උතුරු පලාත් සභාවේ කාන්තා කටයුතු අමාත්‍යංශය විසින් වව්නියාව නගර මද්‍යෙය් සිට විරෝධතා පාගමනක් පවත්වා වව්නියාව නගරසභා ශාලාවේදී රැස්වීමක් පවත...
උතුරු පලාත් සභාවේ කාන්තා කටයුතු අමාත්‍යංශය විසින් වව්නියාව නගර මද්‍යෙය් සිට විරෝධතා පාගමනක් පවත්වා වව්නියාව නගරසභා ශාලාවේදී රැස්වීමක් පවත්වමින් කියා සිටියේ උතුරේ මේ වන විට අතුරුදහන් වූවන් විසින් උපවාසයන් සිදු කරද මාස 06 කට වැඩි කාලයක් උපවාසයන්හි යෙදුනද මේ දක්වා රජය විසින් විධිමත් විසඳුමක් නොදීම නිසා අතුරුදහන් වූවන්ගේ ඥාතීන් ගැටලු රැසකට මුහුණ පා ඇති බවටයි.
එමෙන්ම මෙ වන තුරු විසඳුමක් නොලැබීම මත ඉදිරියේදී දැඩි තීරණයක් ගැනීමට උතුරේ සියලු බලවේග එක්ව කටයුතු කරන බවටද මෙම විරෝධතාවට එක් වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවසක්ති ආනන්දන් හා උතුරු පලාත් කාන්තා කටයුතු අමාත්‍ය ආනන්දි ශෂිධරන් යන අය කියා සිටියහ.
මේ අතර අතුරුදහන් වූවන් වූවන්ගේ පවුල් එකමුතුව විසින් වව්නියාව තැපල් කාර්යාලය ඉදිරිපිට පිහිටි උපවාස මණ්ඩපයේ සිට විරෝධතා පා ගමනකින් වව්නියාව කන්දසාමි කොවිල වෙතට ගොස් දෙවියන්ට කන්නලව් කරමින් පොල් ගසා කියා සිටියේ මාස 6 කට වැඩි කලක් උපවාසයේ යෙදී සිටයද මෙතෙක් තමන්ට කිසිදු විසඳුමක් නොමැති හෙයින් තමන්ට විසඳුමක් ලබා දෙන ලෙසටයි.
වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS