අදාල දුම්රිය හරස් මාර්ගයේ ඊයේ (14) රාත්‍රියේ ත්‍රී රෝද රථයක් දුම්රියේ ගැටීම හේතුවෙන් පුද්ගලයෙකු මිය යාමත් සමග එයට ආරක්ෂාව ඉල්ලා අද උදෑසන...
අදාල දුම්රිය හරස් මාර්ගයේ ඊයේ (14) රාත්‍රියේ ත්‍රී රෝද රථයක් දුම්රියේ ගැටීම හේතුවෙන් පුද්ගලයෙකු මිය යාමත් සමග එයට ආරක්ෂාව ඉල්ලා අද උදෑසන මෙසේ විරෝධතාවක් ප්‍රදේශවාසීන් විසින් සංවිධානය කොට තිබුණි. උදෑසන සීග්‍රගාමී දුම්රියට ධාවනය කිරීමට නොහැකි වන අයුරින් ප්‍රදේශවාසීන් විසින් උතුරු දුම්රිය මාර්ගයේ හිඳගනිමින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුණි.
විරෝධතාවයේ නිරත වූවන් කියා සිටියේ මෙම දුම්රිය හරස් මාර්ගයේදී මීට පෙරදී මාරක අනතුරු කිහිපයක්ම සිදු වුවද මෙතෙක් දුම්රිය හරස් මාර්ගයට ආරක්ෂකයෙකු හෝ ගෙට්ටුවක් නොදැමීමට බලධාරීන් කටයුතු කර බවටයි.
පසුව අදාල ස්ථානයට තාණ්ඩික්කුලම් දුම්රිය ස්ථානාධිපති ඇතුලු පොලිස් නිලධාරීන් ගොස් වැසියන් සමග සාකච්ඡා කොට පවසා සිටියේ අදාල ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන් සමග සාකච්ඡා කොට ඉක්මන් විසඳුමක් ලබා දෙන බවට පොරොන්දු වීමෙන් පසුව විරෝධතා කරුවන් දුම්රිය මාරගයෙන් ඉවත් වූ අතර පසුව දුම්රිය ගමන් සාමාන්‍ය පරිදි සිදුවිය.
- වන්නි රොමේෂ් මධුෂංඛ-
COMMENTS