එසේ ඉල්ලා අස් නොවන්නේ නම් රවී කරුණානායක මහතාට එරෙහිව ඉදිරිපත් වන ඕනෑම විශ්වාසභංග යෝජනාවකට තමන් සහාය දක්වන බව ද ඇමතිවරයා පවසයි. ඇවන්ගා...
එසේ ඉල්ලා අස් නොවන්නේ නම් රවී කරුණානායක මහතාට එරෙහිව ඉදිරිපත් වන ඕනෑම විශ්වාසභංග යෝජනාවකට තමන් සහාය දක්වන බව ද ඇමතිවරයා පවසයි.
ඇවන්ගාර්ඩ් සිද්ධියේදී ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය තිලක් මාරපන මහතා ඇමතිධූරයෙන් ඉල්ලා අස්වී පරීක්ෂණ සඳහා සහයෝගය ලබාදුන් බව පෙන්වා දෙන දයාසිරි ජයසේකර මහතා, මාරපන මහතා ආදර්ශයට ගනිමින් රවී කරුණානායක මහතා ද ඉවත් වියයුතු බව පවසයි.
රාජපක්ෂ රෙජීමයේ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවෙමින් පවතින වටපිටාවක එම යුගයේ වැරදි නැවතත් සිදුවීමට ඉඩ ලබාදිය නොහැකි බව ද ජයසේකර මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS