දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අලි සබ්‍රිට එරෙහිව ‘මුල් පෙළේ හිමිවරු අත්සන් තැබූ’ ලිපිය මෙන්න
Homeප්‍රවෘත්ති

අලි සබ්‍රිට එරෙහිව ‘මුල් පෙළේ හිමිවරු අත්සන් තැබූ’ ලිපිය මෙන්න

PropellerAds

දෙමළ භාෂාව පිළිබඳව විශේෂ දැනුමක් ලබා තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සලකා පොලිස් දෙපාර්තමේන්තුව සඳහා පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතිඥයින් 150 දෙනෙ...

නලීන් බණ්ඩාර අගමැතිට එරෙහි වෙයි - වහාම අගමැතිට එරෙහි විමර්ශනයක් ඉල්ලයි
මධුෂ්ට අයත් වාහන දෙකක් කැලණියේ නිවසකින් හමු වෙයි
ප්‍රසිද්ධ බාලිකා පාසලක විදුහල්පතිනියක් අල්ලස් ගනිද්දී කොටු
දෙමළ භාෂාව පිළිබඳව විශේෂ දැනුමක් ලබා තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සලකා පොලිස් දෙපාර්තමේන්තුව සඳහා පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතිඥයින් 150 දෙනෙකු බඳවා ගැනීමට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා කටයුතු කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුලු ප්‍රධාන පෙළේ ස්වාමින් වහන්සේලාගේ අස්සනින් යුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කොට තිබෙනවා.

එම ලිපිය මෙසේයි.

අතිගරු ජනාධිපතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.

ජාතිවාදී පදනමින් පොලීසියට සහ අධිකරණයට බඳවා ගැනීමේ වරද පිළිබදව

ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීිතිඥ මොහොමඞ් අලි සබ්‍රි විසින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් කරන ලද ඉල්ලිමකට අනුව පොලිස් දෙපාර්තමේන්තුව සඳහා පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතිඥයින් 150 දෙනෙකු බඳවා ගැනීමටත්, මෙම නීිතිඥවරුන් දෙමළ භාෂාව පිළිබඳව විශේෂ දැනුමක් ලබා තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සලකා බැලීමටත් තීරණය කර තිබේ. අපේ රට පිළිබඳව හෝ ජනතාවගේ යහපත හා ආරක්ෂාව පිළිබඳව හෝ අබමල් රේණුවක තරමේ හෝ තැකීමක් හෝ දැනුමක් ඇති තැනැත්තෙකුටනම් මෙතරම් ආඥාන හා භයංකාර තීරණයක් කෙසේවත් ගත නොහැකි ය. මෙම තීරණයේ හරයට කිඳා බැස එහි අනාගත ප‍්‍රතිඵල කවරේද යන්න විශ්ලේෂණය කිරීමේ දී එය ඉතා සූක්ෂම ලෙස ගෙන තිබෙන අන්තවාදී මුස්ලිම් ව්‍යාප්තවාදයේ තවත් එක් පියවරක් පමණක් බව පැහැදිලිය.

මෙම සටහන මුස්ලිම් ජාතිකයින්ට එරෙහිව කරන්නක් නොව අහිංසක මුස්ලිම් ජනතාව බිල්ලට ගෙන තම පටු හා අන්තවාදී අරමුණු ඉෂ්ඨ කර ගැනීම සඳහා දේශපාලන බලය අවභාවිතා කරන බලලෝභී මුස්ලිම් දේඥපාලඥයින්ගේ ජනතාද්‍රෝහී කි‍්‍රයාවන්ට එරෙහිව කරන්නකි. එහි වින්දිතයින් වන්නේ මුස්ලිම් ජනතාව ය. ප‍්‍රතිලාභීන් වන්නේ එකී කූට මුස්ලිම් දේශපාලන නායකයින් ය.

ශී‍්‍ර ලංකාවේ ජන සංයුතිය සලකා බැලීමේ දී දෙමළ හා සිංහල යන භාෂා දෙකම ප‍්‍රගුණ කරන ලද සිංහල හෝ දෙමළ ජාතිකයින්ගේ සංඛ්‍යාවට වඩා මුස්ලිම් ජාතිකයින්ගේ සංඛ්‍යාව අධික බව යථාර්තයකි. නීතිඥ වෘත්තියේ යෙදෙන්නන් අතර එම වෙනස වඩාත් කැපී පෙනෙයි. එසේ නම් මෙම තීරණය කි‍්‍රයාත්මක වීමේ දී ප‍්‍රායෝගිකව සිදුවන්නේ බහුතර මුස්ලිම් ජාතිකයින් සංඛ්‍යාවක් පොලිස් පරීක්ෂකවරුන් ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගැනීමයි.

මුස්ලිම් දේශපාලඥයින්ගේ මෙම ව්‍යාප්තවාදී කුමන්ත‍්‍රණය මෑතක සිට දරුණු වී තිබේ. මුස්ලිම් දේශපාලඥයින් විෂයභාර අමාත්‍යධුර දරන අවධිවලදී ශී‍්‍ර ලංකා පාරිභෝගික අධිකාරියට හා ශි‍්‍ර ලංකා වරාය අධිකාරියට මුස්ලිම් ජාතිකයින්ව වැඩි වශයෙන් සේවයට බඳවා ගැනීම, අභිරහස් ලෙස මුස්ලිම් ජාතිකයන් අසාමාන්‍ය සංඛ්‍යාවක් හිිටි හැටියේම නීති විද්‍යාලයෙන් නීතිඥ වෘතිය සඳහා සුදුසුකම් ලැබීම, මුස්ලිම් ජාතිකයන් වැඩි සංඛ්‍යාවක් අධිකරණ තෝල්කයින් හා භාෂා පරිවර්තකයින් ලෙස බඳවා ගැනීම ඊට කදිම නිදසුන් ය. පොලිස් පරීක්ෂකවරුන් වශයෙන් වැඩි මුස්ලිම් ජාතික නීතිඥවරුන් පිරිසක් බඳවා ගැනිමේ යටි අරමුණ ඇතිව දෙමළ භාෂාව පිළිබඳ පූර්ව දැනීමක අවශ්‍යතාවය මතු කර ඇත්තේ ද එම කුමන්ත‍්‍රණයේ ම දිගුවක් ලෙසිනි.

මෙවැනි බඳවා ගැනීම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියෙන් ආරක්ෂා කර තිබෙන සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම ද උල්ලංඝනය කිරීමකි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව රැකියාවක් සඳහා බඳවා ගැනීම් සිදු කිරිමේ දී ජාතිය හෝ භාෂාව අනුව වෙනස් කොට සැලකීමක් සිදු නොකළ යුතුය. සිදුකළ හැකි එකම දෙය නම් එසේ බඳවා ගැනීමෙන් පසුව යම් භාෂාවක් පිළිබඳ ප‍්‍රමාණවත් දැනිමක් යම් කාලයක් තුළදී ලබා ගත යතු යැයි නියම කිරීම පමණි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 15 වන වගන්තියෙන් නියම කර තිබෙන සීමාවන්ට අනුව වාර්ගික හා ආගමික සහයෝගිතාවයට හෝ ජාතික ආරක්ෂාවට තර්ජනය වන ආකාරයට මූලික අයිතිවාසිකම් කි‍්‍රයාත්මක කළ නොහැකි ය. ඒ අනුව බලන කල අධිකරණ අමාත්‍යතුමා විසින් පෙර සඳහන් තීරණය ගෙන ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳවත් යම් දැනුමක් හෝ ගෞරවයක් හෝ නොමැතිව බව පැහැදිලිය. මෙවැනි තීරණ ගැනීම තුළින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 4 හා 7 උපලේඛනවල සඳහන් දිවුරුම ද ඛණ්ඩනය වන බව සිහි ගැන්විය යුතුමය.

සහරාන් ප‍්‍රහාරයෙන් පසුව මුස්ලිම් ආගමික ස්ථානවලින් සොයාගත් කඩු කිණිසි යනාදිය සිය ගණනක් සංවිධානාත්මකව සගවා තබාගන්නා ලද්දේ කුමන අරමුණක් ඇතිව කවුරුන්ගේ පාවිච්චියටදැයි තවමත් අනාවරණය කරගෙන නොමැත. එම ආයුධ එසේ සොයා නොගැනුනේ නම් ඒවා එකවර හෝ වෙන් වෙන් වශයෙන් හෝ දීප ව්‍යාප්තව සිය ගණනක් විසින් තවමත් අභිරහස්ව පවතින යම් අරමුණක් සඳහා පාවිච්චි කළ හැකිව තිබු. ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදී ත‍්‍රස්තයින් වන අයි.එස්.අයි.එස් සංවිධානය විසින් තම සාමාජිකයින් ව පුහුණු කර තිබෙන්නේ සාමාන්‍ය පුරවැසියන් ලෙස සමාජගතව සිට එකවර ලබා දෙන ආඥාවකට අනුව තමන් සිටින ස්ථානයේ සිට ප‍්‍රහාර එල්ල කිරීමටය. පසුගිය වසරේ දී ප‍්‍රංශයේ සිදුවූ අන්තවාදී ප‍්‍රහාරයන්ගෙන් ඒ බව සනාථ වුනි. සහරාන් ප‍්‍රහාරය පසුපස සිටි බවට සැක පිට නිරන්තරයෙන් අධිකරණයේ පෙනී සිටි මුස්ලිම් ජාතික නීිතිඥවරයෙකු තවමත් අත් අඩංගුවේ රඳවාගෙන සිටින බව ද අමතක නොකළ යුතුය. අන්තවාදීන්ගෙන් සැදුම්ලත් සංවිධානාත්මක කල්ලිවල මෙහෙයවීමෙන් පුරාවස්තු හා බුද්ධ ප‍්‍රතිමා විනාශ කිරීම යනාදී බෞද්ධ විරෝධී ත‍්‍රස්ත කි‍්‍රයා සිදු කිරීම ද අපි දුටිමු. මෙවැනි අනපේක්ෂිත වාතාවරණයක් තුළ අමනෝඥ තීරණ කි‍්‍රයාත්මක කිරීම මගින් අන්තවාදී ත‍්‍රස්ත කණ්ඩායම් වලට රාජ්‍ය ආයතනවල හා රාජ්‍ය ආරක්ෂක යාන්ත‍්‍රණයේ තීරකයින් ලෙස කටයුතු කිරීම සඳහා පහසු වන මාර්ග සෑදීම ජාතික ආරක්ෂාවට හා නීතියේ ආධිපත්‍යයට තර්ජනයකි.

එබැවින් අධිකරණ අමාත්‍යවරයාගේ මූලිකත්වයෙක් ගෙන තිබෙන පෙර සඳහන් ව්‍යවස්ථා විරෝධී හා ජනතා ද්‍රෝහී තීරණය කි‍්‍රයාත්මක නොකරන ලෙස මෙම රජය බලයට පත් කිරිම සඳහා කැපවූ ජනතාව නියෝජනය කරන හා එම ජනතාවට වගවීමට බැඳී සිටින අපි ඔබතුමාගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිමු.



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අලි සබ්‍රිට එරෙහිව ‘මුල් පෙළේ හිමිවරු අත්සන් තැබූ’ ලිපිය මෙන්න
අලි සබ්‍රිට එරෙහිව ‘මුල් පෙළේ හිමිවරු අත්සන් තැබූ’ ලිපිය මෙන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiGSrjHAcayeAt_gWpBKCwIDYkyRe4bWTkTrl72V7YaIUhvZh2qDv35bQjpv4ivQbQiwtV1hRPnJBmkQfGmvUyBc4ZZGgSfCLLk1anplDc6Xy4H8vVF39H8nRHFiKcgDVlwGnvYxDVRaH8/s320/gunawansha-himi.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiGSrjHAcayeAt_gWpBKCwIDYkyRe4bWTkTrl72V7YaIUhvZh2qDv35bQjpv4ivQbQiwtV1hRPnJBmkQfGmvUyBc4ZZGgSfCLLk1anplDc6Xy4H8vVF39H8nRHFiKcgDVlwGnvYxDVRaH8/s72-c/gunawansha-himi.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_516.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_516.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy