මෙහි පලමු පියවර වහයෙන් විජයකුමාර් සුලක්ෂන් සිසුවා වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීමට පසුගියදා බන්ධනාගාර හා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී. එම්....
මෙහි පලමු පියවර වහයෙන් විජයකුමාර් සුලක්ෂන් සිසුවා වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීමට පසුගියදා බන්ධනාගාර හා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී. එම්. ස්වාමිනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේ තෙලිප්පලෙයි පොලිස් වසමේදී සන්දිලිප්පායි මාසියාපිටිටි ප්‍රදේශයේදී මුල්ගල් තැබීය.
රු. ලක්ෂ 5ක් වටිනා ඉඩමක රු. ලක්ෂ 9.5 ක වියදමින් මෙම නිවස ඉදිරීමේ කටයුතු සිදු කරන අතර නිවාස ඉදිකිරීමේ ශ්‍රමදායකත්වය යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සිදු කරන අතර මූල්‍යආධාර යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතාගේ ප්‍රධනත්වයෙන් සැපයේ.
පසුගිය 2016 වසරේ ඔක්තෝම්බර් 20 වැනිදා රාත්‍රී සාදයකට සහභාගී වී යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී වූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ එක් සිසුවෙකු එම ස්ථානයේදීම මියගිය අතර අනෙක් සිසුවා යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගියේය.
යාපනයේ දිසාපති වේදනායකන් මහතා සහ සන්දිලිප්පායි ප්‍රාදේශීය ලේකම් හා යුදහමුදා නියෝජිත පිරිසක් මෙන්ම මිය ගිය සිසුවාගේ මව හා සොයුරෙකු මෙම මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගි විය.
- වන්නි රොමේෂ් මධුෂංඛ -
COMMENTS