වසර ගණනාවක් පුරාවට තමන්ගේ දහදිය හෙලා සරුකළ බිම් අද වන විට පැලි ඉරිතැලී වියලි ගොස්ය. හුදෙක් එය ස්වභාවධර්මයාගේ පලිගැනීමක් නොව මිනිසුන් විසි...
වසර ගණනාවක් පුරාවට තමන්ගේ දහදිය හෙලා සරුකළ බිම් අද වන විට පැලි ඉරිතැලී වියලි ගොස්ය. හුදෙක් එය ස්වභාවධර්මයාගේ පලිගැනීමක් නොව මිනිසුන් විසින් මිනිසුන්හටම කරගත් විපැත්තියක අනිටු ප්‍රති පලයකි. තවමත් මාධ්‍ය කදුකරයේ අහිංසක ගොවීන්ට තිබෙන එකම අශිර්වාදය වන්නේ ඉද හිට හෝ ලැබෙන වැසිදිය පමණි.
මහපොළවට ඔවුන් තරම් ආදරය කල තවත් පිරිසක් නැති තරම්ය. මන්ද පරම්පරා ගණනාවක ගොවිතැන් කල ඔවුන්ගේ ජීවිත සරුකලේ එම මහපොළව බැවිනි. නමුත් උමාඔය ව්‍යාපෘතිය ඒ සියල්ල වෙනස්කරමින් ඔවුන්ට අත්කළ ඉරණම ශෝකජනකය. සෑම තැනම නිල්දිය ගලාගිය තෙතබරිත මහපොලව සමග සරුසාර ජීවීතයක් ගත කල මේ අහිංසක ගොවීන්ට අද වනවිට කාෂ්ඨක පොලව සමග ගැටෙමින් ජීවිතය ගැට ගසා ගැනීමට සිදුව තිබේ.
බදුල්ල දිස්ත්‍රික්කයේ පල්ලපේරුව වසමේ හිල්ඔය ප්‍රදේශයේ හිල් ඔයට මායිම්ව වසර ගණනාවක සිට ගොවිතැන් කරන ආර් .ජී. ගුණපාල ද ඒ ඉරණමට ගොදුරු වූ ගොවියෙකි. පරම්පරවෙන් ගොවියෙකු වූ ගුණපාල අක්කර තුනක පමණ තම කුඹුරු ඉඩම අස්වද්දන ලද්දේ හිල් ඔය ඔස්සේ ගලා ගිය ජලය උපයෝගී කර ගෙනය. නමුත් උමා ඔයේ සාපයෙන් එහි ජලය සිදී ගොස් ඔහුගේ ගොවි බිම් ද ඉරි තැලී ගොස් ය .
'' අපි මුලින් මේකේ වගා කලේ වී. දැන් අවුරුදු දෙකක ඉදලා වතුර නැති නිසා මොකුත් වගා කරන්න විදියක් නෑ. අපි ගොවිතැන් කරලා තමයි ජීවත් උනේ. දැන් එක අපිට නැති ඒක වෙලා තියෙන්නේ. ඉදල හිටලා වහින වර්ෂාව බලාපොරොත්තුවෙන් තමයි පොලව කොටලා බෝංචි ටිකක් හරි වගා කලේ. නමුත් කාලයකින් වැස්සේ නැති නිසා ඒ වගාවත් වේලිලා ගිහින්. ඉස්සර අපි හැම දාම හොදට වගා කළා.''
''අපේ තාත්තලා අයියලා හැමෝම කලේ මේකම තමයි. නමුත් ඒ ගොවිතැන මේ උමාඔයත් එක්ක ඒක අපිට අහිමි උනා. බොන්න වතුරටික නැති උනා. කරන්න දෙයක් නෑ පුරුද්දට හැමදාම ඇවිල්ලා මේ පොලව කොටනවා. වැස්සොත් මොනවා හරි වගා කරන්න ''
''වතුර නැතිව ගොවි තැන පාලු උනාට අපිට වන්දි හම්බවුනේ එක සැරයයි. ඒක අපිට මදි මුලින් යල කන්නයේ. වී වගා කල මහා කන්නයේ අල වගා කරලා ලොකු මුදලක් හොයා ගත්තා .''
මහ පොලව සමග ගැටුණු ගුණපාලලා වැන්නවුන් සිය ගණනකගේ ජීවිත ද උමා ඔයේ සාපයට හසුව වියළී ගිය ගොවිබිම් සේම ඔවුන්ගේ වියලි ගොස්ය. කවදා හෝ වැසි වැහින තුරු සිටීමට ඔවුන්ට සිදුව තිබේ. ඔවුන්ගේ මෙන්ම දරුවන්ගේද ජීවිතයච රදා පවතින්නේ ඒ වැසි දිය තුල පමණි.
- රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
COMMENTS