීරය පාලනය කළ යුත්තේ කවුද සම්බන්ධයෙන් මේ කාරණය කැපී පෙනේ.
මේ දෙරටේම වඩාත්ම පිළිගැනීමට ලක්වූ ජාතික මට්ටමේ ක්‍රීඩාව වශයෙන් සලකන්නේ ක්‍රිකට් ක්‍රීඩාවයි. කෙසේ නමුත් මේ කිසිදු රටක් 2007 වසරේ පටන් මේ දක්වා කිසිදාක, පස් දින ටෙස්ට් ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර නැත.
දේශපාලන සබඳතා සම්බන්ධයෙන්, ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 2015 වසරේදී පාකිස්ථානයට සංචාරය කළේය. කෙසේ මුත් ඉන්දියානු නාවික හමුදා නිලධාරී කුල්බුෂාන් යාදව් ට මරණ දඬුවම නියම කිරීමෙන් අනතුරුව දෙරට අතර නැවත වර්ධනය වූයේ සතුරු කමකි. පාකිස්ථාන දේශපාලන විශ්ලේෂක හසන් අස්කාරි මෙසේ කියයි.
“ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින වත්මන් ආතතිය අස්වාභාවික යි. මේ අනුව මේ තත්වය ඉදිරියටත් පවතීවි කියා හිතන්නට බැහැ..’
ඔහු තවදුරටත් මෙසේ ද කියයි. “නමුත් දෙරට අතර කිසිම සංවාදයක් නැති නිසාම මේ සම්බන්ධතාවය හරිම නරකයි..”
ඉන්දියාවේ හා පාකිස්ථානයේ වර්තමාන ආර්ථිකය
ජනගහනයේ විශාලත්වය හේතුවෙන් සහ රජයේ මූල්‍ය වෙතට ප්‍රවේශ වීමට තිබෙන නෛසර්ගික හැකියාව හේතුවෙන් ඉන්දියාවේ ආර්ථිකය පාකිස්ථාන ආර්ථිකයට වඩා, බෙදීමේ ආරම්භයේ පටන්ම ශක්තිමත් සහ විශාල එකක් බවට පත්විය.
කෙසේ නමුත් ස්වාධීනත්වයේ පළමු 50 වසර තිස්සේ පාකිස්ථාන ජාතිකයෙකුගේ සාමාන්‍ය ආදායම, ඉන්දියානුවෙකුගේ සාමාන්‍ය ආදායමට වඩා ඉහළ බව කියැවේ.
එසේ වුවත් 21 වන සියවස උදා වත්ම ඉන්දියාවේ ආර්ථිකය අපේක්ෂා නොකළ තරම් දියුණුවක් පෙන්නුම් කළේය. 1990 දශකයේදී ඉන්දියාව තුළ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුවිය. ඒවා විසින් විදේශ ආයෝජනවලට මග පෑදුවේය.
වෙළඳාම අර්ථයෙන් ගත් විට ඉන්දියාව සහ පාකිස්ථානය එකිනෙකා සමග විධිමත් ලෙස වෙළඳාම් කටයුතුවල නිරත වන්නේ ඉතා අඩුවෙනි. නියත වශයෙන්ම පාකිස්ථානය විසින් ඉන්දියානු වෙළඳාම සම්බන්ධයෙන් ‘සෘණ ලැයිස්තුවක්’ සකස් කර ඇති අතර, එමගින් ඉන්දියවෙන් භාණ්ඩ වර්ග 1200 ක් පාකිස්ථානය තුළට ගෙන්වීම තහනම් කර තිබේ.
මේ හැරුණු විට, දෙරට අතර අවිධිමත් වෙළඳ කටයුතු සිදුවෙයි. එම වෙළඳාම වසරකට ඩොලර් බිලියන 5 ක් පමණ වේ. මෙකී අවිධිමත් වෙළඳාම සිදුවන්නේ කෙසේදැයි සලකන විට පෙනී යන්නේ එම භාණ්ඩ ඩුබායි රාජ්‍යයේ සිට නෞකා මගින් ගෙන එන බවය. එය දෙරට අතර ‘වෙළඳ වෙනසක්’ ලෙස ක්‍රියාත්මක වන්නකි.
දෙරට නිදහසෙන් 70 වසර සැමරූ හැටි
මෙම අවස්ථාව සමරමින් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි සිය කතාවේදී “වෙඩි උන්ඩ සහ අපයෝජන”, කාශ්මීරයේ සාමය ස්ථාපිත කිරීමට පිළිතුර නොවන බව කීවේය.
මෝදි ද සිය කතාවේදී කාශ්මිර බෙදුම්වාදීන් ව ආමන්ත්‍රණය කළේ ඔවුන් සිය බෙදීම නතර කළ යුතු බව කියමිනි. තවද සිය සහෝදර කාශ්මීර වැසියන් සමග එක්ව ‘අහිමි වූ පාරාදීසය’ නැවත සොයාගන්නැයි කීවේය.
පාකිස්ථානයේ නිදහස් සැමරුම් සඳුදා දින ආරම්භ විය. පාකිස්ථාන ධජය සහිත පතාක එසවිණි. ගුවන් බලය විදහා දැක්විණි. නගර පුරාම ගිනි කෙළි සන්දර්ශන දැකගත හැකි විය.
පරිවර්තනය: අමාලි ජයවීර
COMMENTS