එම පාසල් වල මේ වන විටත් ගුරු සහායකයන් 3000ක් පමණ සේවය කරන බවයි ලංකා ගුරු සංගමය පෙන්වා දෙන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශය අනෙකුත් බඳවා ගැනීම් සි...
එම පාසල් වල මේ වන විටත් ගුරු සහායකයන් 3000ක් පමණ සේවය කරන බවයි ලංකා ගුරු සංගමය පෙන්වා දෙන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශය අනෙකුත් බඳවා ගැනීම් සිදු කළද අත්‍යාවශ්‍ය බඳවා ගැනීමක් වන ගුරුවරුන් බඳවා ගැනීම ප්‍රමාද කරමින් සිටින බව එම සංගමය ප්‍රකාශ කරයි. දැනට වතු පාසල් සඳහා බඳවා ගෙන සිටින ගුරු සහායකයන් 3000ක් පමණ දෙනා සඳහා මුලින් ගෙවීම් සිදු කළේ රු. 6000ක මුදලක් වන අතර ඊට පසු එය රු.10000 ක් දක්වා වැඩි කර තිබේ. කෙසේ වෙතත් ඔවුන් ගුරු සේවයට එක් නොකර රු. 10000ක් වැනි සුළු මුදලකට සේවය ලබා ගැනීම පිළිගත නොහැකි බවයි ලංකා ගුරු සංගමය සඳහන් කරන්නේ.
විශේෂයෙන් වතු පාසල් යනු මෙරට අධ්‍යාපන පද්ධතියේ අඩු අවධානයක් සහිත පහසුකම් අවම දුෂ්කර පාසල් පද්ධතියකි. වතු ආශ්‍රිතව රැකියාව කරන අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන් මෙම පාසල්හි අධ්‍යාපනය ලබන අතර ඔවුන් පිළිබඳ වැඩ හොඳ අවධානයක් යොමු විය යුතු වුවත් එය සිදු නොවීම කණගාටුදායකය. ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතාව ඉටු කර දෙන ගුරුවරුන් සම්බන්ධයෙන් හෝ අධ්‍යාපන අමාත්‍යාංශය නිසි අවධානයක් යොමු කර නැත.
දීමනාවක් ලබමින් වසර ගණනාවක් තිස්සේ ගුරු සහායකයින් ලෙස කටයුතු කරන එම ගුරුවරු පත්වීම් ලැබූ දින සිට ගුරු සේවයේ 3-11ශ්‍රේණියට අන්තර්ග්‍රහණය කරමින් ඔවුන්ට ලැබිය යුතු වැටුප් සහ හිඟ වැටුප් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත් විය යුතු බවයි ලංකා ගුරු සංගමය වැඩිදුරටත් අවධාරණය කරන්නේ.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS