බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුගේත්” කේට් කුමරියගේත් පුත්‍රයා වන ජෝර්ජ් කුමරුගේ සුරතලය සහ දඟකාරකම එම ඡායාරූපයෙන් කදිමට පෙනේ. ලන්ඩන...
සිය උපන්දිනයට පෙර දින කිහිපයක් ජෝර්ජ් කුමරු වෙනුවෙන් පෝලන්තයේ සහ ජර්මනියේ නිවාඩුවක් ගත කරන්නට ද ඔහුගේ දෙමාපියන් වන කේම්බ්‍රිජ් හි ආදිපාද දෙපළ (විලියම් කුමරු සහ කේට් කුමරිය) අමතක කළේ නැත. මෙම ඡායාරූපය අතරවාරයේ ද සුරතල් ජෝර්ජ්ගේ විවිධ ඉරියව් ඡායාරූපයට හසුකර ගන්නට මාධ්‍යවේදීන් අමතක කළේ නැත.
සැප්තැම්බරයේ සිට ජෝර්ජ් කුමරු සිය පාසල් ගමන අරඹන්නට නියමිත ය.
මහා බ්‍රිතාන්‍යයේ නාම මාත්‍රික රජ පවුල වෙත පවතින ජනතා ආකර්ෂණය කිසි ලෙසකින් අඩුවී නොමැති බව ද මේ අතර බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.
-අමාලි ජයවීර
COMMENTS