දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සිසු දරුවන් පැහැරගෙන ගිය බවට හිටපු ඇමති ෆිලික්ස් ගෙන් සාක්ෂියක්.
Homeප්‍රවෘත්ති

සිසු දරුවන් පැහැරගෙන ගිය බවට හිටපු ඇමති ෆිලික්ස් ගෙන් සාක්ෂියක්.

PropellerAds

නාවික හමුදාවේ ඝාතක කල්ලියක් විසින් සිංහල දෙමළ මුස්ලිම් සිසු දරුවන් කප්පම් සඳහා පැහැරගෙන කප්පම් ලබාගෙන ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට තොරත...

මහින්ද දේශපාලන අනාගතය උකස් තියන්න යයි - අමාරු තීන්දු ගන්න සූදානම් බව කියයි
හිටපු ඇමති චම්පික රණවක කළ දේ ගැන සංදීප්ගේ පියා අධිකරණයේදී හෙළි කරයි
ගෑස් සංයුතිය වෙනස් කිරීම කුමන්ත‍්‍රණයක්.. නඩු දාන්න ගියාම ඇමතිලා දෙන්නා මගේ කට වැහුවා - තුෂාන් ගුණවර්ධන

නාවික හමුදාවේ ඝාතක කල්ලියක් විසින් සිංහල දෙමළ මුස්ලිම් සිසු දරුවන් කප්පම් සඳහා පැහැරගෙන කප්පම් ලබාගෙන ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු රැසක් අනාවරනවී ඇති බවත්, හිටපු අමාත්‍ය ෆිලික්ස් පෙරේරා මහතාගේ ලිපියක් මගින්ද එම කාරණය සනාථ වන බවත් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය.

ඝාතනය කරන ලද සිසුන්ගේ දෙමාපියන් විසින් ඊයේ (17) සංවිධානය කර තිබු මාධ්‍ය හමුවක දී ද ඊට අදාල කරුණු රැසක් අනාවරණය විය.

ඊට සහභාගී වූ එක් පියෙක් හිටපු හමුදා නිලධාරියෙකි. සිංහල ජාතිකයෙකි.

එක් දරුවෙකුගේ මවක් වූ සරෝජිනී නාගනාදන් මහත්මිය විවාහ වී ඇත්තේ සිංහල අයෙකු සමග ය. තම දරුවා නිදහස් කිරීමට රුපියල් කෝටියක් ඉල්ලූ බව කී ඇය ඒ සම්බන්ධයෙන් හිටපු ධීවර ඇමැති ෆීලික්ස් පෙරේරා මහතාට කී විට ෆීලික්ස් පෙරේරා මහතා දුරකථනයෙන් හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ අමතා දරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා සිටි බවද ඇය කීවා ය.

ෆීලික්ස් පෙරේරා මහතා ඒ සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිවරයාට නිකුත් කළ ලිපියක් ද ඇය මාධ්‍ය හමුවට ඉදිරිපත් කළා ය.

(එම ලිපිය මෙහි දැක්වේ)


මාධ්‍ය හමුවට එක්ව සිටි මවක් වූ ජෙනීෆා වීරසිංහ මහත්මිය කියා සිටියේ මේ පිලිබඳ නඩුවක් දැම්මේ 2009 දී බවයි.

එදා කොටි නොවූ ලමයි අද කොටි වන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ ඇය සත්‍ය වශයෙන්ම තමන්ගේ දරුවා කොටියෙක් නම් තමා මේ නඩුවෙන් ඉල්ලා අයින් වෙන බවද කීවා ය.

මෙම පැහැරගෙන යාම හා ඝාතනයන් සම්බන්ධයෙන් ප්‍රථමයෙන් පැමිණිලි කර ඇත්තේ හිටපු නාවික හමුදාපති වූ වසන්ත කරන්නාගොඩ මහතා විසිනි.

ඒ සම්බන්ධයෙන් 2009 දී කොටුව මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කරන ලද බී/732/2009 දරණ බී වාර්තාව සාක්කි දරයි.

එම මුල් පැමිණිල්ල කර ඇති වසන්ත කරන්නාගොඩ මහතා පවසා ඇත්තේ මෙම සිසුන් පැහැරගත් සිය ප්‍රධාන ආරක්ෂක නිලධාරියාව සිටි ලුතිනන් කමන්ඩර් සම්පත් මුණසිංහ (නේවි සම්පත්) එල්ටීටීඊට සමග සම්බන්ධදැයි සොයා බලන ලෙසයි.


එපමණක් නොව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ඉදිරියට ගෙන යන්නැයි එවක ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ද එවක රහස් පොලිසිය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතාට උපදෙස් දී තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සිසු දරුවන් පැහැරගෙන ගිය බවට හිටපු ඇමති ෆිලික්ස් ගෙන් සාක්ෂියක්.
සිසු දරුවන් පැහැරගෙන ගිය බවට හිටපු ඇමති ෆිලික්ස් ගෙන් සාක්ෂියක්.
http://ift.tt/2uxjkMa
https://i.ytimg.com/vi/8L364i3BmNU/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_785.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_785.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy