දෙවිනුවර ශ්‍රී විශ්ණු දේවාලයට පඬුරැ දමා තමන් අලුතින් ගත් ත්‍රිරෝද රථයට ආශීර්වාද ලබාගැනීමට ගිය බැතිමතෙකුහට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන...
දෙවිනුවර ශ්‍රී විශ්ණු දේවාලයට පඬුරැ දමා තමන් අලුතින් ගත් ත්‍රිරෝද රථයට ආශීර්වාද ලබාගැනීමට ගිය බැතිමතෙකුහට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්දයෙන් එම දේවාලයේ ප්‍රධාන දේවගැතිවරයා ( කපුවා) ඊයේ (6) දහවල් ගන්දර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තමන් අලුතින් ගත් ත්‍රිරෝද රථයට ආශිර්වාද ලබාගැනීම වෙනුවෙන් දෙවිනුවර ශ්‍රී විහ්නු දේවාලය වෙත ගිය බැතිමතෙකු පඬුරු දමා මාරු කාසියක් ත්‍රිරෝධරථයේ බැඳීමට (කපුවා)දේවගැති වරයාගෙන් රෙදි කඩක් ඉල්ලා ඇත. මෙහිදී ඇතිවූ වචන හුවමාරුවකදී කපුවා විසින් තමන්ට පහරදුන් බවට බැතිමතා විසින් පසුගිය අගොස්තු මස 03 වැනිදින ගන්දර පොලීසියට පැමිණිලි කර තිබුනි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලීසිය සැකකාර දේවගැතිවරයා ඊයේ (6) දහවල් අත්අඩංගුවට ගනු ලැබුනි.
සිද්ධිය සම්බන්ධයෙන් ගන්දර වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.එම්. විපුල දහනායක, පොලිස් පරීක්ෂක බැට්ටගේ ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
(ලලිත් චාමින්ද)
COMMENTS