කවුරු කැමති වුවද අකමැති වුවද මේ රජය 2020 වසර දක්වා පවත්වාගෙන යන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත්වුවහොත් එක්සත් ජාතික ප...
කවුරු කැමති වුවද අකමැති වුවද මේ රජය 2020 වසර දක්වා පවත්වාගෙන යන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත්වුවහොත් එක්සත් ජාතික පක්ෂය රජයක් පිහිටවනු ඇති බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බදුල්ල ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් ඇමතිවරයා මේ බව පවසා සිටියේය. ඌව පළාත් පුස්තකාල ශ්‍රවණගාරයේදී ඊයේ (23දා) මෙම රැස්වීම පැවැත්වුණි.
"අපේ පක්ෂයේ බෙදීමක් තියෙන එක ඇත්ත. ඒ බෙදීම පුළුවන් තරම් අඩු කරගෙන අපේ පක්ෂයේ ස්ථාවරයට ජනතාව දිනාගැනීමට ඔබ ක්‍රියාත්මක විය යුතුයි. දැන් කියනව හෙට අනිද්දා ආණ්ඩුව පෙරළනවා කියලා. ඒවා නිකන් හීන විතරයි. අපි ආණ්ඩුවෙන් ගියා කියල හිතමුකො. මොකද වෙන්නේ. එක්සත් ජාතික පක්ෂයට 106 ක් තියෙනවා. ආණ්ඩුවක් පිහිටුවන්න 113 යි ඕන. තව ටිකක් එහෙන් මෙහෙන් ඇහිද ගෙන සමහර විට ඒකාබද්ධ විපක්ෂයෙනුත් කීපදෙනෙක් එකතු වෙයි. අපෙනුත් කීපදෙනෙක් එකතුවෙයි. එහෙම නැතිනම් ටී.එන්. ඒ එක තියෙනවා. තීරණාත්මක සාධකයක් ආවම ජේ.වී.පී එක නිහඬව ඉඳියි. එසේ වුවහොත් අපි නැතිව පාලනය ගෙනියන්න පුළුවන්.
අපි මේ සිද්ධාන්තය හොඳින් දන්නවා. ඒ නිසා අපි ආණ්ඩුවෙන් බැහැර වුණා කියල ආණ්ඩුව පෙරළන්න පුළුවන් කමකුත් නැහැ. අනිත් එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සම්මුතයකින් ඒක කළොත් මිසක් එහෙම නැතිව කිසිසේත්ම ආණ්ඩුව විසුරුවා හරින්න බැහැ. ඒ නිසා කැමති වුණත්, අකමැති වුණත් 2020 දක්වා මේ ගමන යන්න වෙනවා" යැයිද පවසා සිටියේය.
COMMENTS