ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරන දිනයේදී ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වෙත මී පැණි පූජා කිරීම ආදි වාසීන් විසින් සාම්ප්...
ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරන දිනයේදී ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වෙත මී පැණි පූජා කිරීම ආදි වාසීන් විසින් සාම්ප්‍රදායිකව කරන චාරිත්‍රයකි. වනයෙන් නෙළා ගන්නා ලද හොදම මී පැණි කොටස දන්තධාතූන් වහන්සේ වෙත පූජා කිරීමේ මංගල්‍ය සදහා සුදුවතින් සැරසුණු ආදීවසීන් විශාල පිරිසක් සහභාගීව සිටියහ.
දඹාන ආදි වාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ සහභාගීත්වයෙන් මී පැණි පූජා කිරීම සිදුවිය.
ආදි වාසී කණ්ඩායම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමෙන් පසු ඔවුන් අද රාත්‍රී පළමු රන්දෝලි පෙරහැර නැරඹීම සදහා සහභාගීවීමට නියමිතය.
ශ්‍රී දළදා මාලිගාව සහ නාථ විෂ්ණු කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාල පෙරහැරේ ගමන් කරන අලි ඇතුන් සදහා ඇදුම් ලබාදීමේ උත්සවය ද ඊට සමගාමීව ශ්‍රී දළදා මාලිගාවේ රන් ආයුධ මණ්ඩපයේදී සිදුවිය.
ව්‍යාපාරික තුසිත විජේසේන මහතා විසින් එම ඇදුම් පරිත්‍යාග කළ අතර මේ අවස්ථාව සදහා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, මහනුවර නාථ දේවාලය, විෂ්ණු දේවාලය, කතරගම දේවාලය සහ පත්තිනි දේවායන්හි බස්නායක නිලමේවරුන් වන ගයාන් හීන්කෙන්ද, මහේන්ද්‍ර රත්වත්තේ, ගැමුණු බණ්ඩාර වලිසුන්ර සහ හේමන්ත බණ්ඩාර හේරත් යන මහත්වරුන් ද මේ අවස්ථාවට එක්විය.
නදීක දයා බණ්ඩාර - මහනුවර
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=EZt-b76wxPU&feature=youtu.be[/youtube]
''
COMMENTS