බිරියන් හා දරුවන් ඇත්තෝ තම වස්තුවට ඇපකරුවන් පත්කරගෙන සිටින්නෝ ය. මිනිසා ධාර්මිකව හෝ අධාර්මිකව තම ලාභ ප්‍රයෝජන සඳහා අරඹන බොහෝ කාර්යයන් උත්...
බිරියන් හා දරුවන් ඇත්තෝ තම වස්තුවට ඇපකරුවන් පත්කරගෙන සිටින්නෝ ය. මිනිසා ධාර්මිකව හෝ අධාර්මිකව තම ලාභ ප්‍රයෝජන සඳහා අරඹන බොහෝ කාර්යයන් උත්ප්‍රේරණය කරන්නේ අඹු දරුවන් විසිනි. නමුත් මහජනයාගේ සුබසෙත පිණිස උසස් කාර්යයන් හි නිතර වුවෝ අවිවාහකයෝ වෙති. මන්ද, ඔවුන් ජනතාව සමග ෂරණ බන්ධනයකට ඇතුළත්ව සිටිනා නිසා ය.
විවාහක, දරුවන් ද ඇති ඇතැම් පුරුෂයන් තමන්ගේ අඹුදරුවන්ට ෂලකන්නේ මාසය අන්තිමට ගෙවිය යුතුව තිබෙන ගාස්තුවක් හෙවත් වධයක් වශයෙනි. මසුරෝ දරුවන් නොමැති වීම ආශිර්වාදයක් සේ සලකති. ඔවුන් සිතන්නේ දරුවන් සිටීම මහත් වියදම්කාරී කටයුත්තකැයි කියා ය.
කෙසේ නමුත් බොහෝ දෙනෙකු තනිකඩ ජීවිත තෝරාගැනීමට හේතුව නිදහස් ජීවිත ගත කිරීමට තිබෙන අවශ්‍යතාවයයි. ඇතැම්හු අඹුදරුවන්ගෙන් යුක්ත කුටුම්භ තම පුද්ගලික දියුණුවට බාධාවක් සේ සිතති. සල්ලාල ජීවිත ගතකරන විනෝදකාමී ගුප්ත පුද්ගලයෝ ද තනිකඩ ජීවිත ප්‍රිය කරති.
තනිකඩ ජීවිත පූජකයන්ට නම් ඉතාම වැඩදායක ය. විනිසුරුවරුන්ට හා මහේස්ත්‍රාත්වරුන්ට නම් එය කෙසේදැයි නොදනිමි. යුධ සෙබලුන් හට අවවාද කිරීමේදී සෙන්පතියන් විසින් බොහෝ විට ඔවුන්ගේ අඹු දරුවන් මතක් කර දෙන ආකාරය මම අසා ඇත්තෙමි.
අවිවාහකයෝ නිතරම විවාහකයන්ට වඩා කෲර ය. කර්කශ ය. එයට හේතුව ඔවුන්ට තම මුදු මොළොක් කම පරීක්ෂා කර බලන්නට ලැබෙන අවස්ථා ඉතාම දුර්ලභ නිසා ය. එහෙත් රණබිමේදී දාමරික වූ බොහෝ පුරුෂයෝ බොහෝ විට ඉතාම භක්තිමත් ස්වාමිපුරුෂයෝ වෙති. හෝමර්ගේ ‘ඔඩිසි’ (වීර කාව්‍යය) සඳහන් වන අන්දමට සුසිලිස් යනු හෙළනාව දිනාගැනීම පිණිස කළ මහා සංග්‍රාමයේ වීරයා විය. ඔහු ජය පැන් බොන්නට තම රටට පෙරළා එන ගමනේදී එක්තරා දිවයිනක අතරමං විය. මේ දිවයිනට අධිපති වූ කැලිප්සෝ දෙවඟනට අවැසි වූයේ ඔහු ව සදාතනිකව ඇය සමීපයේ තබාගන්නට ය. එහෙත්, “ඔබගේ දේවත්වයට වඩා මට මගේ බිරිඳ අගනේය” යැයි පැවසූ සුසිලිස් සිය ප්‍රියම්භිකාව වූ පෙනිලෝපා ම සොයා ආපසු ගියේය.
කෝමල භාර්යාවෝ තරුණ මිනිසුන්ගේ සුකොමළ ලාලිනියෝ වෙති. දෙගොඩහරි වියට පත්වූවන්ගේ සහායිකාවෝ වෙති. මහලු වියට පත්වූවන්ගේ හෙදියෝ වෙති. එනිසා විවාහ වීමට කාල සීමාවක් නැත. හැම කෙනෙක්ම පමා වී හෝ විවාහ විය යුතුය.!!
-ක්‍රිෂාන්ති රාජපක්ෂ
COMMENTS