ඔයාට මතකද සමන්මලී දහය වසරෙදි සිංහල සර් ඔය කවිය කියන කොට අපි හිනාවෙන හැටි ඔයා බිම බලන හැටි මූණ රතුවෙන හැටි...... ඇත්තමයි ඒ දවස්වල ක...
ඔයාට මතකද සමන්මලී
දහය වසරෙදි
සිංහල සර්
ඔය කවිය කියන කොට
අපි හිනාවෙන හැටි
ඔයා බිම බලන හැටි
මූණ රතුවෙන හැටි......
ඇත්තමයි ඒ දවස්වල
කාටවත් කිව්වෙ නැතිමුත්
කවමදාවත්
කාටවත් කිව්වෙ නැතිමුත් .
අළුත් උපමාවන් හෙව්වා
හොරෙන් රසවින්දා.........
ඕ ලෙවල්
අහවර ව
ඒ ලෙවල්
විෂය ධාරා
බෙදුනාම
කිසිම පන්තියක
ඔයා ඉන්නව දැක්කෙ නෑ
කිසිම දවසක දැක්කෙ නෑ.........
අනවසර ඉඩමට
බලපත්‍රයක් පතාගෙන
මොකද ඔය
බයවෙලා බිම බලාගෙන
අඳුනන්න බැරිද
සමන්මලී
මම සමන්සිරි......?
ඔළුව ලොකු
බඩ මහත
කොළු පැටියෙකුත්
වඩාගෙන
සමන්මලී
බිම බලාගෙන
එදා වාගෙම
බිම බලාගෙන....................
මගෙ කටේ හැටි දැනගෙන
අළුත් උපමාවක් කියා
විහිළුවක් කරතැයි
හිතුවාද........?
ඇත්තමයි ඉතිං
මේ වාගෙ
කතාවකටත්
අළුත් උපමාවක්
ඕනෑ
ඒවාගෙ උපමාවක්
මම නං
කිසිම කවියක දැකලා නෑ
මම හිතන විදිහට
කිසිම කවියෙක් ලියලා නෑ............
COMMENTS