දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

සයිටම්, අයිටම් හෙවත් ඩෙංගු ඩබල් ඩොක්ටර් ගේ ෂාරියා නීතිය

ෆිෆ්ටි ෆිෆ්ටි සියේට පනහට එක ඇහැක් ඇර බැලූ පුඟුලාට සිංදු කියන ඩෙංගු මදුරුවා දුටු විට “ෆ්ලවර් එක ජම්ප් විය” (මල පැන්නේය). කියවන්නට උත්සාහ ක...

සයිටම්, අයිටම් හෙවත් ඩෙංගු ඩබල් ඩොක්ටර් ගේ ෂාරියා නීතිය

ෆිෆ්ටි ෆිෆ්ටි සියේට පනහට එක ඇහැක් ඇර බැලූ පුඟුලාට සිංදු කියන ඩෙංගු මදුරුවා දුටු විට “ෆ්ලවර් එක ජම්ප් විය” (මල පැන්නේය). කියවන්නට උත්සාහ කරමින් සිටි කුරානයත් මහාවංශයත් දෑතට ගෙන එල්ල කළා වූ ප්‍රහාරයෙන් සිංදුවත් සමගම මදුරු මරුවා චප්ප වී ගියේ ඒ ඝාතන තැතෙන් පුඟුල් දිවි ය බේරා ගනිමිනි. හොරෙන් රිංගා රහසින් විද පලා යන ගරිල්ලා ක්‍රමයේ ප්‍රහාරයේ යෙදුනු මදුරුවෝ උඩඟු අන්දමින් එලි පිට සයිටම් ගී කීම ආරම්භ කළේ සිංහලයන් වඳ කිරීමේ මදුරු සටන සාර්ථක ලෙස ඉටු කිරීමට දොස්තර සංගම් සහාය ලැබීම සහ ජීවත් වීමට ඇති අයිතිය සඳහා වූ මදුරු සංවිධානය පිහිටුවීමට කුරුටුගාමි පක්ෂය පෙරටුගාමී වීමත් සමගිනි.

මහාවංශ කවරයේ ඇලී චප්ප වී සිටිද්දීත්, “සයිටම් සටනට ජයවේවා!” කියමින් රණ හඬ නඟන පුඟුල් පහරට ලක් වූ මදුරු සහෝදරයා කියා සිටියේ තමන් මදුරු සංවිධානයේ කැඳවුම් කරු බවයි. “කොටි සංවිධානය හෝ මැලේරියා මදුරුවා මෙන් තම වර්ගයා සමුලඝාතනය කළ නොහැක්කේ; දේශපාලකයන්, මදුරු කොයිල් වෙළෙන්දන් මෙන්ම රජයේ වෛද්‍ය වෘත්තීය සමිතිය තමන් රැකීමට ශපථ කර ඇති නිසාවෙන්” යැයි ඔහු ප්‍රකාශ කරද්දී “සිංහලයන් වඳ කිරීමට කුමන්ත්‍රණ ... ?” ගැන විමසමින් අඬු ගලවා බටලන්ද ක්‍රමයේ සත්කාරයකට සුදානම් වෙමින් ඒකා වෙත ලංවත්ම “අතට අහුවෙන දෙවියන් අදහන්නවුන් අපිට සපෝට් ......ඒ හින්ද අපි ගලගොඩයට අනින්නේ නෑ කියල කාරක සභා තීන්දුවක් අරගන යි ඉන්නේ”.... කියමින් මදුරුවා අවසන් ගමන් ගියේය. සයිටම් සටන, අලුත්ගමින් ඇරැඹී යෝනක සංහාර සටන, ඩෙංගු වසංගතය යන සියල්ල එකම කුමන්ත්‍රණය බව වැටහුණේ මෙවිටය.

හරි හමන් සිස්ටම් එකක් නැති රටේ සයිටම් එකත් අයිටම් එකක් වී තට්ටම් මට්ටම් වන තත්වයට පත් ව ඇත. කම්කරුවො වර්ජනය කළහොත් රැකියාවත් දරුමල්ලන් ගේ බත් පතත් අහිමිවෙයි. සයිටම් අර්බුදය හේතුවෙන් රජයේ සේවය වර්ජනය කර සිටින දොස්තර ලා ඒ වෙලාවත් අල්ලා ගෙන චැනල් ප්‍රැක්ටිස් කර මඩිය තරකර ගනිති. වර්ජනයෙන් ආර්ථික වාසි ලබන දොස්තරලා වර්ජනයට කැමති වීම අරුමයක් නොවන්නේ එහෙයිනි. ඩෙංගු මදුරුවෝ කැකුණ තලන ඌරන් මෙන් ලෙඩ දාද්දී දොස්ත හොර හබන් කුකුලන්ට රජ මගුල්ය.
දුෂිත දොස්තරාට චැනල් අල්ලස් දී ලෙඩ බලවා ගන්නට කාසි තිබෙන්නෝ දිවි ගලවා ගනිති. සෙස්සෝ පස්යටය. මෙලෙස අසරණ රෝගීන් ගෙන්
ගන්නා ලක්‍ෂ ගණනක අල්ලස් ගණන් කර දොස්තර වරු හරි හැටි ආදායම් බදු ගෙවන්නේ නම් තවත් වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවීමට ඒ මුදල ප්‍රමාණවත් බවට කිසිදු සැක නැත.

වසංගත, දොස්තහොරුනට වාසිදායකය. ඒත් ඔවුනගේ ඉරණම පිළිබඳ (සිරිලක පහලවූ ට්‍රොට්ස්කිවාදීන් අතරින් ගෞරවාන්විත පඬි රුවන - මහාචාර්ය ගම්ලතුන් විසින් විවරිත) ඉපැරණි උපදේශ කාව්‍ය සංග්‍රහයක් වන ප්‍රත්‍යය ශතකය මෙසේ කියයි.
ප්‍රථමේ දේව ශක්‍රස්තු
මධ්‍යමේ නරදෘග් භවේත්
අන්ත්‍යමේ යක්ෂ රක්ෂස්තු
වෛදයාචාර්යාස්තු යාචක

ලෙඩාට පළමුවෙන් වෙදැදුරු පෙනෙන්නේ දෙවියකු ලෙසිනි. ලෙඩ භාගයක් සුවවූ කළ මනුෂ්‍යයකු මෙන් පෙනේ. ලෙඩේ වැඩි හරියක් සුව වූ කල යක්ෂ රාක්ෂයකු මෙන් පෙනේ. රෝගය සම්පුර්ණයෙන් ම සුවවූ කල ලෙඩින් සිටියහු ට වෙදැදුරු යාචකයෙක් මෙන් පෙනේ.
ඒත් යාචකයෝ මහජන මුදල් හොරා කන තක්කඩි හොරුන් නොවේ. වර්ජන කර මුදල් ගසා කන දොස්ත හොරු සිදු කරන්නේ, කුඩා ළමුන් ගේ මාරු සල්ලි ගසා කන කොන්දොස්තරලාටත් වඩා අන්ත ජඩ වැඩකි.

බස් කොන්දොස්තරලාත්, වතුකොන්දොස්තරලාත් දොස්තර වුවත් ඉංග්‍රීසි බසින් ඩොක්ටර්ලා දෙවර්ගයක් පිළිබඳව සඳහන් වේ. මෙයින් එක් වර්ගයක් වර්ජන නොකරන විට ලෙඩුන් බලන්නන් වන අතර අනෙක් වර්ගය අතරින් බොහොමයක් සුව කළ නොහැකි ලෙඩ්ඩු ලෙස හැඳින්විය හැකි ආචාර්ය උපාධි හොබවනවුන්ය.

රඟපාන්නට බැරි නළුවන්, පාරාජිකා දේශපාලකයන් සහ මුදලාලිලාටත් පසුගිය කාලයේ ආචාර්ය උපාධි විකුණුවේ ද කටු දොස්තරවරයෙකි. මීට අමතරව ආචාර්ය උපාධි දෙකක් ලැබූ ඩබල් ඩොක්ටර්ලාද ජාතියේ පිනින් ඉඳ හිට පහලවේ. ඉස්සර ඇන්. ඇම්.පෙරේරා ය. දැන් විජේ රාජ ඇමැති තුමාය. 1818 දී සිංහලයන් රවටා, සිවුරු හැර ආ විල්භාවේ රජ කරවන්නට ගොස් හිස අහිමි කරගත් කැප්පැටිපොල දිසාවේ ද්‍රෝහී ලැයිස්තුවෙන් මුදවාගත්තේද මෙතුමාය. අන්තිමේ විල්භාවේ ඉංග්‍රීසි ආණ්ඩුවට පාවාදුන්නේ සිංහල බෞද්ධ භික්ෂුවක් බව රාජපක්ෂ ඇමැති තුමා දන්නේදැයි නොදනිමු.

නුතන කැරැල්ලේ කරුණා අම්මාන් මෙන් 1818 කැරැල්ල ආරම්භයේ කැප්පැටිපොල දිසාවේ හිටියේ ඉංග්‍රීසින්ගේ පැත්තේ ය. සිංහල පැත්තට ආවේ පහුවෙලාය. දැන් ජාතියේ මුර දේවතාවා වී සිටින විජේ උතුමා නමින් රාජපක්ෂ වුවත් මහා රජු අතහැර යහපාලිත ලාගේ පැත්තට පැමිණ සිටියේ කලින්මය.

අපේ අධිකරණ අමාත්‍යංශයට අනුව බෞද්ධ භික්ෂුන්ට රටේ නීතිය බලපාන්නේ නැති බව කියවෙනු අසන්නට ලැබුණි. ඉතිං ඩබල් ඩොක්ටර් තුමෝ, ඉස්ලාම් ලබ්ධිකයනට ෂාරියා නීතිය පිළිපැදීමට ඉඩ දීමේ වරද කිම?

ඩෙංගු මදුරුවෙක් ජෑම් බෝතලයක දමාගන යහ පාලනයේ නායකයා සොයා යමින් සිටියදී පැට්‍රොල් නැතුව මග අතරමංවූ පකට පුඟුලා අහුලාගත් නැට්ට නැති කොලයක ලියා තිබූ දේ ඇසුරිනි.

මුහුණු පොතේ දැලි ගාන වැඩ හෙවත් සක්කරයාට අල්ලන පන්දමේ අන්දර ය

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28553,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සයිටම්, අයිටම් හෙවත් ඩෙංගු ඩබල් ඩොක්ටර් ගේ ෂාරියා නීතිය
සයිටම්, අයිටම් හෙවත් ඩෙංගු ඩබල් ඩොක්ටර් ගේ ෂාරියා නීතිය
http://ift.tt/2eQoOvs
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_728.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_728.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy