දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මීතොටමුල්ල කුණු කන්දෙන් කෝටි ගණනක් මුදල් පිල්ලි ගහලා

මීතොටමුල්ල කුණු කන්ද සමතලා කිරීමට යැයි පවසමින් කොළඹ නගර සභා ප්‍රධානීන් පිරිසක් රුපියල් කෝටි ගණනක මුදලක් පිල්ලි ගසා ඇතැයි හිටපු නාගරික මන්ත...

මීතොටමුල්ල කුණු කන්දෙන් කෝටි ගණනක් මුදල් පිල්ලි ගහලා

මීතොටමුල්ල කුණු කන්ද සමතලා කිරීමට යැයි පවසමින් කොළඹ නගර සභා ප්‍රධානීන් පිරිසක් රුපියල් කෝටි ගණනක මුදලක් පිල්ලි ගසා ඇතැයි හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා චෝදනා කරයි.

මේ පිළිබඳ සියළු තොරතුරු වාර්තා තමන් සතුව පවතින බව කියන කහඳගම මහතා මේ ලිපිගොනු සියල්ල ලබන සතියේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවටත් පොලිස් මුල්‍ය අපරාධ කොට්ටාශයට හා අනෙකුත් විමර්ශන අංශවලටත් බාරදෙන බව ප්‍රකාශ කර ඇත.

කුණු කන්ද සමතලා කිරීමට යැයි පවසමින් නගර සභා ප්‍රධානීන් පිරිසක් රුපියල් කෝටි 2ක තුන වරින් වර ලබා ගෙන ඒ මුදල් පිල්ලි ගසා ඇතැයි ද කහඳගම මහතා පවසයි.

මේ තත්වය යටතේ මීතොටමුල්ල ඛේදවාචකයට මේ නිලධාරීන් ඍජුවම වගකිවයුතු හෙයින් ඔවුන්ට මිනීමැරීමේ චෝදනාව යටතේ දඬුවම් කළ යුතු බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර මීතොටමුල්ලේ කුණු කන්දේ දුර්ගන්ධය පාලනය කිරීම සඳහා නුගේගොඩ වීදුරු විකිණීමේ ආයතනයකින් රසායන ද්‍රව්‍ය මිල දී ගත් බවට තොරතුරු සඳහන් කර ගෙවීම් කර ඇතත් එවැනි ආයතනයක් නොමැති බවට පසුව තොරතුරු අනාවරණය විනැයි ද මහින්ද කහඳගම මහතා පැවසීය.

මෙම ව්‍යාපෘතිය විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් සිව් දෙනෙකු අනුමත කරන බවට අදාළ ලියකියවිලිවල සටහන් යොදා ඇතත් එවැනි කිසිදු කටයුත්තකට සම්බන්ධ නොවුණු බවට ඒ මහාචාර්යවරුන් සිව් දෙනාම ලිඛිතව දැනුම් දී ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

මේ පිලිබඳ විමසිමකදී කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.අනුර මහතා පවසා ඇත්තේ මේ චෝදනාව අසත්‍ය බවයි.

මීතොටමුල්ල කුණු කන්ද පහත් කිරීමට 2012 – 2013 අතර කාලයේදී යුධ හමුදාව යෙදවූ යන්ත්‍ර වෙනුවට නගර සභාව ඉන්ධන වියදම් පමණක් ගෙවූ බවත් ඊට පසුව 2014 දී ඒ යන්ත්‍ර ඉවත් කර ගැනීම නිසා නගර සභාවට කුලී ගාස්තු ගෙවීමට සිදු වූ බවත් කී අනුර මහතා ඒ වියදම් ද ඉතා අඩු මට්ටමින් පවත්වාගෙන ගිය බව සඳහන් කළේය.

ඒ සියළු තොරතුරු වාර්තා සංඛ්‍යා ලේඛන තමන් සතුව පවතින බවත් හොර ගුහාවක්ව තිබුණ නගර සභාව තමා ක්‍රමානුකූලව නිවැරදි දිශාවකට රැගෙන යමින් තිබෙන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28553,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මීතොටමුල්ල කුණු කන්දෙන් කෝටි ගණනක් මුදල් පිල්ලි ගහලා
මීතොටමුල්ල කුණු කන්දෙන් කෝටි ගණනක් මුදල් පිල්ලි ගහලා
http://ift.tt/2tzoyCN
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_970.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_970.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy