වත්මන් යහපාලන ආණ්ඩුව ජාතිවාදය පරාජය කළ බව පැවසුවද දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම පිළිබඳ තීරණයක් නොගන්නේ ඇයි දැයි පියතුමා ප්‍රශ්න කළේය. ක...
වත්මන් යහපාලන ආණ්ඩුව ජාතිවාදය පරාජය කළ බව පැවසුවද දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම පිළිබඳ තීරණයක් නොගන්නේ ඇයි දැයි පියතුමා ප්‍රශ්න කළේය. කෙසේ වෙතත් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කර සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතු බවයි සත්තිවේල් පියතුමා කියා සිටියේ. මේ වනවිට දේශපාලන සිරකරුවන් 132ක් නඩු විභාගයකින් තොරව බන්ධනාගාර ගතව සිටින බවද පියතුමා පැවසීය.
මේ අතර ඇතැමුන් දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් දියයුතු බව පැවසුවද ඔවුන් වරදක් කර නොමැති හෙයින් පොදු සමාවක් අවශ්‍ය නොවන අතර ඔවුන් නිදහස් කිරීමට ජනාධිපතිවරයට තීන්දුවක් ගත හැකි බව පියතුමන් පෙන්වා දුන්නේය. සංහිඳියාව ඇති කිරීමට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීම හා දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කළ යුතු බව සත්තිවේල් පියතුමා වැඩිදුරටත් පැවසීය.
නිශාන්ත ප්‍රියදර්ශන
COMMENTS