කොළොන්නාව ආශ්‍රිතව ජීවත් වන බොහෝ දෙනා තෙල් සංකීර්ණයත් සමඟ බද්ධ වූ වක්‍ර රැකියා කරන අය බවත් තමන් ජීවිකාව ගෙන යන කර්මාන්තය බලහත්කාරයෙන් වසා...
කොළොන්නාව ආශ්‍රිතව ජීවත් වන බොහෝ දෙනා තෙල් සංකීර්ණයත් සමඟ බද්ධ වූ වක්‍ර රැකියා කරන අය බවත් තමන් ජීවිකාව ගෙන යන කර්මාන්තය බලහත්කාරයෙන් වසා ගෙන සිටින විට වේදනාවට පත්වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. එවැනි අවස්ථාවක් මෙවන් හැසිරීමක් සිදුවිය හැකි බවයි ඔහු කියා සිටියේ. කෙසේ වෙතත් එය සංවිධානාත්මක ප්‍රහාරයක් නොවන බව හෙතෙම පැවසුවේය. තෙල් සේවකයන්ට පොලු මුගුරු වලින් පහර දී තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතාට හිතවත් පිරිසක් බවට එල්ල වන චෝදනාවද නලීන් බණ්ඩාර මහතා ප්‍රතික්ෂේප කළේය.
හම්බන්තොට වරායේ පවතින තෙල් ටැංකි ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් තෙල් ටැංකි වන හෙයින් ඛනිජ තෙල් සංස්ථාවට කිසිදු අයිතියක් නොමැති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ. එලෙස අයිතියක් නොමැති තෙල් ටැංකි ගැන කතා කිරීමට ඇති අයිතිය කුමක්දැයි හෙතෙම ප්‍රශ්න කළේය. එම විරෝධතාවෙන් පැහැදිලිව පෙනෙන්නට ඇති කාරණයක් වන්නේ රජය අපහසුතාවට පත්කිරීමට උද්ඝෝෂණයක් කිරීම බව නලීන් බණ්ඩාර මහතා අවධාරණය කළේය.
රාජපක්ෂ පාලන සමයේදී විරුද්ධ නොවුණු කාරණා වලට දැන් විරුද්ධ වන්නේ වත්මන් ආණ්ඩුව ගෙන යන ආර්ථික වැඩපිළිවෙල පරාජයට පත්කිරීමේ වුවමනාවෙන් බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=ufVf03s0E_c&feature=youtu.be[/youtube]
..
COMMENTS