සීගිරි කේබල් කාර් ව්‍යාපෘතියෙන් සීගිරි පර්වතයට කිසිදු හානියක් නොවන්නේ යැයි ද යෝජිත ගමන් මග වැටී ඇත්තේ උතුරු දොරටුවේ සිට සිංහ පාදය දක්වා පම...
සීගිරි කේබල් කාර් ව්‍යාපෘතියෙන් සීගිරි පර්වතයට කිසිදු හානියක් නොවන්නේ යැයි ද යෝජිත ගමන් මග වැටී ඇත්තේ උතුරු දොරටුවේ සිට සිංහ පාදය දක්වා පමණක් යැයි ද අදාළ ව්‍යාපෘති සැකසුමෙහි නිරත විදෙස් සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත ඩබ්ලිව්. සරත් පෙරේරා මහතා පැවැසීය.
අදාළ ව්‍යාපෘති යෝජනාව තවමත් සකසා අවසන් නැතැයි ද ප්‍රාදේශීය දේශපාලකයකු ඇතුළු පිරිසක් පැමිණ එම ස්ථානයේ කලබල කිරීම නිසා ව්‍යාපෘතියට අවශ්‍ය තොරතුරු රැස්කිරීම තාවකාලිකව නතර කළේ යැයි ද හෙතෙම කීය.
ව්‍යාපෘතියට ආයෝජනය කිරීමට සූදානම් වූ චීන සමාගම් නියෝජිතයන් අදාළ සිදුවීම නිසා දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි ද විදෙස් ආයෝජන කැඳවා ගැනීමේදී මෙවැනි සිදුවීම් නිසා රජය පවා දැඩි අපහසුතාවයට පත්වනු ඇතැයි ඔහු කීවේය.
සිදුවීම සම්බන්ධයෙන් විෂය බාර ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කරන්නේ යැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS