පළාත් පාලන නියෝජිතවරියන්ට ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් දේශනයක් දෙනු ලැබිය. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පා...
පළාත් පාලන නියෝජිතවරියන්ට ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් දේශනයක් දෙනු ලැබිය.
ඒ කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා තේරීපත් වූ කාන්තා නියෝජිතවරියන් සඳහා සංවිධානය කළ වැඩ මුලුවක් ඊයේ කොළඹදී පැවැත්විණි ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වනු ලැබිය.
“මෑත කාලයේ ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා, ගරු හිටපු ජනාධිපතිතුමා ඒ ඔක්කොම ඒකමතිකව තමයි 2016 මේ පනත පාස් කලේ කාන්තාවන්ට 25%ක් දෙන්න. මේ සෙනග වැඩි වුණයි කියලා ඔක්කොම කිව්වට 2016 අංක 01 දරණ පනත පාර්ලිමේන්තුව ඒකමතිකව සම්මත කළේ. ගරු විපක්ෂ නායකතුමා, විපක්ෂයේ සංවිධායකතුමා ඒ සියලුදෙනාම එකතු වෙලා. අපි දේශපාලනය කතා කරන්න ඕනේ. ජනතාවගේ බලය ඒක කාටවත් අත අරින්න බැහැ. ඒක පැහැර ගන්න දෙන්නත් බැහැ. කවුරු කතා කළත් ජන්ද අවලංගු කරන එක වැරදියි. කල් දාපු එක වැරදියි. මේවා කතා වෙන්න ඕනේ. අපේ රටේ හිතන් ඉන්න ලොකුම දේ තමයි දේශපාලනය අන්තිම නරක දෙයක්."
"බෝවෙන රෝගයක්. නැත්තම් මහසෝන් යකා වගේ භයානක එකෙක්. එහෙම එකක් නැහැ. වැලිකඩ හිරගෙදර ලියලා තියෙන්නේ සිරකරුවෝද මනුෂ්‍යයෝය. දේශපාලඥයෝද මනුෂ්‍යයෝය. ජන්ද කාලයේ යම් කෙනෙක් පන්සලේ දේශපාලනය කතා කලොත් සම්පුර්නයෙන්ම ප්‍රජා අයිතිය අහිමි වෙනවා. නීති විරෝධිව කටයුතු කල අයට කිසිදු ක්‍රියා මාර්ගයක් අරගෙන නැහැ කියලා, පොලිසිය නඩු 385ක් දාලා තියෙනවා. දැනට එකෙක්නෙක් වරදකරු වෙලා රුපියල් 100ක් දඩ ගැහුවා. අපි එයාගේ මන්ත්‍රී ධුරය අවලංගු කරන්න ලියලා තියෙනවා.”යැයිද පැවසිය.
COMMENTS