කාලෝචිත මාතෘකාවක් රැගත් මෙම චිත්‍රපටයේ සියදිවි හානිකරගැනීම පිළිබඳ කතාබහට ලක්වේ.නූතන සමාජයට පරමාදර්ශයක් සැපයීමේ අරමුණින් නිර්මාණය කරනලද සී...
කාලෝචිත මාතෘකාවක් රැගත් මෙම චිත්‍රපටයේ සියදිවි හානිකරගැනීම පිළිබඳ කතාබහට ලක්වේ.නූතන සමාජයට පරමාදර්ශයක් සැපයීමේ අරමුණින් නිර්මාණය කරනලද සීමා නෑ ආකාසේ හි පුබුදු චතුරංග,අරුණි මල්ලවආරච්චි , ධනංජි තාරුකා,සංගීතා තෙදානි,සංජුල දිවාරත්න,කේශාන් ශෂීන්ද්‍ර,කල්ප කැළුම්,ගයාන් හෙට්ටිආරච්චි ,ඇතුළු පිරිසක් රංගනයෙන් දායකවේ.ශ්‍රියානි අමරසේන සහ බුද්ධදාස විතානාච්චිගේ ආරාධිත රංගනයෙන් හැඩ වන මෙම චිත්‍රපටය අයේෂ්මන්ත හෙට්ටිආරච්චිගේ කැමරා අධ්‍යක්ෂණයෙන් තැනුණකි.කලා අධ්‍යක්ෂණයෙන් දීප්ති මංගලසෝම ද,අංග රචනයෙන් නලීන් ප්‍රේමරත්න ද,ඩිජිටල් වර්ණගැන්වීමෙන් ප්‍රවීන් ජයරත්නද,සහය අධ්‍යක්ෂණයෙන් සුනෙත් රසාංගද එක්වන සීමා නෑ ආකාසේහි සංගීත අධ්‍යක්ෂණය සංඛ රුවන්දික(red)ගෙනි.ඉමේෂා මුතුකුමාරි,කෞෂික් මිලින්ද ,චමරි පෙරේරා සහ ඩිල්ෂාන් සමරසිංහගේ මියුරු ගැයුමෙන් හැඩවන සීමා නෑ ආකාසේ Active Motion Pictures වෙනුවෙන් තිස්ස බාලසූරියගේ නිශ්පාදනයකි.සීමා නෑ ආකාසේ ප්‍රචාරක සැලසුම් NEXT කණ්ඩායමෙනි.
COMMENTS