දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මුලතිවු විනිසුරු බිරිදටත් හොරෙන් රටින් පනී!
Homeප්‍රවෘත්ති

මුලතිවු විනිසුරු බිරිදටත් හොරෙන් රටින් පනී!

PropellerAds

මුලතිව් හිටපු දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මහතාට කිසිදු ජීවිත තර්ජනයක් හෝ වෙනත් තර්ජනයක් නොතිබූ බවත් අවම තරමින් සිය බිරියටත්...

දළදා පෙරහැරට ත‍්‍රස්ත ප‍්‍රහාර අවදානමක් - ආරක්‍ෂාව දැඩි කරන්නැයි දන්වයි !
සජිත් කපා දැමීම ස්ථිරයි.. එජාප ජනාධිපති අපේක්‍ෂක තේරිම කෘත්‍යාධිකාරියෙන් හා මන්ත‍්‍රී කණ්ඩායමෙන් ඉවතට !
Exclusive : ගෝඨාභය ඇමරිකා පුරවැසිකම ඉවත් කල නිල සහතිකය මෙන්න
මුලතිව් හිටපු දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මහතාට කිසිදු ජීවිත තර්ජනයක් හෝ වෙනත් තර්ජනයක් නොතිබූ බවත් අවම තරමින් සිය බිරියටත් නොදන්වා ඔහු විදේශගත වී ඇත්තේ පූර්ව සැලසුමකට බවත් මේ වන විට සිදු කර ඇති විමර්ශනවලින් තහවුරු වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශය රජයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වේ. විනිසුරුවරයා සැප්තැම්බර් 25 දින ඉන්දියාවට යාමට විදේශ නිවාඩු ඉල්ලුම් කර එය අනුමතව තිබියදී මෙසේ පූර්ව සැලසුමකට අනුව සැප්තැම්බර් 24 වැනි දින විදේශ ගත වීම කිසියම් සංවිධානාත්මක පිරිසකගේ සැලසුමක්ද යන්න පිළිබඳව විමර්ශන සිදු කරමින් පවතින බවත් එම වාර්තාව සඳහන් කරයි.

මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මහතා මරණ තර්ජන ඇති බව කියමින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබිණි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පොලිස්පතිවරයාට කළ නියෝගය අනුව මෙම විමර්ශනය පැවැත්විණි
 
තමන්ට තර්ජනයක් ඇති බවට මහේස්ත්‍රාත්වරයා මීට පෙර කිසිදු අවස්ථාවක පොලිසියට හෝ අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කර නොතිබුණු අතර සැප්තැම්බර් 23 දා තම අස්වීමේ ලිපිය අධිකරණ සේවා කොමිසම වෙත යොමු කර මහේස්ත්‍රාත්වරයා ඉකුත් 24දා විදේශගතව තිබිණි.

මහේස්ත්‍රාත්වරයා වග උත්තරකරුවකු කරමින් අභියාචනාධිකරණයේ නඩුවක් ද පැවතිණි.

විනිසුරුවරයාගේ බිරිය, මුලතිව් අතිරේක මහේස්ත්‍රාත් ඩී.ප්‍රදීපන්, මුලතිව් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.යූ.පී. අමරතුංග, මුලතිව් වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ඒ. ජී.එච්. එන්.කේ. තිලකරත්න, දිසා විනිසුරුවරයාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරී පොලිස් කොස්තාපල් කේ.එස්. ප්‍රේමන්, පුද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල් කේ. ශිවකාන්තන්, මුලතිව් අධිකරණය භාර පොලිස් කොස්තාපල් එම්. මුදිසන්, මුලතිව් පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් වන සමරකෝන් සහ සඳරුවන්, මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් බී. සරවනරාජ්, විනිසුරුවරයාගේ අධිකරණ ආරච්චි ලෙස කටයුතු කළ පී. සුචිකාන්, මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ පිස්කල් එස්. ශිවකුමාර්, මුලතිව් අධිකරණයේ තෝල්කවරයා වන ජේ. ලින්ටන්රාජා මහත්වරුන්ගේ ප්‍රකාශ මෙම විමර්ශනයේදී සටහන් කර ගෙන ඇති අතර ඔවුන් සියලු දෙනාම පවසා ඇත්තේ මරණ තර්ජනයක් තිබුණු බවට විනිසුරු ටී. සරවනරාජා මහතා කිසිදු අවස්ථාවක තමන්ට පවසා නොමැති බවය.


එම වාර්තාවට අනුව මුලතිව් හිටපු දිසා විනිසුරු ටී. සරවනරාජා මහතා 2021 වසරේ අප්‍රේල් 05 දා මුලතිව් මහේස්ත්‍රාත්වරයා ලෙස පත්ව ඇති අතර මුලතිව් පොලිස් ස්ථානය විසින් සියලු ආරක්ෂාව ඔහු වෙත සලසා දී තිබේ. කිසිදු අවස්ථාවක ආරක්ෂාව පිළිබඳව හෝ ජීවිත තර්ජනයක් පිළිබඳව ගැටලුවක් උද්ගත වී නොමැත.

වාර්තාවට අනුව විනිසුරුවරයා සැප්තැම්බර් 24 වන දින ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බව විමර්ශනයේදී හෙළි වී ඇත. ඒ සඳහා එයාර් ඇරබියා ගුවන් සේවයෙන් ගුවන් ටිකට් පත් කුරුණෑගල අලෙවි නියෝජිතයකුගෙන් මිලදී ගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් වන සියලු කටයුතු අමෙරිකානු දුරකතන අංකයක් මඟින් සිදු කර තිබේ. එම දුරකතන අංකය ක්‍රියාත්මක නොවුණොත් නැවත ඇමතීම සඳහා කෙන්යානු දුරකතන අංකයක් ටිකට් පත් අලෙවි නියෝජිතවරයාට ලබා දී ඇත. ගුවන් ටිකට් පත් සඳහා ගෙවීම කල්මුණේ ප්‍රදේශයෙන් සිදු කර ඇත. ටිකට් පත ලබා ගෙන ඇත්තේ සාජා, නයිරෝබි, දිල්ලි හරහා ඔක්තෝබර් 12 දින යළි මෙරටට පැමිණීමටය. ගුවන් සමාගමෙන් ලබා ගත් තොරතුරු අනුව මහේස්ත්‍රාත්වරයා සාජාවලින් පසුව නයිරෝබි දක්වා යාමට මෙතෙක් ගුවන් ටිකට් පත භාවිත කර නොමැති බව තහවුරු වී තිබේ.

මේ කරුණු අනුව මහේස්ත්‍රාත්වරයාගේ විදේශගත වීම පූර්ව සූදානමකින් සිදු කර ඇති බවට අනාවරණය වී තිබේ. ඔහු දිවයිනෙන් බැහැර යාමේ ලේඛනයේ ගමනාන්තය ලෙස නයිරෝබි නගරය සඳහන් කර ඇත. සේවයෙන් ඉල්ලා අස් වී තිබියදී රාජකාරි ගුවන් බලපත්‍රය භාවිත කිරීම ගැටලුවකි.


මුලතිව් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.යූ.පී. අමරතුංග මහතා ප්‍රකාශයක් දෙමින් සඳහන් කර ඇත්තේ පසුගිය ජනවාරි මස සිට තමා රාජකාරිය තුළ සහ පුද්ගලිකව ළඟින් ඇසුරු කළ බවත් කිසිදු අවස්ථාවක ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු පවතින බව සඳහන් කර නොමැති බවත්ය. අවස්ථා කිහිපයකදීම විනිසුරුවරයාගේ ඉල්ලීම පරිදි පොලිස් නිලධාරීන් පුද්ගලික ආරක්ෂාවට සහ නිවසේ ආරක්ෂාවට යෙදවූ බවත් සඳහන් කර තිබේ.

මුලතිව් වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඒ.ජී.එච්.එන්.කේ. තිලකරත්න මහතා ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කර ඇත්තේ මහේස්ත්‍රාත්වරයාගේ පුද්ගලික ආරක්ෂාව සඳහා පැති අවි සහිතව නිලධාරීන් දෙදෙනකු ද නිල නිවසේ ආරක්ෂාව සඳහා පැය 12 සේවා මුර ඇතුළත් වන ලෙස නිලධාරීන් දෙදෙනා බැගින් දිනකට නිලධාරින් 04ක් සේවයට යෙදවූ බවය. කිසිදු අවස්ථාවක දිසා විනිසුරුවරයා සිය ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බවට තමා හෝ මූලස්ථාන පොලිසියේ වෙනත් කිසිදු නිලධාරියකු වෙත පැමිණිලි කර නොතිබූ බවත් සඳහන් කර තිබේ.

දිසා විනිසුරුවරයාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරී පොලිස් කොස්තාපල් කේ.එස්. ප්‍රේමන් මහතා ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කර ඇත්තේ ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව හා ජීවිත තර්ජනයක් පවතින බවට විනිසුරුවරයා තමා වෙත කිසිදු අවස්ථාවක සඳහන් කර නොමැති බවත්ය. දිසා විනිසුරුවරයා විදේශගත වීමට සතියකට පෙර ඔහුගේ කාරය විකුණූ බවත් සැප්තැම්බර් 23 දින විදේශගත වූ බවත් සඳහන් කර තිබේ.


දිසා විනිසුරුවරයාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල් කේ. ශිවකාන්තන් මහතා ප්‍රකාශයක් ලබා දෙමින් සිය ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව හෝ ජීවිත තර්ජන පවතින බවට කිසිදු අවස්ථාවක විනිසුරුවරයා තමාට පවසා නොමැති බවත් සඳහන් කර තිබේ.

මුලතිව් අධිකරණය භාර පොලිස් කොස්තාපල් එම්. මුදිසන් මහතා ප්‍රකාශයක් ලබා දෙමින් විනිසුරුවරයාගේ ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව සහ ජීවිත තර්ජන පවතින බවට කිසිදු අවස්ථාවක සඳහන් කර නොමැති බවත් රාජකාරීමය වශයෙන් විනිසුරුවරයාගේ බැහැරට යෑම් සඳහා පැති අවියක් සහිතව තමා සහභාගි වන බවද එවැනි අවස්ථාවල ආරක්ෂාව පිළිබඳව ගැටලු ඇති වී නොමැති බවත් සඳහන් කර ඇත.

මුලතිව් පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් වන සමරකෝන් සහ සඳරුවන් මහත්වරුන් ප්‍රකාශ දෙමින් සඳහන් කර ඇත්තේ අවස්ථා කිහිපයකදීම විනිසුරුවරයාගේ නිල නිවෙසේ ආරක්ෂාව සඳහා තවත් නිලධාරියකු සමඟ අවි සහිතව රාජකාරියේ යෙදුණු බවත් ඒ කිසිම අවස්ථාවක විනිසුරුවරයාගේ ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව තමන්ට ප්‍රකාශ කර නොමැති බවත්ය.

මුලතිව් අතිරේක මහේස්ත්‍රාත් ඩී. ප්‍රදීපන් මහතා ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කර ඇත්තේ ටී. සරවනරාජ් මහතා ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස තමා සමඟ සේවය කළ අතර ඔහුට ජීවිත අනතුරක් හෝ තර්ජනයක් ඇති බව කිසිදු අවස්ථාවක තමන්ට දැනුම් දී නැති බවත්ය. සැප්තැම්බර් 21 වන දින පුද්ගලික අවශ්‍යතාවක් සඳහා කොළඹ යන බව දැනුම් දී වැඩ බැලීම සඳහා තමා පත් කළත් විනිසුරුවරයා විදේශ ගත වී ඇති බව මාධ්‍ය මඟින් දැන ගත් බවත් සඳහන් කර තිබේ.

මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් බී.සරවනරාජ් මහතා ප්‍රකාශයක් දෙමින් සඳහන් කර ඇත්තේ මෙම වසරේ ජනවාරි මස සිට තමා මුලතිව් අධිකරණයේ සේවය කළ අතර මරණ තර්ජනයක් ඇති බවට විනිසුරුවරයා තමන්ට කිසිදු අවස්ථාවක දැනුම් නොදුන් බවය. විනිසුරු සරවනරාජ් මහතා පසුගිය අගෝස්තු 30 වන දින ඉන්දියාවට යාම සඳහා ඉල්ලුම් පතක් යොමු කරමින් සැප්තැම්බර් 25 සිට ඔක්තෝම්බර් 01දා දක්වා විදේශ නිවාඩු ඉල්ලුම් කළ බවත් අධිකරණ සේවා කොමිසම් සභාව විදේශ නිවාඩු අනුමත කරමින් සැප්තැම්බර් 21දා ෆැක්ස් පණිවුඩයක් එවා තිබූ බවත් සඳහන් කර තිබේ. විනිසුරුවරයා සැප්තැම්බර් 20දා වරු නිවාඩුවක් සහ ඊට පසු දින රාජකාරී නිවාඩුවක් ලබා ගෙන තිබූ නමුත් තර්ජනයක් හෝ සේවයෙන් ඉල්ලා අස් වීමක් සම්බන්ධයෙන් නිල හෝ පුද්ගලික මට්ටමින් තමා දැනුවත් නොකළ බවත් සඳහන් කර තිබේ. විනිසුරුවරයාගේ අධිකරණ ආරච්චි ලෙස කටයුතු කළ පී.සුචිකාන් මහතා ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කර ඇත්තේද තමා දන්නා තරමින් විනිසුරුවරයාට ජීවිත හෝ මරණ තර්ජනයක් නොතිබූ බවත් එවැන්නක් සම්බන්ධයෙන් ඔහු තමා සමඟ ප්‍රකාශ කර නොතිබූ බවත්ය.

මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ පිස්කල් එස්. ශිවකුමාර් මහතා ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කර ඇත්තේ විනිසුරුවරයාට ජීවිත හෝ මරණ තර්ජනයක් තිබූ බවක් තමා නොදන්නා බවත් විනිසුරුවරයා එවැන්නක් තමා සමඟ පවසා නොමැති බවත්ය. විනිසුරුවරයා සිය කාරය විකිණීමෙන් පසු පාව්ච්චි කළේ තමාගේ කාරය බවත් සැප්තැම්බර් 21 දින රාජකාරි අවශ්‍යතාවයක් සඳහා කොළඹ යාමට බව පවසා තමාගේ කාරය රැගෙන ගිය බවත් පසු දින පුද්ගලික ආරක්ෂක නිලධාරි ප්‍රේමන් මහතා කාරය ගෙනැවිත් දුන් බවත් විනිසුරුවරයා විදේශ ගත වීම පිළිබඳව කිසිවක් තමා නොදන්නා බවත් සඳහන් කර තිබේ. මුලතිව් අධිකරණයේ තෝල්කවරයා වන ජේ. ලින්ටන්රාජා මහතා ප්‍රකාශයක් ලබා දෙමින් විනිසුරුවරයා සමඟ අධිකරණ කටයුතුවලදී තමා ළඟින්ම රාජකාරී කළ බවත් මරණ තර්ජනයක් හෝ ජීවිත තර්ජනයක් පිළිබඳව විනිසුරුවරයා තමා සමඟ සඳහන් කර නොතිබූ බවත්ය. සිය සැමියා මහේස්ත්‍රාත්වරයකු වශයෙන් දැඩි මානසික ආතතියකින් පසු වූ බවත් ආරක්ෂාව ප්‍රමාණවත් නොවීම පිළිබඳව අවුරුදු දෙකකට පමණ පෙර ඔහු සඳහන් කළ බවත් දිසා විනිසුරුවරයාගේ බිරිය සඳහන් කර තිබේ. එසේ වුවත් මෑත කාලීනව එවැනි ආරක්ෂාව පිළිබඳව ගැටලු ඇති බව තමා සමඟ පවසා නොමැති බවත් ඇය සඳහන් කර තිබේ. පසුගිය සැප්තැම්බර් 23 සැමියා උදෑසන 2 ට පමණ මුලතිව් යන බව පවසා පිටව ගියත් විදේශ ගත වීමක් සම්බන්ධයෙන් තමා දැන නොසිටි බවත් ඇය පවසා තිබේ.

විනිසුරුවරයා සැප්තැම්බර් 24 වන දින ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බව විමර්ශනයේදී හෙළි වී ඇත. ඒ සඳහා එයාර් ඇරබියා ගුවන් සේවයෙන් ගුවන් ටිකට් පත් කුරුණෑගල අලෙවි නියෝජිතයකුගෙන් මිලදී ගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් වන සියලු කටයුතු අමෙරිකානු දුරකතන අංකයක් මඟින් සිදු කර ඇති අතර එම දුරකතන අංකය ක්‍රියාත්මක නොවුණොත් නැවත ඇමතීම සඳහා කෙන්යානු දුරකතන අංකයක් ටිකට් පත් අලෙවි නියෝජිතවරයාට ලබා දී ඇත. ගුවන් ටිකට් පත් සඳහා ගෙවීම කල්මුණේ ප්‍රදේශයෙන් සිදු කර ඇත. ටිකට් පත ලබා ගෙන ඇත්තේ සාජා , නයිරෝබි, දිල්ලි හරහා ඔක්තෝම්බර් 12 දින යළි මෙරටට පැමිණීමට ලබා ගෙන තිබේ.

මේ කරුණු අනුව මහේස්ත්‍රාත්වරයාගේ විදේශ ගත වීම පූර්ව සූදානමකින් සිදු කර ඇති බවට අනාවරණය වී තිබේ.

ශිරෝමි අබයසිංහ
– Dinamina


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුලතිවු විනිසුරු බිරිදටත් හොරෙන් රටින් පනී!
මුලතිවු විනිසුරු බිරිදටත් හොරෙන් රටින් පනී!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjgZOYNX6684S1YZzC9JEbmPXB3529U16XizIFvugjzW3OhtpUlXm2YjoXS2-GW2qO6R6fhUSt9Jerb9xlN2iGKp9Pbr9yERTDn7n7xFW7Piw2f8kaojSg4xrI0nGBWPzhfKNzX7uFfmz0u/s320/45-8.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjgZOYNX6684S1YZzC9JEbmPXB3529U16XizIFvugjzW3OhtpUlXm2YjoXS2-GW2qO6R6fhUSt9Jerb9xlN2iGKp9Pbr9yERTDn7n7xFW7Piw2f8kaojSg4xrI0nGBWPzhfKNzX7uFfmz0u/s72-c/45-8.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/10/blog-post_38.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/10/blog-post_38.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy