ඡායාරූප වාර්තාවන්ගෙන් හෙළිවන ආකාරයට සසිකලාට වායු සමනය කළ කාමර සපයා නැතත්, සාමාන්‍ය ඉඩකඩක් හා පහසුකම් සහිත කාමර 5 ක් වෙනම මුළුතැන්ගෙයක් බල...
ඡායාරූප වාර්තාවන්ගෙන් හෙළිවන ආකාරයට සසිකලාට වායු සමනය කළ කාමර සපයා නැතත්, සාමාන්‍ය ඉඩකඩක් හා පහසුකම් සහිත කාමර 5 ක් වෙනම මුළුතැන්ගෙයක් බලධාරීන් විසින් සපයා දී තිබේ. එයින් එක කාමරයක් සම්පූර්ණයෙන්ම පාවිච්චි වන්නේ ඇගේ යෝගා ව්‍යායාම කටයුතු සඳහා ය. මුළුතැන්ගෙය ඇය වෙනුවෙන් පමණක් ආහාර පිසීම සඳහා ය. ඉන්දියානු මාධ්‍ය සඳහන් කරන්නේ සසිකලා විසින් ඇගේ කෝටි ගණනක වත්කම් මගින් බැංගලෝර් මධ්‍යම බන්ධනාගාරය තරු පහේ හෝටලයක් බවට පත්කර ගනිමින් සිටින බවයි.
නිරන්තරයෙන් ඇගේ සුවදුක් විමසීමට පැමිණෙන අමුත්තන්ගෙන් ලැබෙන තෑගි භෝගද මෙම කාමරවල ගොඩගසා ඇති බව කියයි. එසේ පැමිණෙන අමුත්තන් අතර දැනට බලයේ සිටින තමිල්නාඩුවේ ඇමතිවරුද වෙති.
සසිකාගේ දූෂණ හෙළිකිරීමට මුල් වී කටයුතු කළ රූපා නමැති නිර්භීත පොලිස් නිලධාරියාට හට ද කර්ණාටක ආණ්ඩුව විසින් මේ වන විට ස්ථාන මාරුවක් ලබාදී ඇත.
-අමාලි ජයවීර
COMMENTS