අද දිනයේ ශ්‍රී ලංකාවට පැමිණෙන බවට සඳහන් කර තිබූ දේවගැති ජෙරම් ප්‍රනාන්දු මේ වන තෙක් කටුනායක ගුවන් තොටුපළින් මෙරටට පැමිණ නැත. ඔහු අත්අඩංගුව...
තමන් අද දිනයේ දිවයිනට පැමිණෙන බව තම සමාජ ජාල ගිණුම් ඔස්සේ සඳහන් කර තිබුණ ද මේ දක්වා ඔහු මෙරටට නොපැමිණි බව කටුනායක වාර්තාකරුවන් කියා සිටිති.
මේ වන විට ඔහුගේ කටුනායක පිහිටි මිරකල් ඩෝම් ශාලාව ඉදිරිපිට පොලිස් ආරක්ෂාව ද යොදවා ඇත.
මේ අතර දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබා ඇත්තේ අද ඉරිදා දේවමෙහෙය කටුනායක මිරකල් ඩෝම් ශාලාවේ නොපවත්වන බවයි.
එම දේව මෙහෙය මිරිහානේ ස්ථානයක පවත්වන බවත් ඒ සඳහා Zoom ඔස්සේ සම්බන්ධ විය හැකි බවත් ඔහු සඳහන් කර තිබේ.
අද දිනයේ ශ්‍රී ලංකාවට පැමිණෙන බවට සඳහන් කර තිබූ දේවගැති ජෙරම් ප්‍රනාන්දු මේ වන තෙක් කටුනායක ගුවන් තොටුපළින් මෙරටට පැමිණ නැත. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිටත් ගුවන්තොටුපොළේ පොලිස් කණ්ඩායමක් යොදවා ඇත.මේ වන විට ඔහුගේ කටුනායක පිහිටි මිරකල් ඩෝම් ශාලාව ඉදිරිපිට පොලිස් ආරක්ෂාව ද යොදවා ඇත.

COMMENTS