දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හිටපු ඇමති චම්පික රණවක කළ දේ ගැන සංදීප්ගේ පියා අධිකරණයේදී හෙළි කරයි
Homeප්‍රවෘත්ති

හිටපු ඇමති චම්පික රණවක කළ දේ ගැන සංදීප්ගේ පියා අධිකරණයේදී හෙළි කරයි

PropellerAds

රාජගිරියේ රිය අනතුරකින් තරුණයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සහ ඒ සම්බන්ධයෙන් බොරු සාක්ෂි ගෙතීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක...

විග්නේශ්වරන්ගේ මුලික විරෝධතා අධිකරණයෙන් ප්‍රතික්ෂේපයි
රැකියා විරහිත උපාධිධාරීන්ට පොලීසියෙන් කඳුළු ගෑස්
පොලිස් නිලධාරියාට පහරදීමේ සිද්ධිය : මන්ත්‍රී චමින්ද විජේසිරි අධිකරණයට භාරවෙයි
රාජගිරියේ රිය අනතුරකින් තරුණයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සහ ඒ සම්බන්ධයෙන් බොරු සාක්ෂි ගෙතීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ සාක්ෂි විමසීම ඊයේ (02) ආරම්භ කළා.

එම නඩුව විභාගයට නොගෙන නිශ්ප්‍රභ කරන ලෙස විත්තියේ නීතිඥයින් ඉදිරිපත් කළ මූලික විරෝධතා කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එහිදි අධිකරණය හමුවේ සාක්ෂි දුන්, අනතුරින් බරපතල තුවාල ලැබු සන්දීප් ගුණවර්ධන තරුණයාගේ පියා සඳහන් කළේ අනතුරින් පසු තම පුත්‍රයා සුවකර ගැනීමට උපකාර කරන ලෙස තමන් තෙවරක් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාගෙන් ඉල්ලා සිටියද ඔහු කිසිදු උපකාරයක් සිදු නොකළ බවය.

2016 පෙබරවාරි මස රාජගිරියේදී නොසැලකිළිමත් ලෙස රිය ධාවනයෙන් තරුණයෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධිය පිළිබඳව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව ගොනුකර තිබෙනවා.

ඒ බොරු සාක්ෂි ගෙතීම, සාක්ෂි අතුරුදන් කිරිම, අසත්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත්කිරිම ඇතුළු අධිචෝදනා 16ක් යටතේ එම නඩුව ගොනුකර තිබුණා.

අදාළ නඩුව පසුගිය 30 වනදා සලකා බැලුණු අවස්ථාවේ විත්තියේ නීතිඥයින් විසින් නඩුව විභාගයට නොගෙන නිශ්ප්‍රභ කරන ලෙස මූලික විරෝධයක් මතු කළ අතර පැමිණිල්ල වෙනුවෙන් ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අද ඊට අදාළ පිළිතුරු දේශනය සිදුකළා.

"ස්වාමීනි... යුක්තියේ දෙවඟනගේ දෑස් රෙදි කැබැල්ලකින් බැඳ තිබෙන බව ඔබ දන්නවා. එම රෙදි කැබැල්ල ගලවා තමන් දෙස යුක්තියේ දෙවඟනගේ බැල්ම ලබාගන්න ඇතැම් විත්තිකරුවන් උත්සාහ කරනවා. මෙයත් එවැනි නඩුවක්. මෙම නඩුව සාමාන්‍ය රථවාහන නඩුවක් ලෙස විත්තිය අධිකරණය හමුවේ හුවා දැක්වීමට උත්සාහ කරනවා. නමුත් මෙය හුදෙක් රථවාහන නඩුවක් නොවේ. මෙය යුක්තියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීමට ඉවහල් වන වැදගත් නඩුකරයක්."

එමෙන්ම මෙහිදි ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම නඩුවට මුල්වූ සිද්ධිමය කරුණු සම්බන්ධයෙන්ද පැහැදිලි කිරීමක් සිදුකළා.

"ස්වාමිනි, 2016 වසරේ පෙබරවාරි මස 28 වනදා මෙම නඩුවේ පළමු විත්තිකාර හිටපු අමාත්‍යවරයා අපරීක්ෂාකාරී ලෙස පැදවූ ජීප් රථයක් මෙම නඩුවේ පැමිණිලිකාර තරුණයා ගමන් කළ යතුරුපැදියේ ගැටෙනවා. එවිට අසල සිටි පුද්ගලයින් අනතුර සිදුකළ ජීප්රථය අසලට ගොස් එහි සිටි අව් කණ්නාඩියක් පැලදි පුද්ගලයාගෙන් හැඳුනුම්පත ඉල්ලා සිටිනවා. එවිට රථයේ සිටී පුද්ගලයා තමා ඇමතිවරයෙකු බව සඳහන් කර තිබෙනවා. ඉන් අනතුරුවයි මෙම නඩුවේ දෙවන විත්තිකරු තමා රථය පැදවු බව පිළිගනිමින් පොලීසියට ඉදිරිපත්වෙලා තියෙන්නේ. එබැවින් ස්වාමිනි මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් සිටින හිටපු අමාත්‍යවරයා හා හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා තමන්ගේ සමාජ,දේශපාලන හා නිල බලය උපයෝගි කර ගනිමින් සත්‍යය යටපත් කිරීමට උත්සාහ කර තිබෙනවා. එලෙස යටපත් කිරීමට උත්සාහ කළ සත්‍යය හෙළිදරව් කිරීම සඳහායි ස්වාමිනි මෙම නඩුව පැවරීමට පැමිණිල්ලට සිදුවුණේ," යැයි ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා. 

එහිදි කරුණු සලකා බැලු මහාධිකරණ විනිසුරුවරයා විත්තියේ නීතිඥයින්ට දැනුම්දුන්නේ අධිකරණය නොමඟ යවා ඇතැයි පෙනී යන අවස්ථාවක ඊට එරෙහිව නඩු පැවරීමට පැමිණිල්ලට හැකියාවක් ඇති බවය.

ඒ අනුව එවැනි එවැනි නඩුවක් විභාග කිරීමට අධිකරණයට ද බාධාවක් නොමැති බව පෙන්වා දුන් විනිසුරුවරයා විත්තියේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් නඩුව විභාගයට ගැනීමට නියෝග කළා.

අනතුරුව විත්තිකරුවන්ට විවෘත අධිකරණයේ දී අධිචෝදනා කියවා දෙනු ලැබු අතර විත්තිකරුවන් තමන් නිවැරදිකරු බව අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමෙන් පසු සාක්ෂි විභාගය ආරම්භ කෙරුණි.

එහිදි පළමුව අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන්නේ අනතුරට පත් තරුණයාගේ පියා වන දයානන්ද ගුණවර්ධන මහතාය.

" ස්වාමිනි, මේ සිද්ධියෙන් අනතුරට පත්වුණ 23 හැවිරිදි සන්දීප් සම්පත් ගුණවර්ධන කියන්නේ මගේ එකම පුතා. මේ අනතුරින් ඇතිවුණ බරපතළ තුවාල හේතුවෙන් මගේ පුතා මාසයක පමණ කාලයක් කොළඹ ජාතික රෝහලේත් පසුව මාස හතරකට වැඩි කාලයක් රාගම පුනරුත්ථාපන රෝහලේත් ප්‍රතිකාර ලැබුවා. ස්වාමීනි අදටත් මගේ පුතාට ඇවිදින්න බෑ. ඇගේ සමබර තාවයක් නැහැ. හරියට කතා කරන්නත් බැහැ. දොස්තරල කිව්වා තව අවුරුදු හතරක්වත් හොඳට ව්‍යායාම කළොත් සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයකට එන්න පුළුවන් කියලා. මායි බිරිඳයි තමයි දැන් පුතාව බලාගන්නේ."

මෙහිදි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මතුකළ ප්‍රශ්නයකට සාක්ෂිකරු මෙසේ පිළිතුරු දුන්නා,

" අනතුරෙන් පස්සේ මම තුන් වතාවක් පමණ විජේරාමේ පිහිටි එවකට ඇමති චම්පික රණවක මහතාගේ නිවසට ගොස් කිව්වා මගේ පුතා සනීප කරගන්න උදව් කරන්න කියලා. එහෙත් කිසිම උදව්වක් කළේ නැහැ. එක දවසක් මම චම්පික රණවක මහතාගෙන් ඉල්ලා සිටියා මගේ පුතා පිට රට යවලා හෝ සනීප කරලා දෙන්න කියලා. එතකොට ඇමැතිතුමා කිව්වා ඒවා දොස්තරලා බලාගනියි කියලා. තවත් දවසක මම ඇමතිතුමා හම්බවෙලා පුතා සනීප කරගන්න උදව් කරන්න කියලා කියපුවාම ඇමතිතුමා පිළිතුරක්වත් දුන්නේ නැහැ."

කෙසේ වෙතත් තමන් පත්ව සිටි අසරණභාවය පිළිබඳ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිඛිතව දැනුම් දුන් පසු ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබාදුන් බව සාක්ෂිකරු අධිකරණය හමුවේ කියා සිටියා.

එසේම තම පුත්‍රයා රෝහල්ගතව සිටි අවස්ථාවේදී විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන ඇතුළු මන්ත්‍රිවරු පස් දෙනකු පමණ රෝහලට පැමිණි බවත් එවිට තමන්ට දේශපාලනය කිරීමට අවශ්‍ය නොවන බවත් පුත්‍රයා සුව කර ගැනීමට පමණක් උදව් කරන ලෙසත් තමා එම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටී බව සාක්ෂිකරු පැවසුවා.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව තමන්ට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා අග්‍රාමාත්‍යවරයාට සහ ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දීමෙන් පසු මෙම නඩුවට අදාළ පරීක්ෂණ යළි ආරම්භ කෙරුනු බවද සාක්ෂිකරු අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම රිය අනතුර සිදුවන අවස්ථාවේදී තම පුත්‍රයාගේ මිතුරන් දෙදෙනෙකු එම ස්ථානයේ සිට ඇති අතර අනතුරු සිදුකළ ජීප් රථය පැදවුයේ ඇමති චම්පික රණවක මහතා බව ඔවුන් විසින් හඳුනාගෙන තිබූ බවය.

ඒ අනුව ඊයේ දිනයේ අනතුරට පත් තරුණයාගේ පියාගෙන් මුලික සාක්ෂි විමසීම අවසන් වූ අතර සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සඳහා නඩුව ජනවාරි මස 11 වනදා තෙක් කල් තැබිණි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හිටපු ඇමති චම්පික රණවක කළ දේ ගැන සංදීප්ගේ පියා අධිකරණයේදී හෙළි කරයි
හිටපු ඇමති චම්පික රණවක කළ දේ ගැන සංදීප්ගේ පියා අධිකරණයේදී හෙළි කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhP3FPOS-KxYpbgD5mymVmEZMGCj7NSYdMSeQp8no5g2auglCJOL6-9L6He1qZa5QVyKyEviKlBq8X233BXpHeACQgA-M1tFyCAdmTPxEY7Ca9cqquuzkeBAYP9Ci00O1GyBR7bL0tbecf2/w320-h168/champika.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhP3FPOS-KxYpbgD5mymVmEZMGCj7NSYdMSeQp8no5g2auglCJOL6-9L6He1qZa5QVyKyEviKlBq8X233BXpHeACQgA-M1tFyCAdmTPxEY7Ca9cqquuzkeBAYP9Ci00O1GyBR7bL0tbecf2/s72-w320-c-h168/champika.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/12/blog-post_74.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/12/blog-post_74.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy