දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගමේ කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ග්‍රීස් යකා සොයන්න ගිහින් ළිඳේ වැටී මැරුණ අජිත්
Homeගොසිප්

ගමේ කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ග්‍රීස් යකා සොයන්න ගිහින් ළිඳේ වැටී මැරුණ අජිත්

PropellerAds

ඉකුත් ඉරු දින බණ ගෙදරකට සහභාගි වී සිටි වල්පිට පදිංචි 24 හැවිරිදි අමිත් ප්‍රියංකර තවත් දෙදෙනකු සමඟ බණ ගෙදරින් පිටව ගියේ වල්පිට ගමේ සති දෙකක...

Gossip Lanka Events
නාඳුනන පුද්ගලයෙක් සිසුවෙකුගේ රුධිරය ගැනීම පිළිබඳ විමර්ශන
හැමෝටම දෙන්න මුදල් වෙන් කළත් ටැබ් දෙන්නේ තෝරගත් පාසල් වලට විතරලු
ඉකුත් ඉරු දින බණ ගෙදරකට සහභාගි වී සිටි වල්පිට පදිංචි 24 හැවිරිදි අමිත් ප්‍රියංකර තවත් දෙදෙනකු සමඟ බණ ගෙදරින් පිටව ගියේ වල්පිට ගමේ සති දෙකක් තිස්සේ සැරිසරන බව කියන ග්‍රීස් යකා කෙසේ හෝ අල්ලා ගැනීමේ අදහසිනි. ග්‍රීස් යකා අල්ලා ගැනීම කෙසේ වෙතත් තරුණ අමිත් ප්‍රියංකරට ජීවිතය අහිමි වී ඇත්තේ කොන්ක්‍රීට් ළිඳකට වැටීමේ හේතුවෙනි.

මේ පිළිබඳ  කළ විමසීමේදී ගම්වාසීන් පැවැසුවේ මේ ග්‍රීස් යකා පිළිබඳව පවතින භීතිකාව ඔවුන්ගේ ජන ජීවිත අඩාල කර ඇති බවයි. පිළිලයක් මෙන් පැතිරයන මේ භීතිකාව නිසා ගමේ ගැහැනුන් රාත්‍රියට එළියට බැසීමට දැඩි බියක් දක්වන බවත් ‍ෙදාර ජනෙල්වලට තට්ටු කිරීම් නිසා නින්දද අහිමි වී ඇති බවයි. භීතිකාව දරුණු ලෙසටම ජල්තර ප්‍රදේශය ගිලගෙන ඇති අතර ප්‍රදේශයේ ගැහැනුන්ට යම් යම් අතවරයන්ට මුහුණ පෑමට සිදුවී ඇත. බිය ගන්වා රන් භාණ්ඩ පැහැර ගැනීම් පවා සිදුව ඇති බව ගම්වාසීහු පවසති.

පොලිසියට යම් යම් අවස්ථාවල පැමිණිලි සිදු කළත් පොලිසියෙන් කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලබා නොදුන් බවත් ග්‍රීස් යකා අල්ලා පහර නොදී පොලිසියට භාර දෙන ලෙස පොලිසිය කියූ බවත් ගම්වැසියෝ කියා සිටිති. "කිරල්ලුන්ගේ කෑගැහිල්ලත් බල්ලන්ගේ බිරිල්ලත් සමඟ කවුරුන් හෝ රාත්‍රි කාලයේ ගම වටේ ඇවිදින බව අපිට දැනෙනවා. අපි සැක කරන්නෙත් වෙලෙන් ග්‍රීස් යකා ගමට ඇතුළු වෙනවා කියලා.

මොකද මීට කලින් ජල්තර, ග්‍රීස් යක්කු ගිය බවට සීසීටීවී සාධකත් හමුවුණා. ඉතින් වෙලෙන් එහා ජල්තර ගම (193 පාර) නිසා ඔවුන් වෙල දිගේ ඒමේ සම්භාවිතාව වැඩියි" ඔවුහු පවසති. සොයුරු අමිත්ගේ වෙන්ව යෑමෙන් ශෝකයට පත් ගම්වාසීන් මේ සිදුවීම පැහැදිලි කළේ මෙසේය.

චමන්ද මධුසංඛ මහතා,

අමිත් ප්‍රියංකර අපේ යාළුවෙක්. අමිතුයි තවත් දෙන්නෙකුයි ප්‍රජා ළිඳ පැත්තට ගිහින් තියෙනවා ග්‍රීස් යකා හොයන්න. අපි ගියේ පල්ලෙහා පැත්තට. මේ දවස්වලට රෑට අපිට තියෙන රාජකාරිය තමයි ග්‍රීස් යකා අල්ලන්න යන එක. අමිත් ස්ථීර රස්සාවක් කළේ නැහැ. අම්මයි අක්කයි විතරයි එයාට හිටියේ. අක්කත් විවාහ වෙලා නිසා ගෙදර හිටියේ අමිතුයි අමිත්ගෙ අම්මයි.

සුගත් මහතා,

අමිත්ගේ අම්මා හැම වෙලාවෙම අමිත් ගැන හොඳ හෙවිල්ලෙන් හිටියේ. එදත් ගෙදර එන්න පරක්කු වෙනකොට කෝල් කරලා තියෙනවා. එතකොට පාන්දර 1.30ට විතර ඇති. අමිත් ගෙදර එන්න පරක්කු වුණොත් එයා හොයාගෙන එන එක අමිත්ගේ අම්මාගේ පුරුද්දක් වුණත් එදා එයා එළියට බැස්සේ නැහැ. මේ භීතිකාවත් එක්ක. අමිතුයි අනෙක් දෙන්නයි ඉඳලා තියෙන්නේ මේ ප්‍රජා ළිඳ උඩ. ඒ ළිඳ උඩින් වහලා තියෙන්නේ. ඒත් වහපු කොන්ක්‍රීට් තට්ටුවේ කවුලු තුනක් තියෙනවා. ඉන් එක කවුළුවකින් තමයි අමිත් ළිඳට වැටුණේ. මේක අඩි 2යි 1 1/2ක විතර කවුළුවක්. අනෙක් දෙන්නා ෂීට් එකකින් ආවරණය කරලා තියෙන කවුලුවට දෙපැත්තෙන් ගියත් අමිත්ට අතපසුවීමකින් ෂීට් එක උඩ පය තබා තියෙනවා. ඔහු ෂීට් එක කඩාගෙන බිමට වැටුණේ ඒ වෙලාවේ. මේ ළිඳ අඩි 30ක් පමණ වෙනවා. වතුරත් අඩි 15ක් විතර. ආපසු ඇවිත් ගොඩට ගත්තේ පාන්දර 2.30ට විතර.

එම්. පී. නන්දපාල,

මම ඒ වෙලාවේ අමිත් මල්ලිව බේරගන්න ඒ ළිඳට පැන්නේ අතේ ලණුවක්වත් නැතිව, හිතට ආව ආවේගයට. දැන්නම් ඒ ගැන හිතාගන්නවත් බැහැ. පැන්න ගමන්ම මාව යට ගියා. මට අමිත් හොයාගන්න බැරි වුණා. දෙවැනි වතාවත් බැරි වුණා. තුන්වැනි වතාවෙ මම අමිත්වත් අරගෙන වතුර උඩට ආවා. මියගිය අමිත් ප්‍රියංකර තරුණයාගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය නවසිවායගම් මහතාගේ වෛද්‍ය පරීක්ෂණයට අනුව මෙම මරණය දියේ ගිලීම හේතුවෙන් ඇතිවූ ශ්වසන ආබාධයක් හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බවට හෝමාගම මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂක චින්තක උදය කුමාර මහතා නිගමනය කළේය.

(අනූෂා රාජපක්ෂ,පනාගොඩ - චම්පා ජීවන්තිහබරකඩ - එස්. ප්‍රියලාල් - ඡායාරූප - සරත් කුමාර)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගමේ කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ග්‍රීස් යකා සොයන්න ගිහින් ළිඳේ වැටී මැරුණ අජිත්
ගමේ කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ග්‍රීස් යකා සොයන්න ගිහින් ළිඳේ වැටී මැරුණ අජිත්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjt744SelPUsvkWR3lWE5uggT0TrpFcLuoTFV13cmJpA8tGYkiv8_pEQHup4d1nnA7fLKXjaaRfjMiE6zHEYkk437W6AJDQOOflT-SkqQGoMYn7n8cG_L5AqQ7JUvjZGMOBazKOJ2aSp3o/s1600/45.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjt744SelPUsvkWR3lWE5uggT0TrpFcLuoTFV13cmJpA8tGYkiv8_pEQHup4d1nnA7fLKXjaaRfjMiE6zHEYkk437W6AJDQOOflT-SkqQGoMYn7n8cG_L5AqQ7JUvjZGMOBazKOJ2aSp3o/s72-c/45.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_686.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_686.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy